තිස් හත් වසරක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන සුපුරුදු පාපැදියෙන්ම ගෙදර ගිය නිලධාරියා

තිස් හත් වසරක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන සුපුරුදු පාපැදියෙන්ම ගෙදර ගිය නිලධාරියා

රාජ්‍ය සේවයට පිවිසෙන බොහෝ දෙනා සිය රාජකාරි තත්ත්වයෙන් ඉහළ මට්ටමකට පත් වූ පසු වාහනයක් මිලදීගෙන සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට උත්සාහ දරති. ඒ අතර

ලිංගිකත්වය ඉස්සර කරගෙන නිර්මාණ කරන්නේ තමන්ගේ හැකියාව ගැන තක්සේරුවක් නැති පිරිසක්.
දරුවෙක් ඉන්න ගැහැනියක් පස්සෙන් පිරිමි එන්නේ ආදරේට ‍නෙවෙයි
ජනපති, අගමැති කියන දේ ගණන් ගන්න එපා…..ඡන්දෙන් පස්සේ බලන්නකෝ…..,

රාජ්‍ය සේවයට පිවිසෙන බොහෝ දෙනා සිය රාජකාරි තත්ත්වයෙන් ඉහළ මට්ටමකට පත් වූ පසු වාහනයක් මිලදීගෙන සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට උත්සාහ දරති. ඒ අතර ලිපිකරුවකු ලෙස රාජ්‍ය සේවයට එක්වී පරිපාලන නිලධාරියකු ලෙස උසස්වීමක් ලබා විශ්‍රාම යන තෙක්ම සිය රාජකාරි ස්ථානයට පාපැදියෙන් ගිය ආදර්ශවත් රාජ්‍ය සේවකයකු පිළිබඳව අනුරාධපුර දිසාපති කාර්යාලයෙන් වාර්තා වේ. හෙතෙම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් (දිසාපති) කාර්යාලයේ පරිපාලන නිලධාරිව සිටි කරුණාරත්න මුදියන්සේලාගේ ගුණරත්න බණ්ඩා මහතාය. මේ ඔහුගේ ජීවිත කතාවයි.

ඓතිහාසික අනුරාධපුර පැරණි නගරයට නුදුරු කරඹෑගම ඔහුගේ උපන් ගම වේ. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ කටුකැලියාව විද්‍යාලයෙන්ය. එහිදී සා. පෙළ විභාගය සමත් වූ ගුණරත්න බණ්ඩා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් සාමාර්ථයක්ද හිමිකර ගත්තේය.
ඉන්පසු 1980 දී සාමාන්‍ය ලිපිකරුවකු ලෙස අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයට පත්වීමක් ලැබිණි.

ටික කලක් එහි සේවය කිරීමෙන් පසු 1986දී ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට මාරුවක් ලැබුණු අතර 1986 සිට 1988 දක්වා එහි සේවය කළ අතුරතුර ප්‍රධාන ලිපිකරු තනතුරද හිමිවිය.
1988 පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ ගුණරත්න බණ්ඩා මහතාට මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරුවක් ලැබී එහි මුදල් සහකාර ලෙස කටයුතු කළේය.

ඒ අතර 1991දී යළිත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකරු තනතුරට පත් හෙතෙම 2006දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු ලෙස පත්විය.
මේ අතර පරිපාලන සේවා විභාගයට පෙනී සිට ඉන් සමත් වීමෙන් පසු 2010 සිට 2017 දක්වා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ලෙස පත්වී කටයුතු කළේය.

මෙම කාලය තුළ ඔහු සේවය කර ඇත්තේ අනුරාධපුර නගරයේ පිහිටි රජයේ කාර්යාලවලය. රැකියාව ලද දිනයේ සිට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ 2017 දක්වාම ගුණරත්න බණ්ඩා මහතා රාජකාරියට පැමිණ ඇත්තේ පාපැදියෙනි.
ඔහු විවාහකය. බිරිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියකි. ඇය එම්. ජී. පොඩි මැණිකේ මහත්මියයි. ඇයද දැනට විශ්‍රාමිකය. මේ දෙපළට දරුවන් දෙදෙනෙකි. දියණිය උපාධිධාරි ගුරුවරියකි. පුතා යාපන විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකි.

ගුණරත්න බණ්ඩා මහතා සේවය කළ සෑම රජයේ කාර්යාලයකටම පෙරවරු 7.30 වන විට ගොස් සවස 7-8 වන තෙක්ම සේවය කර ඇත. ඔහු අතිකාල සේවය වඩා දෛනික රාජකාරි කටයුතු එදිනම අවසන් කිරීමට දවසේ අමතර පැය කිහිපයක් ස්වේච්ඡාවෙන්ම වැඩ කළ බව පවසයි.

හෙතෙම පවසනුයේ රාජකාරි ප්‍රශ්න ඔළුවේ තියාගෙන ගෙදර නොගිය බවය. සිත සැහැල්ලුවෙන් රාජකාරි කළ බවද ගුණරත්න බණ්ඩා මහතා පැවැසීය.
ඒ අතර ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කළ සමයේදී තමා හට එල්ල වූ දේශපාලන බලපෑම් මත රාජකාරි කටයුතු අවංකව කිරීමට නොහැකි තත්ත්වයක්් ඇතිවූ හෙයින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මාරුවක් ලබාගත් බවත් තම රාජකාරි කාලය තුළ සිදුවූ එම සිද්ධිය තම සිත පෑරීමකට ලක් කළ බවද ගුණරත්න බණ්ඩා මහතා පැවැසීය.
පසුගිය කාලයේ දිසාපතිවරු සිවු දෙනකු යටතේ සේවය කළ බව පැවසූ ගුණරත්න බණ්ඩා මහතා තමාට පැවරූ කුමන රාජකාරියක් වුවද අවංකව ඉටු කිරීම නිසා උසස් නිලධාරීන්ගේ හා සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ සහාය නොමඳව ලැබුණු බවද කෘතඥතාපූර්වකව සිහිපත් කළේය.

ඉකුත් කාලයේදී තමා හමුවට පැමිණි ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට හැකිවීම ගැන තමන්ට ඇත්තේ මහත් සතුටක් බවත් රාජකාරි කාලය තුළ කිසිම අයකු සමඟ ගැටුම්, ප්‍රශ්න ඇති කර ගැනීමට තමා නොපෙලඹුණු බවද ගුණරත්න බණ්ඩා මහත් ආඩම්බරයෙන් පැවැසීය. මේ නිහතමානී අල්පේච්ඡ රාජ්‍ය නිලධාරියා පවසන්නේ තම රාජකාරි සමය ගැන අද ඇත්තේ මහත් තෘප්තියක් බවය.

මේ ආදර්ශවත් රාජ්‍ය නිලධාරියා සැට (60) විය පිරී විශ්‍රාම ලබා දිස්ත්‍රික් කාර්යාලයෙන් නික්ම ගියේද සිය සුපුරුදු පාපැදියෙන්මය.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close