ගුරුවරයකුට වුවද මුහුණදීම අසීරු ගණිතය ප්‍රශ්න පත‍්‍රයක්, සිසුන්ට සාධාරණයක් කරන්න

ගුරුවරයකුට වුවද මුහුණදීම අසීරු ගණිතය ප්‍රශ්න පත‍්‍රයක්, සිසුන්ට සාධාරණයක් කරන්න

අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය හේතුවෙන් අසාධාරණයට පත්ව සිටින දූ දරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත යුතු බව හිටපු ජනාධි

නෝර්වුඩ් ඇඟලුම්හලට ආව භූතයාගේ ඇත්ත මෙන්න
ආන්දෝලනාත්මක “පද්මාවත්” බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලයි
හිමාලි ‘දෙවැනි ඉනිමේ’ ක්‍රිකට් ගහන පුතා ගැන කියයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය හේතුවෙන් අසාධාරණයට පත්ව සිටින දූ දරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ ඊයේ (21දා) දින අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශ්‍රාමික පිරිසක් හමු වූ අවස්ථාවේදීය.

ගණිතය ප්‍රශ්න පත්‍රය ඉතා සංකීර්ණ එකක් වූ නිසා දිඹුලාගල ප්‍රදේශයේ සිසුවකු සියදිවි හානි කර ගැනීම බරපතළ ඛේදවාචකයක් බවත් මෙවැනි තත්ත්වයක් ඇති වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ගණිතය ප්‍රශ්න පත්‍රය සංකීර්ණය වැඩි බව පවසමින් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ඊට මුහුණ දුන් දරුවන් ගුරුවරුන්ට ප්‍රකාශ කර තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් නියමිත කාලය අනුව ගුරුවරයකුට වුවද මෙම ගණිතය ප්‍රශ්න පත්‍රයට මුහුණදීම අසීරු වී ඇති බවටද තොරතුරු වාර්තා වන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close