‘‘මාව අත්අඩංගුවට ගන්න එපා” දළ පූට්ටුවාගේ දළ ඩීල් සිදුවූ පන්සලේ විහාරාධිපති කියයි

‘‘මාව අත්අඩංගුවට ගන්න එපා” දළ පූට්ටුවාගේ දළ ඩීල් සිදුවූ පන්සලේ විහාරාධිපති කියයි

ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ තොරතුරු අනුව ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන නාගල රජ මහා විහාරයේ වි

විවෘත හැඟීමෙන් කටයුතු කරන්න – ඇමැති හරින්ගෙන් ජනපතිට අයාචනයක්
මෝදිව විවාහක කර ගන්න කැමති පෙම්වතියක්
මෙදා සැරේ ඡන්දෙ දෙන්නෙ මෙන්න මෙහෙමයි

ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ තොරතුරු අනුව ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන නාගල රජ මහා විහාරයේ විහාරාධිපති තමාව අත්අඩංගුවට ගැනීමට ඇති ඉඩකඩ වළකාලමින් මහව මහෙස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රත් ඉදිරිපත් කර තිබේ.

දළ පූට්ටුවා ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට පත්වූ දා සිටම නාගල රජ මහා විහාරයේ විහාරාධිපති සැගව සිටින බව සදහන්. ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත්දළ යුගල සම්බන්ධයෙන් වූ ගනුදෙනුවද සිදු වූයේ මෙම විහාර භූමියේදීය.

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් එම විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අවස්ථාවක එම හිමියෝ මෙලෙස අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර ඇත.

සතියකට අධික කාලයක් නාගල රජ මහා විහාරයේ විහාරාධිපති හිමියෝ අතුරුදන්ව සිට ඇති අතර එම නිසා එම හිමියන්ගෙන් ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කර ගැනීමටද නොහැකි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දළ පූට්ටුවාගේ ඝාතනය සහ ඇත්දළ ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිට එම විහාරාධිපතිගේ නිත්‍ය රියැදුරු සහ සමීපතයකු වූ හේරත්ගම ග්‍රාම සේවකවරයා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටිති. කෙසේ වෙතත් එම හිමියන්ට දිවයිනේ ඉහලම දේශපාලකයන් සමග සම්බන්ධතා පවතින බවත් කියවෙනවා.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close