“මම අම්මා කෙනෙක් වුණා කියලා මගේ ඉස්සර තිබුණු ක්‍රම වෙනස් කරගෙන නැහැ’’

“මම අම්මා කෙනෙක් වුණා කියලා මගේ ඉස්සර තිබුණු ක්‍රම වෙනස් කරගෙන නැහැ’’

පුංචි තිරයේ වැඩිපුරම කියවන චරිතය තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. දගකාර කටකාර ලෝචනාගේ දගකාරකම් විවාහ වෙලා අම්මා කෙනෙක් වුණාට පස්සෙත් එහෙමම තියෙනවා. නිරන්තරයෙ

කොල්ලුපිටියේ හොර විදේශ අධ්‍යාපන ආයතනයක් – කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට
ෂාරුක් කාන් මානව හිමිකම් සම්මානයෙන් පිදුම් ලබයි
ප්‍රවීන වයලීන වාදක රුවන් වීරසේකර අභාවප්‍රාප්ත වෙයි

පුංචි තිරයේ වැඩිපුරම කියවන චරිතය තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. දගකාර කටකාර ලෝචනාගේ දගකාරකම් විවාහ වෙලා අම්මා කෙනෙක් වුණාට පස්සෙත් එහෙමම තියෙනවා. නිරන්තරයෙන්ම දකින්න නැතත් ඇය තවමත් ප්‍රේක්ෂකයින්ගේ හදවතේ ඉන්න රංගන ශිල්පිණියක්. ඒ නිසා ඇය ගැන අලුත් තොරතුරු හිරු ගොසිප් එක්ක කතා කරන්න අපි හිතුවා. මේ ඒ ගැනයි.

ලෝචනා මේ දවස්වල නිවාඩු පාඩුවේ ඉන්නවා වගේ නේද..?
ලොකුවට කාර්ය බහුල නැහැ. නිදහසේ ඉන්නවා. කලා වැඩකටයුතු කරගෙන. මම ළගදීම ව්‍යාපාර කටයුත්තක් පටන් ගන්න ඉන්නේ. මේ දවස්වල මගේ ජිවිතේ වැඩි කාලයක් ගෙවෙන්නේ ඒ වැඩකටයුත්ත එක්ක තමයි.

නිදහසේ ඉන්නේ රගපාන්න ආරාධනා ලැබෙන්නේ නැති නිසාද..?
එහෙම නැහැ. මට චිත්‍රපටි වලට වගේම ටෙලි නාට්‍යවලටත් ආරාධනා ලැබෙනවා. සමහර නිර්මාණ වලට කැමති වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම කැමති විදිහේ නිර්මාණ නෙමෙයි. ඒ නිසා කෙලින්ම කිව්වා මම කැමති නැහැ කියලා. නිර්මාණ හොදයි නම් භාර ගන්නවා.

අම්මා කෙනෙක් වුණත් තවම ලෝචනා ගත කරන්නේ සරළ ජිවිතයක් නේද..?
මම අම්මා කෙනෙක් වුණා කියලා මගේ ඉස්සර තිබුණු ක්‍රම වෙනස් කරගෙන නැහැ. කනබොන අදින පළදින විදිහ වගේම යාළුවෝ ආශ්‍රය කරන එක තනිකඩව හිටියා වගේම තමයි. එහෙම වුණා කියලා මම මගේ දරුවා සැමියා හෝ පවුල් ජීවිතය ගැන නොහිතා ඉන්නේ නැහැ. ඒ හැමදේමත් මගේ අතින් වෙනවා. නමුත් මට නම් ලොකුවට වගකීමක් දැනෙන්නේ නැහැ.

