දීපිකා පදුකෝන් සමගින් නිල් නිළි මියා මල්කොවා ඉන්දියාව ගිනි තියයි

දීපිකා පදුකෝන් සමගින් නිල් නිළි මියා මල්කොවා ඉන්දියාව ගිනි තියයි

සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ පද්මාවති චිත්‍රපටය මේ වන විට තිරගත වීම ආරම්භ කර ඇති අතර ඊට ඉන්දියාව පුරා දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව මම පිළිගන්නේ නැහැ – විග්නේශ්වරන්
හාර්ඩ්වෙයාර් එකකින් කියත් පටි තුනක් අරන් ගියා – ඒ දළ පූට්ටූවාගේ දළ කපාගන්න
අපි නැවත විවාහ වෙන්න ඩිවොස් වෙලා හිටියේ නෑ – අමායා

සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ පද්මාවති චිත්‍රපටය මේ වන විට තිරගත වීම ආරම්භ කර ඇති අතර ඊට ඉන්දියාව පුරා දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.

ඊට විරෝධය පළ කරමින් හින්දු අන්තවාදී කණ්ඩායම් වල ආධාරකරුවන් විසින් ගුජරාට් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණ විනාශ කරමින් රථ වාහන ගිනිබත් කරමින් ප්‍රචණ්ඩකාරී හැසිරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අන්තවාදී කණ්ඩායම් කියා සිටින්නේ ඉන්දීය පුරාවෘත්තයක් වන ‘පද්මාවතී’ නමින් හින්දු රැජිනගේ චරිතය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද චිත්‍රපටය ඉතිහාසය විකෘති කර ඇති බවයි.

මේ අතර අද තිරගත වීම ආරම්භ කිරිමට සැරසෙන ප්‍රවීණ ඉන්දියානු සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන රාම් ගෝපාල් වර්මාගේ නවතම චිත්‍රපටයද මතබේදයට තුඩු දී තිබෙනවා.

God, Sex and Truth ලෙස නම් කොට ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඇමරිකානු නිල් චිත්‍රපට නිළියක වන මියා මල්කොවාය.

කෙසේ වෙතත් සමාජ ක්‍රියාකාරීන්ගේ මෙන්ම කාන්තා සංවිධාන වලත් දැඩි විරෝධය මීට එල්ල වී තිබෙනවා.

එමෙන්ම මෙම චිත්‍රපටය තහනම් කරන ලෙසත්, රාම් ගෝපොල් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔවුන්ගේ ඉල්ලීම වී තිබෙනවා.

මෙම චිත්‍රපටය හරහා කාමුක දර්ශන හා ලිංගිකත්වය ප්‍රවර්ධනය කරන බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close