“අභාග්‍ය සම්පන්න කාලය ඉවරයි, හොද කාලේ ඉස්සරහට” රටම කතාවෙන සිදුවීමක් ගැන මහේලගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

“අභාග්‍ය සම්පන්න කාලය ඉවරයි, හොද කාලේ ඉස්සරහට” රටම කතාවෙන සිදුවීමක් ගැන මහේලගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පසුගිය කාලසීමාව එතරම් සුභදායක වූයේ නෑ. දිගින් දිගටම ලැබූ පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි කණ්ඩායමට පසුගිය සතිය නම් යම්කිසි සැනසිලිද

Apps විකුණා කෝටිපතියෙක් වූ ලංකාවේ දක්ෂ තරුණයා (PHOTOS)
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් යන්න බෑ කියද්දී – තිසර නවකයන් සමග ගමනට ලෑස්‌ති වෙයි
‘සමල්කා’ නිසා නංගි තවත් ජනප්‍රිය වෙලා – දිනක්ෂි

රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පසුගිය කාලසීමාව එතරම් සුභදායක වූයේ නෑ. දිගින් දිගටම ලැබූ පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි කණ්ඩායමට පසුගිය සතිය නම් යම්කිසි සැනසිලිදායක සතියක් වූණා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම සමග පැවැත්වෙන තුන්කෝන් තරගාවලියේ තරග දෙකක් පිට පිට ජය ගැනීමත් සමගයි, නායක ආන්ජලො මැතිවුස් ආබාධයට ලක්වීමත් සමග පත්වූ නව නායක දිනේෂ් චන්දිමාල් යටතේ කණ්ඩායම මෙම ජයග්‍රහන ලබා ගත්තා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අභාග්‍ය සම්පන්න සමය අවසන් වී තිබෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් විශාල සේවයක් සිදු කළ හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

අබුඩාබිහි පුවත්පතක් සාකච්ඡාවකට එක්වෙමින් මහේල ජයවර්ධන මේ බව කියා සිටින අතර චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වීමත්, ඇන්ජලෝ මැතිව්ස් නැවත වරක් සීමිත ඕවර කණ්ඩායමේ නායකයා වීමත් සම්බන්ධයෙන් තමන් ඉතා සතුටට පත්වන බව මහේල එහිදි පවසා තිබෙනවා.

මෙහිදි අදහස් දක්වන මහේල පවසා තිබෙන්නේ ,

“චන්දික ඉතාමත් හොඳ පුහුණුකරුවෙක්. එයා ක්‍රීඩාවේ තියෙන උපක්‍රම වගේම ඒවා තරගයකට යොදාගන්නේ කොහොමද කියන එකත් හොඳින් දන්නවා…. අනෙක එයා ශ්‍රී ලාංකිකයෙක්. එයා අපේ සංස්කෘතිය හඳුනනවා විතරක් නෙමේ මෙතන ඉන්න ක්‍රීඩකයන් හුඟ දෙනෙක්ව පුංචි කාලේ ඉඳන්ම දන්නවා”

“කණ්ඩායමේ පරිපාලන ගැටළු විසඳු පමණින් සියල්ලම වෙනස් වේ යයි හිතන්න නරකයි. මොකද අනෙක් දේවලුත් සෑහෙන දුරට කඩා වැටිලා තියෙන්නේ. ඒවත් නියමිත පරිදි වෙන්න ඕනේ….ඒ කියන්නේ තේරීම් කටයුතු වගේම එක එක්කෙනාගේ ඇඟිලි ගැහීම් නැතිව, පුහුණුකරුවාට නිදහසේ එයාගේ කාර්යය කරගන්න පුළුවන් වටපිටාවත් තියෙන්න ඕනේ. වැදගත්ම දේ ඒක තමයි”

“ඇත්තටම කියනවා නම් ක්‍රීඩකයන්ට වුණත් පසුගිය අවුරුදු දෙක ඇතුළේදී හරිම අමාරු තත්ත්වයක් තිබුණේ. එයාලට දොස් කියන්නත් අමාරුයි…මොකද ක්‍රීඩකයන් තේරීමේ ක්‍රමවේදය කිසි පිළිවෙලකට තිබුණ දෙයක් නෙමේ”

“මාස 16 ක් ඇතුළේ ක්‍රීඩකයන් 42 ක් හුවමාරු වෙනවා කියන්නේ එතැන කිසිම ස්ථාවර බවක් නෑ කියන එකයි..ඔබේ ක්‍රීඩකයන් ගැන විශ්වාසයක් තියෙනවා නම් ඔවුන්ට සාධාරණ කාලයක් දෙන්න ඕනේ..”

“අනෙක් අතට අන්තර්ජාතික තරග වලට සහභාගිවීමම ඉගෙන ගැනීමක්. දිගින් දිගටම ක්‍රීඩකයන් වෙනස් වෙන්න ගියාම එයින් ඔවුන්ට කිසිම ආකාරයේ ආත්ම විශ්වාසයක් ලැබෙන්නේ නෑ” යනුවෙනි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close