සැමියා පිටරට ඔබ හා දරුවා තව තැනක. පවුලේ හැමෝම එකට ඉන්න ඕන කියන හැගීම නැද්ද..?
අපේ පුතාගේ උපන්දිනය තිබුණේ ළගදි. ඒ උත්සවයට සැමියා ලංකාව ආවා. ඇවිත් ටික දවසක් හිටියා. මමත් සැමියා එක්ක ඉදලා ලංකාවට ආවේ මාස තුනකට විතර කලින්. ඒ නිසා මට නම් එයා අපි ළග නැහැ කියලා හිතෙන්නේ නැහැ. මගේ ළගට වෙලා එයා ඉන්න ඕන කියන හැගීමකුත් නැහැ. කොහොමත් මම නම් පිටරට ඉන්න කැමති නැහැ. මට නිදහසේ ලංකාවට වෙලා ඉන්න ඕන. බොහෝ දුරට එයා ලංකාවේ පදිංචියට එන්න ඉඩ තියෙනවා. මොකද බබා දැන් හරිම දගයි. කතා කරන්න උත්සහ කරනවා. ඒ දේවල් එක්ක හස්බන්ඩ්ගේ හිතත් තියෙන්නේ මෙහේ.

බබාගේ දගවැඩ එක්ක හිතෙන්නේ නැද්ද කසාදය ඉක්මණට කරගත්තේ අපරාදේ කියලා..?
කොහෙත්ම නැහැ. මම වෙලාවට කසාද බැන්දා. ඒ ගැන නම් කොහෙත්ම දුකක් නැහැ. බබා දගයි. හැමෝම අහනවා බබා කාගේද කියලා. එච්චරකට දගයි.මම වගේම දගයෙක් තමයි. නමුත් මම නැති වෙලාවට අම්මා එක්ක ඉන්නේ. මම ගෙදර ආ ගමන්ම මගේ ඇගට පනිනවා. කාගේ ආදරේ ලැබුණත් එයාට මාව නැතුව බැහැ. ඉස්සර නම් එයා ඕනෑම කෙනෙක් ළගට යනවා. ඒත් දැන් නම් එහෙම නැහැ.මම එයාගේ අම්මා කියලා දැනෙන නිසා මාව නිතරම ඕන.

බොහෝ ජනප්‍රිය චරිත වලට උයන පිහන වැඩ බැහැ. ලොචනාට උයන පිහන වැඩ පුළුවන්ද..?
මට නම් හොදට විතරක් නෙමෙයි රසට උයන්නත් පුළුවන්. නිදහසේ ඉන්න වෙලාවට ඒවාට උදව් කරනවා. මම හස්බන්ඩ් ඉන්න රටට යන දවස්වල එහෙදි උයන්නේ මමම තමයි. මම ගෙදර වැඩ වුණත් කරනවා. එහෙම බැරිකමක් නැහැ.

ලෝචනාව රූපවාහිණි තිරයෙන් දකිනකොට පුතා ප්‍රතිචාර දක්වනවද..?
බබා මාව අදුරගන්නවා ටී වී එකේ ඉන්නකොට. එතකොට අම්මම්මා අම්මම්මා කියලා මට කතා කරනවලු. මගේ ෆොටෝ එහෙම දකිනකොටත් එයා ප්‍රතිචාර දක්වනවා. ඉස්සරට වඩා දැන් එයාට මාව ඕන.

ලෝචනා වැඩිපුරම ඉන්නේ යාළුවෝ එක්ක නිසා සැමියාගෙන් නිදහසට වාරණ වැටෙනවත් ඇති..?
නැහැ. මම මොන දේ කරත් මට එයාට පවුලට හානියක් නොවන දේවල් කරන්නේ කියලා එයා දන්නවා. ඒ නිසා මට වාරණ දන්නේ නැහැ කිසිම දේකට. මට උපරිම නිදහස තියෙනවා හැමදේම කරන්න. මම මගේ සීමාව ඇතුළේ හැමදේම කරන්නේ. අපි විවාහ වෙලා දැන් අවුරුදු තුනක් වෙනවා. අපි හොදින් ඉන්නවා.

දැන් ලෝචනා රූපරචනා නිරුපනයෙන් ඉවත්වෙලාද ඉන්නේ..?
එහෙම විශේෂත්වයක් නැහැ. ඒ කාලේ ඉදලම ආරාධනා සෑහෙනට ලැබුණා. නමුත් දැන් නම් වීඩියෝ වලට යන්න බයයි. හරිම වෙනස් රූප රචනා නිර්මාණය වෙන නිසා.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close