පිටරට නළුවන්ට ආදරේ කරනවා වගේ අපිටත් ඒ තැනට යන්න පුළුවන්

පිටරට නළුවන්ට ආදරේ කරනවා වගේ අපිටත් ඒ තැනට යන්න පුළුවන්

මේ දවස්වල විකාශනය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය පවු‍ලේ නාට්‍යයක් බවට පත්වෙලයි තියෙන්නේ. එහෙම පවු‍ලේ නාට්‍යයක් වුණු දෙවැනි ඉනිමේ ‘මයික්’ පවු‍ලේ චරිතයක් බ

“අගමැති ඉල්ලා අස්වෙනවානම්, මාත් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි” – ඌව මහඇමතිගෙන් කොන්දේසියක්
මම සීයයට සියක්ම නිවැරදි නොවෙන්න පුළුවන්.
මූද හත්ගව්වක් තියාගෙන අමුඩෙ ගහන්න හොඳ නෑ – යුරේනි

මේ දවස්වල විකාශනය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය පවු‍ලේ නාට්‍යයක් බවට පත්වෙලයි තියෙන්නේ. එහෙම පවු‍ලේ නාට්‍යයක් වුණු දෙවැනි ඉනිමේ ‘මයික්’ පවු‍ලේ චරිතයක් බවට පත්වෙලා කීවොත් හරි. ඉතින් මේ මයික් ඔබට, අපිට රංගනය, නිවේදනය හරහා නිතර හමුවන දෙනුවන් සේනාධි.

මොනවද කලා ජීවිතේ අලුත් තොරතුරු?
මේ වෙනකොට ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත්වෙලා තියෙන දෙවැනි ඉනිමේ මයික්ගේ චරිතයට මේ දිනවල රඟපානවා. ඊට අමතරව සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවා තමයි කලා ජීවිතේ කියන්න තියෙන අලුත් තොරතුරු.

එතකොට පෞද්ගලික ජීවිතේ අලුත් තොරතුරු?
පෞද්ගලික ජීවිතේ අලුත් තොරතුරු කීවාම ඉතින් ඉතා හොඳින්, ඒ වගේම සතුටින් ජීවිතේ ගත කරනවා.

දෙවැනි ඉනිමේ ‘මයික්ට’ ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි. ක්ෂේත්‍රයට ඇවිල් ටෙලි නාට්‍ය ගණනාවක මම රඟපාලා තියෙනවා. හරිම සුළු මට්ටමෙන් චරිත තෝරාගෙන රංගනය පටන් ගත්ත කෙනෙක් මම. අද වෙනකොට ලංකාවේ ජනප්‍රිය නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන් අතරට යන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් දෙවැනි ඉනිම කියන්නේ මගේ රංගන ජීවිතේ එක සාර්ථක ඉනිමක්. දෙරණ සභාපතිතුමා ඇතුළු ටීවී දෙරණ කණ්ඩායමටත්, අපේ දෙවැනි ඉනිම කණ්ඩායමටත් මම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම චබි මගේ සහායකයා මේ හැමෝම මයික් චරිතය ගොඩනැගෙන්න ලොකු සහයෝගයක්.

හැමදාම හාස්‍ය චරිත තුළින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නද බලා‍පොරොත්තු වෙන්නේ?
නිර්මාණයක් සාර්ථකව ප්‍රේක්ෂකයා අතරට යන්න නම් ඒ නිර්මාණයට විවිධ රස එකතු වෙන්න ඕන. ඉතින් හාස්‍ය රසයත් ඒ වගේම තමයි. නිර්මාණයක සාර්ථකත්වයට තිබිය යුතුම රසයක්. එකම රසයකින් නිර්මාණයක් සාර්ථකත්වයක් දකින්න අමාරුයි. හාස්‍යය කියන්නේ ප්‍රේක්ෂක අවශ්‍යතාවක්. ඉතින් ඒ අවශ්‍යතාව තියෙන තාක් මම හාස්‍ය චරිත තුළින් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ.

