The X Files ආයෙත් එනවා

The X Files ආයෙත් එනවා

ඔබ අසාවෙන් නැරඹු The X Files ටෙලි මාලාවේ නවතම මාලාව එළැඹෙන වසරේ දී එනම් 2018 අප්‍රේල් මස දී විකාශය කිරීමට නියමිත බව එහි නිෂ්පාදකයන් වන ෆොක්ස් සමාගම පව

මම සිනමාවට ගොඩක් ආසයි – නයනතාරා
මුහුදු රළෙන් විදුලිය නිපදවන දොස්තර මහතා
උතුරු කොරියාව නංගිට බලතල දෙයි

ඔබ අසාවෙන් නැරඹු The X Files ටෙලි මාලාවේ නවතම මාලාව එළැඹෙන වසරේ දී එනම් 2018 අප්‍රේල් මස දී විකාශය කිරීමට නියමිත බව එහි නිෂ්පාදකයන් වන ෆොක්ස් සමාගම පවසනවා.

එළැඹෙන වසරේදී අප අතරට පැමිණෙන 11 වැනි දිග හැරුම  සඳහා ඒජන්ට් මෝල්ඩර් වශයෙන් ඩේවිඩ් ඩකොව්නී ඒජන්ට් ස්කලී වශයෙන් ගිලියන් ඇන්ඩර්සන් සුපුරුදු පරිදි සිය රංගන දායකත්වය ලබා දේ.

පළමුවෙන්ම 1993 වසරේ විකාශය කිරීම ආරම්භ කළ The X Files ලොව පුරා අති මහත් ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් වුණා.

The X Files 2002 වසරේදී කතාමලාවන් 9 ක් සම්පුර්ණ වීමත් සමඟ නවතා දැමුවත් ඉන් වසර 14 කට පසු එනම් 2016 දී එහි 10 වැනි කතා මාලාව සමඟ ප්‍රේක්ෂක ආකර්ෂණය නැවත තමා සතු කරගැනීමට හැකි වුණා. නමුත් එම කතා මාලාවේ අඩංගු වුයේ කතාංග 6 ක් පමණි.

කෙසේ වෙතත් නවතම කතාමාලාවේ කතාංග 10 කින් යුතු බව නිෂ්පාදකයන් පවසා සිටි.

Gossip Lanka 9

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close