“2020 නායකයා කවුද” පුවත නිවැරැදියි වගකීම බාර ගන්නවා

“2020 නායකයා කවුද” පුවත නිවැරැදියි වගකීම බාර ගන්නවා

"2020 නායකයා කවුද" යන සිරස්තලය යටතේ 2017.12.03 වැනිදා ඉරිදා "මව්බිම" පළවූ පුවතට අදාළ සියලුම තොරතුරු නිවැරැදි බවත්, ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම තමන් භාරගන

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්
ගබ්සාවීමේ අවදානම කල්තියා හඳුනාගත හැකි පරීක්ෂාවක්
මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන් මියයයි

“2020 නායකයා කවුද” යන සිරස්තලය යටතේ 2017.12.03 වැනිදා ඉරිදා “මව්බිම” පළවූ පුවතට අදාළ සියලුම තොරතුරු නිවැරැදි බවත්, ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය සඳහන් කරයි.

එම පුවත ගැන “මව්බිම”ට ලිඛිත කරුණු පැහැදිලි කිරීමක් කළ හපුආරච්චි මහාචාර්යවරිය මෙසේ සඳහන් කරයි.

“මා විසින් කළ සමීක්ෂණයේ නිවැරැදිතාව පිළිබඳ සම්පූර්ණ වගකීම මා භාරගන්නා අතර කිසිම දේශපාලකයකු හෝ පක්ෂයක් හුවා දැක්වීමට මට කිසිදු අවශ්‍යතාවක් නොමැත. මෙම සමීක්ෂණය කිසිවකුට සාවද්‍ය එකකැයිද කිව නොහැකිය. එහි පූර්ණ අයිතිය මා සතුය. මේ සමීක්ෂණය මා තවත් ශිෂ්‍යයකු සමඟ කළ මගේ පෞද්ගලික සමීක්ෂණයක් වන අතර මෙහි එන සියලු දත්ත රටේ ජනතාවගෙන් ලබාගත් ඒවාමය.”

එම සම්පූර්ණ නිවේදනය පාඨක ඔබගේ අවධානය පිණිස මෙසේ පළ කරමු.
දෙසැම්බර් 03 වැනි ඉරිදා දින “මව්බිම” පුවත්පතේ පළවූ මා විසින් කළ සමීක්ෂණය පිළිබඳව විවිධ කතා පැතිරී ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන්ද නිවැරදි කිරීමක් කර ඇත. ඒ පිළිබඳව මා විසින් පැවැසිය යුතු කරුණු මෙසේ ගොනුකළ හැකිය.

01. විශ්වවිද්‍යාලවල සෑම ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරුන්ට, ආචාර්යවරුන්ට හා මහාචාර්යවරුන්ට රජය විසින් වාර්ෂිකව පර්යේෂණ දීමනාවක් ගෙවනුයේ මෙවැනි පර්යේෂණ කිරීමටය. විශ්වවිද්‍යාලයක් යනු පර්යේෂණාගාරයක් මිස පාසල් පන්ති කාමරයක් නොවේ. එයින් කෙරිය යුතු ප්‍රධාන කාර්ය වනුයේ ඉගැන්වීමට අමතරව පර්යේෂණ කිරීමයි.

02. මා උගන්වන පාඨමාලා ඒකකයක් වනුයේ සන්නිවේදනය හා සංවර්ධනයයි. එහිදී ජනතා සහභාගිත්වය, දේශපාලන සංවර්ධනය යන සංරචක දෙක තිරසාර සංවර්ධනයේත් කොටස්ය. ඒ නිසා ජනතාවගේ දේශපාලන අවබෝධය රටක ඉදිරි ගමනට ඉතාම අවශ්‍ය කරුණකි. එහිදී ජනමතය සන්නිවේදනයේ මානව හා සමාජවිද්‍යාත්මක යන කරුණු සමඟ බද්ධ වී පවතී. ඒ නිසා වර්තමාන රජයේ සංවර්ධන වැඩපිළිවෙළ හා තිරසාර අරමුණු පිළිබඳව ජනතාව වෙත තොරතුරු නොයන්නේදැයි සොයා බැලීම මේ සමීක්ෂණයේ එක් අරමුණකි.

03. ජනතාවගේ ජනමතය වර්තමානයේ කෙසේ පවතීදැයි යන්න හා ඔවුන්ගේ දේශපාලන අවබෝධය හඳුනාගැනීම මෙන්ම රටේ නායකත්වය පිළිබඳ ඔවුන් දරන මතය හඳුනාගැනීම හා අනාගත නායකත්වය හඳුනාගැනීම පිණිසද මේ සමීක්ෂණය කරන ලදී.

04. සමීක්ෂණයක් කර ඒවා පළ කිරීමට මෙරට කිසිදු සඟරාවක් හෝ නොමැති නිසා අප ඒවා පළ කළ යුත්තේ මෙරට ප්‍රධාන පුවත්පත්වලය. සමීක්ෂණ තොරතුරු වාර්තා පළ කිරීමට මෙරට පුවත්පත් මැළිකමක්ද දක්වයි.

05. කෙසේ වෙතත් මේ සමීක්ෂණය මා තවත් ශිෂ්‍යයකු සමඟ කළ මගේ පෞද්ගලික සමීක්ෂණයක් වන අතර මෙහි එන සියලු දත්ත රටේ ජනතාවගෙන් ලබාගත් ඒවාමය. එහි නිවැරදිතාව පිළිබඳ සම්පූර්ණ වගකීම මා භාරගන්නා අතර කිසිම දේශපාලකයකු හෝ පක්ෂයක් හුවා දැක්වීමට මට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර මෙය කිසිවකුට සාවද්‍ය එකකැයි ද කිව නොහැකිය. එහි පූර්ණ අයිතිය මා සතුය.

පෙර පුවත
2020 නායකයා රටට ආදරය කරන ඒකාධිපතියෙක්

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close