හතුරුසිංහ කාමරය වෙනස් කළා – චන්දිමාල්

හතුරුසිංහ කාමරය වෙනස් කළා – චන්දිමාල්

කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගෙන් කණ්ඩායමට ලැබුණු විශ්වාසනීයත්වයත් ඔහුගේ ක්‍රමෝපායයන් වෙත තැබූ විශ්වාසයත් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක

ජනප්‍රියත්වය ලුහුබඳින ආසාවක් මට නැහැ – චාමර
විභාගය අසමත් දරුවන්ට බණින්න එපා
රහල් කාන්තාවකට පහර දුන්නේ ‘ශෘංගාරී’ නිසයි (වීඩියෝ)

කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගෙන් කණ්ඩායමට ලැබුණු විශ්වාසනීයත්වයත් ඔහුගේ ක්‍රමෝපායයන් වෙත තැබූ විශ්වාසයත් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාමරය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇතැයි ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කියයි. බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් තරගාවලිය ජයගැනීමෙන් පසුව ඊයේ (සෙනසුරාදා) සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී චන්දිමාල් එසේ කිීවේය.

 

“ඔහු ඉතාමත් හොඳ පුහුණුකරුවෙක්. ඒක අපි සියලු දෙනාම දන්නවා….එයා තමයි අපට විශ්වාසනීයත්වය දුන්නේ. අපි හැම දෙනාටම…. ඒ එක්කම ඔහුගේ ක්‍රමා්පායයන් ගැනත් අපි විශ්වාසය තිබ්බා…”

“මේ ජයග්‍රහණය පිටුපස තිබුණ ප්‍රධානම දේ ඒක තමයි.” යයි අවසන් තරගය ජයගැනීමෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී චන්දිමාල් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කාමරයේ මෑතකදී සිදුවූ එකම වෙනස්කම චන්දික හතුරුසිංහ මහතාගේ ආගමනයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ මෙන්ම පුහුණු සහාය කණ්ඩායමේ නිලධාරීහුද කලින් එහි සිටියෝ වෙති.

“පුහුණුකරුවා පිළිබඳව විශ්වාසය තබන්න පුළුවන් නම් හොඳ ප්‍රතිඵල ලැබේවි. අපි කළේ ඒකයි…..මේ ප්‍රතිඵලය ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවාගේත් මහන්සියේ ප්‍රතිඵලයක්” යයි චන්දිමාල් පෙන්වා දුන්නේය.

“අපේ කණ්ඩායම මෙතැනට ගෙනාවේ ඔහු තමයි. එහි ගෞරවය ඔහුටයි. ඒක අපේ කණ්ඩායමටත් විශේෂ මොහොතක්”

“අපට ඕනෑ කළේ මේක තමයි….තරගාවලිය ජයගන්න….අපි ඒ අවස්ථාව අත් දෙකින්ම අල්ලා ගත්තා. මේ වෙනකොට අපේ සතුට ගැන කියන්න වචන නෑ… විශේෂයෙන්ම පළමු තරග දෙක පරාජය වුණ ආකාරය දිහා බැලුවාම, මේ වගේ තරගාවලියකට නැවත එන්න හරිම අමාරුයි…ඒත් අපි ආවා” යයිද චන්දිමාල් පැවසීය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close