ගැබ්බර කතට සහ සිඟිති දියණියට දළ පූට්ටුවාගෙන් අභය දානය ලැබුන හැටි

ගැබ්බර කතට සහ සිඟිති දියණියට දළ පූට්ටුවාගෙන් අභය දානය ලැබුන හැටි

එය 2016 වසරේ සිංහල අවුරුද්දට ආසන්න දිනයකි. එවක මගේ බිරිඳ අප දෙවන දරුවා ප්‍රසූත කිරීම පිණිස අටමස් ගැබිණියකව සිටියාය. එක්තරා අඳුරු සැන්දෑවක නිවසේ ආහාර ප

හිමාලි ‘දෙවැනි ඉනිමේ’ ක්‍රිකට් ගහන පුතා ගැන කියයි
පුත්තලම තනි දළයා හස්තියාත් වෙඩි තබා මරා දමයි
ඉරාජ්ගේ මියුසික් වීඩියෝව කලාකරුවන් පට්ට ගසයි

එය 2016 වසරේ සිංහල අවුරුද්දට ආසන්න දිනයකි. එවක මගේ බිරිඳ අප දෙවන දරුවා ප්‍රසූත කිරීම පිණිස අටමස් ගැබිණියකව සිටියාය. එක්තරා අඳුරු සැන්දෑවක නිවසේ ආහාර පිසීමට කම්මැළි බැවින් අපට ආසන්නතම ගල්ගමුව නගරයට ගොස් ආහාර ගනිමු යැයි බිරිඳ මට යෝජනා කළාය.

ඒ අනුව මම සියඹලන්ගමුවේ පිහිටි අප නිවසේ සිට බිරිඳ සහ එවක එකොළොස් හැවිරිදිව සිටි මගේ දියණියද කැටුව මා සතු ත්‍රිරෝද රථයෙන් සියඹලෑව පාර ඔස්සේ ගල්ගමුව නගරයට යාමට පිටත් වුණෙමි. අතරමගදී අප හිතවත් අසල්වැසියෙකු ද ගල්ගමුව දෙසට යමින් සිටි බැවින් අපි ඔහුද ත්‍රිරෝද රථයට නංවා ගතිමු.

සැන්දෑ ඇඳිරියත්, වැසි ඇඳිරියත් එකට සුසංයෝග වූ ඒ සැදෑවේ ත්‍රිරෝද රථය සියඹලාවට හැරෙන තැන පිහිටි වංගුව පසුකරනවාත් සමඟම මගේ ඉදිරි මාර්ගයේ සුදු පැහැති යමක් දිස් විය. එවිට මට දැක ගත හැකි වූයේ මාර්ගයේ අප ඉදිරියට එන දළ සහිත ඇතෙකි. ඒ අපට හොඳින් ‍හුරු පුරුදු දළ පූට්ටුවා නම් සද්දන්තයා බව එක්වරම මට සිහිපත් විය.

දැන් දළ පූට්ටුවා පැමිණෙනුයේ කෙලින්ම අපගේ ත්‍රිරෝද රථය ඉලක්ක කරගනිමිනි. ඒ මොහොතේ මට මගේ දියණිය සහ ගැබ්බර බිරිඳ සිහි විය.

ඒ අනුව මා හනික ත්‍රිරෝද රථයෙන් පිටතට පැන දිවීමට සැරසුණෙමි. ඒ දළ පූට්ටුවා ත්‍රිරෝද රථය අමතක කොට මා පසුපස එළවාවි යන විශ්වාසයෙනි.

නමුත් මා රථයෙන් පැන ගත් විගසම මගේ දියණිය ද රථයෙන් පිටතට පැන ගත්තාය. මට එක්වරම දෙවියන් සිහි විය. ඒ අතර මගේ බිරිඳ කෑ ගැසීමට වත් දිරියක් නොමැතිව ත්‍රිරෝද රථය තුළ නිසොල්මන්ව සිටියාය. දළ පූට්ටුවා ක්‍රමයෙන් රථයට සමීපවත්ම අන් කිරීමට කිසිවක් නොහැකි මගේ අසල්වැසියා සහ බිරිඳ ද රථයෙන් බැස ගත්තේ මරණ දඬුවමට නියම වූවන් ලෙසිනි.

