විල්පත්තු මහා සංහාරයට එරෙහිව කොළඹදී විරෝධය !

විල්පත්තු මහා සංහාරයට එරෙහිව කොළඹදී විරෝධය !

සුවිශේෂී විල්ලු පද්ධතියකින් සමන්විත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මතු ආරක්ෂාව වෙනුවෙන් ඒ අවට ඇති පරිවාර වනාන්තර පද්ධතිය ද ජාතික වනෝද්‍යානයටම එක්කර ගැසට

“ජංගි හොරා” නිසා රටම කතා කල පුබුදු චතුරංග
අවුරුදු පහක දරුවෙක් නිසා බුකිය කැළඹෙයි.. ? – VIDEO
සුරූපි පොලිස් නිලධාරිනියක් කියා ලොවක් රැවටුණු සෙල්ෆිය

සුවිශේෂී විල්ලු පද්ධතියකින් සමන්විත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මතු ආරක්ෂාව වෙනුවෙන් ඒ අවට ඇති පරිවාර වනාන්තර පද්ධතිය ද ජාතික වනෝද්‍යානයටම එක්කර ගැසට් කරන ලෙස ජාතික පරිසර සංවිධාන එකමුතුවේ කැදවුම්කරු පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළහ.

උන්වහන්සේ මෙම ඉල්ලීම කෙළේ ජනාවාස පිහිටුවීම සඳහා විල්පත්තුව සංවේදී වනාන්තර පද්ධතිය එළිපෙහෙළි කිරීමට එරෙහිව ඊයේ (14දා) කොළඹ විහාරමහාදේවි උද්‍යානයෙන් ආරම්භ කළ විරෝධතා පා ගමනට පෙරාතුව පැවැති ජනහමුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීය.

විල්පත්තුව කියන්නේ ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ වටිනාකමක් ඇති වනෝද්‍යානයක්. මේ වනවිට එම වනෝද්‍යානය අවට ඇති පරිවාර වනාන්තරවලින් අක්කර තුන්දහසකටත් වඩා විශාල ප්‍රදේශයක් නව ජනපද පිහිටුවීම සඳහා රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ මඟ පෙන්වීම යටතේ කපා එළිකර දමලා. මේක දැවැන්ත පරිසර විනාශයක් සහගහන අපරාධයක්.

අපි මේ පරිසර විනාශය ගැන කතා කරනකොට ජාතිවාදී ලේබලය ගහලා අපට පහර දෙනවා. ගහකොළ සතා සිවුපාවුන්ට, අපි මේ ජීවත් වෙන පරිසරයට ජාතියක් තිබෙනවද? අපේ අනාගතය සුරක්ෂිත වන්නේ සොබාදහම ආරක්ෂා කර ගත්තොත් පමණයි. සොබාදහම ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම ජාති භේදය වැපිරීමක් වන්නේ කොහාමද? බදියුදීන් ඇමැතිවරයා තමයි ජාතිවාදී පදනමෙන් නව ජනපද පිහිටුවීම සඳහා අක්කර දහස් ගණනින් කැලෑව කපන්නේ.

අපි නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ සිදුකරන ලද මහා පරිසර විනාශයට අතදුන් බදියුදීන් ඇමැතිවරයාව අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ නඩු පවරන ලෙස.

විල්පත්තුව වන විනාශයේදී අද පරිසරය රැකීමට තිබෙන ආයතන නිහඬයි. ආණ්ඩුව නිහඬයි.
පරිසරය රකින බවට පෙරොන්දු දෙමින් බලය ලබාගත් පරිසර ඇමැති ජනාධිපතිවරයාත් නිහඬයි. අපි මේ විනාශය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක් භාර දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා විල්පත්තුව වන විනාශය නවත්වන්න කියලා ආණ්ඩුවට බල කිරීමටයි අපේ බලාපොරොත්තුව.

මෙහිදී සියලුම වෘත්තීය සමිති නියෝජනය කරමින් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ රුවන් පතිරණගේ මහතාද කතා කෙළේය.

ජන හමුවෙන් අනතුරුව කොළඹ නගර ශාලාව ඉදිරිපිට විහාරමහාදේවි උද්‍යානයෙන් ආරම්භ වූ විරෝධතා පා ගමන සන්දේශයක් භාර දෙමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ මූලස්ථාන කාර්යාලයට පැමිණි අතර පා ගමන සඳහා පරිසරවේදීන්, වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු එක් දහස් පන්සීයකට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close