හාස්‍යය දැනවීමත් හැමෝටම කරන්න පුළුවන් දෙයක් ‍නෙවෙයිනේ. ඔබේ මේ හැකියාව ගැන මොකද හිතෙන්නේ?
හැකියාව කියන්නේ ඉබේ පහළ වන දෙයක් ‍නෙවෙයි. හැකියාව තිබුණටත් මදි, අපි දැනගන්න ඕන ඒ හැකියාව නිවැරදිව හසුරුවන්න. ඉතින් මගේ හැකියාව මට පුළුවන් කියලා මම හඳුනා ගත්තා. ඒ හැකියාව අධ්‍යක්ෂවරු හඳුනා ගත්තා. ඒ වගේම මගේ හැකියාවට මිනිස්සුන්ගේ පිළිගැනීම ලැබුණා. ඒ කාරණා තුනේම එකතුවක් විදිහට අද මම ලබන ජනප්‍රියත්වය පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් පුහුණුවීම් කරලා කලාවට අවශ්‍ය චරිතය මම හදාගත්තා. දැන් මම අත්‍යවශ්‍ය චරිතයක් බවට පත්වෙලා තියෙනවා.

නිවේදන කටයුතු ගැන කතා කළොත්?
නිවේදන වෘත්තිය අහම්බයක්. මම නිවේදකයෙක් වෙන්න උත්සාහ කළ කෙනෙක් ‍නෙවෙයි. මීට අවුරුදු දහයකට කලින් මා තුළින් නිවේදකයාව එළියට ගන්න තුසිත විමලසිරි කියන සහෝදරයා උත්සාහ කළා. නමුත් එදා ඒක සාර්ථක වුණේ නැහැ. ඉතින් කාලයත් එක්ක දිල්ශාන් අමරසිංහගේ තෝරාගැනීමක් විදිහටයි මම නිවේදකයෙක් වුණේ. මුලින්ම මම නිවේදනය ප්‍රතික්ෂේප කළා. නමුත් මගේ හැකියාව හරියට අඳුරා ගත්ත ෂාමිලා ධර්මරාසා මහත්මිය වැනි පිරිස නිසා අද මම නිවේදකයෙක් බවට පත්වෙලා ඉන්නවා.

රංගන ශිල්පියාට වඩා නිවේදන ශිල්පියා ජනප්‍රියයි කියලා හිතෙන්නේ නැද්ද?
මම නිවේදනයේදී යොදාගන්නේ නිදහස් ක්‍රමවේදයක්. ලංකාවේ දැවැන්තම රියැලිටි ෂෝ නිවේදනයට මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් සම්ප්‍රදායිකත්වය ඉක්මවා ගිය නිදහස් නිවේදන කලාවක් මට තියෙන්නේ. ඒ හරහා මම වඩාත් ජනප්‍රියයි. දැන් මම නිවේදනයයි රංගනයයි සමාන්තරව කරගෙන යනවා. ඒ විදිහට බලනකොට රංගනය වගේම නිවේදනය හරහාත් මම මිනිස්සු අතර ඉන්නවා.

ඔබ වඩාත් කැමති රංගනයටද? නිවේදනයටද?
නිවේදනය ඇතුළෙත් මම රංගනයකයි යෙදෙන්නේ. මට ඕන ජාත්‍යන්තරය දක්වා යන්න පුළුවන් තරම් හැකියාවක් මා තුළින් ගොඩනගා ගන්න. ඉතින් අපි පිටරට නළුවන්ට ආදරේ කරලා ඔවුන්ගේ නිර්මාණ අගය කරනවා වගේ අපිටත් ඒ තැනට යන්න පුළුවන් නම්, මට ඕන අන්න ඒ විදිහේ පිළිගැනීමක්, වටිනාකමක් මගේ රංගනයට එකතු කරගන්න. එතැනදි මම රංගනය වගේම නිවේදනයත් සමාන්තරව කරගෙන යනවා.

