ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එක් වී ආණ්ඩුව කිරීමේ සූදානමක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එක් වී ආණ්ඩුව කිරීමේ සූදානමක්

එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට ඒකාබද්ද විපක්‍ෂය සූදානම් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිම

16 හැවිරිදි තරුණිය දූෂණය කළ සිව්දරු පියාට වසර 18 ක සිර දඬුවම් විනිසුරු ඉලංචෙලියන් නියම කරයි
මුතූ ඉමේෂා මව් පදවිය ලබයි…
රු. 20 ක්‌ දී 11 හැවිරිදි දරුවාට අතවර කළ ගුරු වෙස්‌ගත් නරුමයා

එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට ඒකාබද්ද විපක්‍ෂය සූදානම් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව මැතිවණයට තරඟ කිරීමට සූදානමක් නැති බවත් ජනතාව කියන්නේ කිසිසේත්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග නොකල යුතු ලෙස බවත් මන්ත‍්‍රිවරයා සඳහන් කරනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති සාකච්චාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියා.

නමුත් මැතිවණයට තරඟ කිරීමෙන් පසු සභාවන්හි බලය පිහිටුවීම සම්බන්දයෙන් යම් ගැටළුවක් ඇති වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය සමඟද එක්ව කටයුතු කිරීමට සූදානම් බවද කී මන්ත‍්‍රීවරයා එවන් පාලනයක් සඳහා කොන්දේසි පැනවෙනු ඇති බවද පවසනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවෙන් ඉවත් වී එන්නේ නම් ශ‍්‍රිලනිපය සමඟ සන්ධානගත වීමට සූදානම් බවයි.

එසේ නොවන්නේ නම් ස්ථිර වශයෙන්ම ඉදිරි මැතිවණයේදී ඒකාබද්ද විපක්‍ෂය තනිව තරඟ කරන බවද ඔහු සදහන් කළා.

ආණ්ඩුව සමඟ එක්ව සිටින මොකාට වුවද විපක්‍ෂ දේශපාලන වේදිකාවේදී තමන් බැන වදින බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළා.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0