මැගසින් බන්ධනාගාර සිරකරු සමඟ කාන්තාවක්‌ හිරගෙදර සිදු කළ විවාහය

මැගසින් බන්ධනාගාර සිරකරු සමඟ කාන්තාවක්‌ හිරගෙදර සිදු කළ විවාහය

බන්ධනාගාර ඉතිහාසයට නව සටහනක්‌ එක්‌ කරමින් දීර්ඝ කාලීන සිරදඬුවමක්‌ විඳිමින් සිටින රැඳවියකු හා ඔහුගේ පෙම්වතිය අතර විවාහය ඊයේ (7දා) මැගසින් බන්ධනාගාරයේදී

අභිශේකා, ෆේස්බුක් මඩ ප්‍රහාර වලට උත්තර දෙයි!
මගේ පුතාගෙ ගිණුමට සල්ලි දාලා මට මඩගහනවා – ගයාන්
බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වූ හතුරුසිංහ ශ්‍රී ලංකාවට

බන්ධනාගාර ඉතිහාසයට නව සටහනක්‌ එක්‌ කරමින් දීර්ඝ කාලීන සිරදඬුවමක්‌ විඳිමින් සිටින රැඳවියකු හා ඔහුගේ පෙම්වතිය අතර විවාහය ඊයේ (7දා) මැගසින් බන්ධනාගාරයේදී සිදු විය.

මංගල ඇඳුමින් සැරසී මැගසින් බන්ධනාගාරයේ කාර්යාලය තුළදී මෙලෙස විවාහ දිවියට ඇතුළත් වූයේ වසර 38 ක සිරදඬුවමක්‌ විඳිමින් සිටින සෙනරත් බන්දුල ලියනාරච්චි හා ඔහුගේ පෙම්වතිය වන ප්‍රීති එලින් ෂමිලා නමැති තරුණියයි.

බන්ධනාගාර කාර්යාලයේදී විවාහ රෙජිස්‌ට්‍රාර්වරයකු ඉදිරියේ සිදු කෙරුණු මෙම විවාහයේ සාක්‌ෂිකරුවන් ලෙස නීතිඥවරුන් දෙදෙනකු විසින් අත්සන් තබා ඇත.

මනාලියගේ පාර්ශ්වය බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස්‌වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ලැබුණු අවසරයෙන් මෙම විවාහය බන්ධනාගාරය තුළදී සිදු කර තිබේ.

විවාහයෙන් පසුව මනාලිය සිරගත සැමියාට සමුදී ඥාතීන් සමඟ බන්ධනාගාරයෙන් පිටව ගොස්‌ ඇති අතර මනාලයා නියම වී තිබෙන සිරදඬුවමට අනුව යළි සිර මැදිරිය වෙත ගොස්‌ ඇත.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close