සැබෑ ජීවිතෙත් ඔබ අපි දකින සරල පුද්ගලයාමද?
එදිනෙදා අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නත් එක්ක තමයි සරලද, සංකීර්ණද කියලා තීරණය වෙන්නේ. ජීවිතේට අපි හැමෝටම එන ප්‍රශ්න ‍පොදුයි. ඉතින් සරලද, නැතිනම් සංකීර්ණද කියන කාරණය ඒ ඒ අවස්ථාවට සාපේක්ෂයි. සාමාන්‍යයෙන් මම සරලව ජීවත්වන කෙනෙක්. රූපවාහිනියේ චරිත තුළ ඒ ඒ චරිතයට අවශ්‍ය ලෙස හැඩ ගැසෙනවා.

ඔබ හිතනවද ඔබේ මේ හැකියාවෙන් අපේ අධ්‍යක්ෂවරු උපරිම ප්‍රයෝජනය ගන්නවා කියලා?
ක්ෂේත්‍රය තුළ පරිණත වීමත් එක්ක අපේ හැකියාවත් දිනෙන් දින වර්ධනය වෙනවා. ඒ මට තියෙන හැකියාවෙන් අපේ අධ්‍යක්ෂවරු මගෙන් ගන්න ඕන රංගනය ලබාගත්තා කියලා මම හිතනවා. ඊට හොඳම උදාහරණය තමයි සාරංග මෙන්ඩිස්. ඔහු මගේ හැකියාව අඳුරගෙන ඒ හරහා ඔහුට අවශ්‍ය චරිතය මගෙන් නිර්මාණය කරගත්තා.

පෞද්ගලික ජීවිතේ ගැන කතා කළොත්?
මමයි, මගේ බිරිඳයි, එයාගේ අම්මයි, තාත්තයි අපි එකට ජීවත් වෙන්නේ. මගේ අම්මයි, තාත්තයි දෙන්නත් අපිට යාබදව තමයි පදිංචිව ඉන්නේ. ඒ වගේම මට සහෝදරියක් ඉන්නවා. ඇය විවාහකයි. මේ තමයි ඉතින් මගේ පෞද්ගලික ජීවිතේ තොරතුරු.

සිනමාවට ආරාධනා ලැබෙනවා අඩුයිද?
මම මුලින්ම එන්නේ සිනමාව හරහා. කිං හන්තර් කියන චිත්‍රපටය හරහා විජය නන්දසිරි නම් ඒ අසහාය රංගධරයා සමගයි මම රංගනයේ යෙදුණේ. ඊට පස්සේ මයි නේම් ඊස් බන්දු, රන්ජා වැනි නිර්මාණවලත් මම රංගනයේ යෙදුණා. ඉදිරියේදිත් තව සිනමා නිර්මාණයක් එන්න නියමිතයි.

ඉදිරියේදී මොනවද ඔබව දකින්න ලැබෙන නිර්මාණ සහ අනාගත සැලසුම්?
මම එක ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණාම ඒ චරිතය කරලා ඉවර වෙනකම් තවත් චරිත තෝරාගන්නේ නැහැ. මොකද මම නිවේදනයත් කරනවා. ඒ වගේම මට මගේ පවු‍ලේ අයත් එක්කත් ඉන්න ඕන. ඊට අමතරව මම ‍පොඩි ව්‍යාපාරයක් කරනවා. මේ සේරටම මට කාලය අවශ්‍යයි. ඉතින් ගොඩක් නිර්මාණවල ඉන්නවට වඩා සල්ලි පස්සෙම නොයා ජනප්‍රියත්වයයි රංගන අභ්‍යාසයයි ලබන්නයි මට අවශ්‍ය. ඒ නිසා ලැබෙන චරිතයට උපරිම මහන්සිවෙලා උපරිම සාධාරණය ඉටු කරනවා.

නඳුනි ආරියවංශ

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close