‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ.. ගහල එලවනව ඕන එකෙකුට..’

‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ.. ගහල එලවනව ඕන එකෙකුට..’

“මෙදා සැරේ රජයත් අපේ, පොලිසියත් අපේ ඕන කෙනෙකුට ගහලා එළවනවා” යනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් නායක සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්

මගේ ජනප්‍රියත්වයට වඩා බබාගේ සුරතල් වයස වටිනවා
බැදුම්කරේ ඇත්ත පාඩුව අන්තිම සතේට මෙන්න..
කිසිඳු සුනාමි අවදානමක් නැහැ

“මෙදා සැරේ රජයත් අපේ, පොලිසියත් අපේ ඕන කෙනෙකුට ගහලා එළවනවා” යනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් නායක සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග සඳහන් කරනවා.

ජා ඇල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“මේ සැරේ ආවොත් ගහලා එලවනවා ඕන එකෙකුට. මේ සැරේ රජයත් අපේ, පොලිසියත් අපේ ඒ නිසා කිසි බයක් හැකක් ඇති කර ගන්න ඕන නෑ. අපිට ඕන කරලා තියෙන්නේ ඔබතුමාලගේ වටිනා කතිරය විතරයි.

දැන් මෙතන ඉන්න ඔක්කෝටම හැදුනුම්පත් තියනවාද? නැත්නම් කියන්න. අපි අරන් දෙන්නම් එතකොට. දැන් හාල් එහෙම කීයද?…..150යි මගේ අම්මෝ රත්‍රන්ද?

පොල් ගෙඩියක් කීයද? 100යි. ඇයි එහෙම වෙලා තියෙන්නේ.

හාල් ගණන් ගියේ ඇයි? අපේ රටේ දැඩි නියගයක් අදත් පවතිනවා. රජය තීරණය කරලා තියනවා ඕනම නෙකුට පිටරට ඉදලා හාල් ගෙන්නන්න ඉඩ දෙනවා. ඊට පස්සේ මීට වඩා ලාබේට තව සුමානයක් යනකොට තමුන්නැහැලාට හාල් ලබා ගන්න පුළුවන් කම ලැබෙනවා.

මොකද පොල් වලට වෙලා තියෙන්නේ. පොල් ගස් තියනවා ගෙඩි නෑ. තියන ගෙඩිත් ඇබිතං විතර. දැන් පොලුත් පිටරටින් ගෙන්නන්න තීරණය කරලා තියනවා. එලවලුත් ගණන් ගිහිල්ලා තියනවා. කවදද ඔහෝම ගණන් ගියේ. ඒ නිසා එලවලුත් ගෙන්නන්න තීරණය කරලා තියනවා. කලබල වෙන්න එපා. ආණ්ඩුවට බනින්න එපා.” අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close