දැන් අපට සැඟවීමට කිසිම තැනක් නැත. අඩුම ගණනේ අවට සැලකිය යුතු වන රොදක්වත් නැත. එනිසා අන්ත අසරණ බවට පත් වූ අපි කරකියා ගත හැකි අන් කිසිවක් නොමැතිව ත්‍රිරෝද රථයේ පිටුපසට මුවා වීමු. ඒ අප ඉදිරියට එන දළ පූට්ටුවා ත්‍රිරෝද රථය පපඩමක් සේ පොඩි කර දමා ඊළඟට අප වෙත යොමු වෙතැයි යන මර බියද සිතේ පුරවාගෙනය. එහෙත් තම සුපුරුදු සන්සුන් ගමනින් ඉදිරියට පැමිණි දළ පූට්ටුවා ත්‍රිරෝද රථය ඉදිරියට විත් මඳක් නිසොල්මන්ව සිට එයට හොඬවැලින් කුඩා කුඩා තට්ටුවක් දමා අප පිළිබඳ කිසිදු තැකීමකින් තොරව නැවත වනය දෙසට හැරුණි.

ඔහුගේ මෙම නික්ම යාම දුටු අපට හැඟුණේ අප සැම මරණයෙන් පිබිදුණු අයුරකි. ඔහු අපට එදා එලෙස අභයදානය නොදෙ‍න්නට මා සේම මගේ දියණිය ගැබ්බර බිරිඳ, මගේ මිතුරා සේම ඒ වන විට මෙලොවට එන්නට සැරසී සිටි ම‍ගේ සිඟිති පුතුගේ ද ජීවිත අහිමි වන්නට ඉඩ තිබිණි.

නොයෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියා කරන වන අලින් වන ඇතුන් ගැන අසා ඇති ඔබ දළ පූට්ටුවාගේ මෙම සුවිශේෂ ගති ගුණ මීට පෙර අසා නොතිබෙන්නට ඇත. නමුත් ඔහු ජීවත් වූ ප්‍රදේශවල ගැමියන් සතුව ඔහු සම්බන්ධ මෙවැනි අත්දැකීම් රැසක් තිබේ.

එම උදාර සත්වයා සතු ඒ උතුම් ගුණාංග සිහිපත් කරමින් ඒවාට කෘතවේදීත්වය පළකරනු වස් මෙම දෙසැම්බර් අට නවය යන දෙදින තුළ එම උතුම් සත්වයා වෙනුවෙන් මතක බණක් කියවා සාංගීක දානයක් දී පිං පැමිණ වීමට උස්ගල, සියඹලන්ගමුව ගම්වාසීන් වන අප ඇතුළුව සමස්ත ගල්ගමුව ප්‍රදේශවාසීහු මේ දිනවල කැපවී ක්‍රියා කරති. ඒ මින් පසු මෙවැනි බිහිසුණු කෘර සත්ව ඝාතන ඇතුළු වන අපරාධ දුරින් දුරු වේවා ය යන පැතුම පෙරදැරි කරගත් දේව කන්නලව්වක් ද කරමිනි.

ක්‍රිෂාන්ත ප්‍රසාද් නන්දසේන ගල්ගමුව

හාර්ඩ්වෙයාර් එකකින් කියත් පටි තුනක් අරන් ගියා – ඒ දළ පූට්ටූවාගේ දළ කපාගන්න
කුඩා දරුවකු හඬනවා ඇසුණොත් ඉක්‌මනින් එම ස්‌ථානයෙන් ඉවත් වෙනවා…

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 2
  • comment-avatar
    Brave Heart 6 days

    Wedak nahe ban,maaara dukak hithata enne. Issara un wagema mama unath gema denne nikarue mata gema dunna wagema gema illana unta. Me thejawatha udara usau satha thamunge aseemetha anabhibhawaneey shakthiya noyodha minissunta adharaya karunawa dayawa awihinsawa dayadha karanakota utath antha wal balu kalakanni musala napunsaka ponnayo sulu pirisak uwa marala damma.

  • comment-avatar
    Lahiru madushan 6 days

    Wenna thiyena hemadema unata psse katha krla wedak na e gena,,wenna kalin godaak hthanna thiuna,,padiya balgena rajakariya wagakimkin thorwa krpu wanajivi eke un thmai okta waga kiyn ona,,e satha bhoma krunawantha sathek,,ada kale minissunta nathi guna e sathata thibila,,

  • DISQUS: 0