ජනපති, අගමැති කියන දේ ගණන් ගන්න එපා…..ඡන්දෙන් පස්සේ බලන්නකෝ…..,

ජනපති, අගමැති කියන දේ ගණන් ගන්න එපා…..ඡන්දෙන් පස්සේ බලන්නකෝ…..,

මැතිවරණ සමයේදි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සිදු කරන කිසිදු ප්‍රකාශයක් වැදගත් ලෙස නොසැලකිය යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. මන්ත්

මූණු පොතේ පෙම්වතිය බලන්න ඇවිත් පෙම්වතා නිල්වලා ගඟට පනි
මේ චිත්‍රපටය බලද්දී අපිත් එක්ක හිටපු දසුන් අද අපි අතරේ නෑ – චූලක්ෂි
දිවුලපිටිය පොලිසිය දෙවෙනි බිල්ලත් ගනී

මැතිවරණ සමයේදි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සිදු කරන කිසිදු ප්‍රකාශයක් වැදගත් ලෙස නොසැලකිය යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කලේ බැදුම්කර කොමිෂන් නිර්දේශ පිළිබඳව විමර්ශනයට පත් තිලක් මාරපන කොමිසමේ නිර්දේශ පිළිබඳව මාධ්‍ය වෙත සිය අදහස් දක්වමිනි.

එහිදි මාධ්‍යවේදීන් විමසා සිටියේ එක්සත් ජාතික පක්ෂ උපනායක තනතුර සම්බන්ධයෙන් මාරපන නිර්දේශය පිළිබඳවය. එහිදි අදහස් දැක්වූ කරුණානායක මන්ත්‍රිවරයා,

“මේ ඡන්ද කාලේ කියන දේවල් ගණන් ගන්න ඕන නෑ. මොකද වෙන්නේ කියලා ඡන්දෙන් පස්සේ බලන්නකෝ. ජනාධිපති කියන ඒවත් අගමැතිදේවලත් ගණන් ගන්න එපා. ඡන්දෙන් පස්සේ බලන්නකෝ,” යනුවෙන් පවසා සිටියා.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close