මව්කිරි දීමේ අගය සහ දරු ප්‍රසූතියෙන් පසු සැලකිලිමත් විය යුතු දේ

මව්කිරි දීමේ අගය සහ දරු ප්‍රසූතියෙන් පසු සැලකිලිමත් විය යුතු දේ

මව්කිරි නිපදවන්නේ කෙසේද? පියයුරු වර්ධනය දැරියක් වැඩිවිය පැමිණෙන වයසේ සිට ඇරම්භ වේ. පියයුරු විශේෂෙයන් ගර්භණී සමයේදී වෙනස් වීමට ලක්වන අතර කිරි ස්‍රාවය

බුද්ධි අංශ ලබාදුන් වාර්තාවෙන් ශ‍්‍රීලනිපය හතරවැනියා..
මගේ පවුල වෙනුවෙන් මට කලාවට සමු දෙන්න සිදු වෙනවා – බුවිනි චාපා
තවම ආදර ආරාධනා ලැබිලා නැහැ… දැන්ම ආදරය පිළිබඳව සිතන්නෙත් නැහැ. – මිෂෙල් දිල්හාරා

මව්කිරි නිපදවන්නේ කෙසේද?
පියයුරු වර්ධනය දැරියක් වැඩිවිය පැමිණෙන වයසේ සිට ඇරම්භ වේ. පියයුරු විශේෂෙයන් ගර්භණී සමයේදී වෙනස් වීමට ලක්වන අතර කිරි ස්‍රාවය කරන ග්‍රන්ථි වර්ධනය වේ. මෙම ග්‍රන්ථි කුඩා නාල හරහා තන පුඩුවට සම්බන්ධ වේ. කිරි නිපදවිම හා පිටතට ස්‍රාවය කිරීම හෝමෝන මගින් පාලනය වන අතර අවසානයේ මේ සියල්ල මොළය මගින් පාලනය කෙරේ. දරුවා උපත ලැබීමෙන් පසු පිටවෙන ප්‍රොලැක්ටින් නම් හෝමෝනය මගින් කිරි නිපදවෙන අතර දරුවා කිරි උරා බීමේදී පිටවන ඔක්සිටෝසින් හෝමෝනය මගින් ග්‍රන්ථි වටා ඇති පේෂින් ක්‍රියාකර ග්‍රන්ථි තෙරපීම නිසා කිරි තන පුඩුවෙන් පිටතට ස්‍රාවය වේ. එමගින් දරුවාට අඛණ්ඩව කිරි සැපයීමක් සිදු වේ.

කොලස්ට්‍රම් යනු කුමක්ද?
පළමු දින කීපය (දරු ප්‍රසූතියෙන් පසු) තුළ කහ පැහැති ඝණත්වයෙන් වැඩි දියරයක් ස්‍රාවය වේ. මෙය කොලස්ට්‍රම් නම් වන අතර මෙහි සංයුතිය මව්කිරි වලට වඩා වෙනස්ය. මෙහි ප්‍රෝටීන් බහුලව ඇති අතර සිනි හා මේදය අඩුය. මෙහි ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන් නිසා දරුවා විෂබීජ වලින් ආරක්ෂාවේ. එම නිසා අළුත උපන් දරුවාට මුල සිටම මව්කිරි දීම අත්‍යාවශ්‍යය. සාමාන‍‍්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පැය 1/2 – පැයක් ඇතුළත මව්කිරි දිම ඇරම්භ කළ යුතුය.

මම මව්කිරි දෙන්නේ කෙසේද?
මව්කිරි දිමේ ඉරියව්ව නිවැරදි විය යුතුය. මේ පිළිබද දැනුවත් කිරිමට පූර්ව ප්‍රසව සායනයන්හි පංති පැවැත් වේ. මව්කිරි දිමේ වැදගත්කම, එමගින් ඇතිවන වාසි හා නිවැරදිව මව්කිරි දෙන අයුරු එහිදී විස්තර කෙරේ. නිවසට පැමිණෙන පවුල් සෞඛ‍්‍යය සේවිකාවද ප්‍රශ්නයක් ඇතොත් උපදෙස් සපයයි.

Breastfeeding Benefits for Mom and Baby - Gossip Lankaදරුවාට කිරි දීමට ප්‍රථම පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. පිට කොන්ද හොදින් හේත්තු විය යුතුය. දරුවා සමීපයට ගෙන දරුවාගේ නාසය ඔබගේ තන පුඩුව මට්ටමට ගෙනවිත් ඔබගේ පපුව දරුවාගේ පපුවට ගෑවේනසේ ඔබ දෙසට හරවාගන්න. දරුවාගේ ඇග ඔබේ අත දිගේ ආධාර කරගත යුතුය. දරුවාගේ තොලේ තන පුඩුව ස්පර්ශ කරන්න. මෙය කීපවරක් කරන් විට දරුවා හොදින් කට අරියි. එවිට ඉක්මණින් දරුවාව පියරුවට ගෙනෙන්න. එවිට දරුවා හොදින් පියරු අල්ලාගනී. කිසිවිටෙක තන පුඩුව පමණක් ඇගිලි දෙකෙන් අල්ලා දරුවාගේ මුඛයට ඇතුළු නොකරන්න.

දරුවාගේ නිකට මවගේ පියයුරු ස්පර්ශ විය යුතු අතර යටි තොල හොදින් පිටතට පෙරලි තිබිය යුතුය. කිරි උරන විට දරුවාගේ කම්මුල පිටතට පිම්බේ. මවගේ තනපුඩුව හා ඒ වටා ඇති තද පැහැති ‘ඇරියෝලා’ නම් කොටසින් වැඩි ප්‍රමාණයක් දරුවාගේ මුඛය තුල තිබිය යුතුය. එවිට කිරි ඉරීමේදි ඔබට වේදනාවක් නොදැනේ.

Breastfeeding Benefits for Mom and Baby - Gossip Lankaසාමාන්‍යයෙන් ඉපදී පළමු සතිය තුල පැය 2-3 කට වරක් මව්කිරි දෙන්න. ඉන්පසු කිරි බීමට අවශ්‍ය බව හැගුණු සෑම විටකම දෙන්න. රාත්‍රියට දෙන්න. වරකට එක පියුරකින් විනාඩි 20 පමණ දෙන්න. සාමාන්‍යයෙන් දරුවාට කිරි ඇතිවී ඔහු විසින්ම පියයුර අතහරී. අනෙත් වාරයේදී අනෙක් පියයුර දරුවාට ඉරීමට දෙන්න. පියයුරෙන් කිරි ඉවත්වන විට වැඩිපුර කිරි නිපද වේ.

බොහෝ මව්වරුන්ට තම දරුවාට දීම සදහා ඇති පමණ කිරි ඇත. දරුවාගෙ බර අඩු වන්නේ නම් එය බොහෝ විට සිදුවන්නේ නිවැරදි ඉරියව්වකින් කිරි නොදිමය. කිරි දෙන ඉරියව්ව වැරදි නම් මවගේ තන පුඩුව තුවාල විය හැකි අතර කිරි අඩුවන බවක්ද මවට දැනේ.

මව්කිරි දීමේ සාර්ථකත්වයට උපදෙස්
හොදින් කිරි එරීම සදහා මවගේ මානසිකත්වය බලපායි. මව කිරිදෙන විට භාවනාවෙහි යෙදෙමින් ‘මගේ දරුවාට දීමට ඇති පමණ කිරි මා හට ඇත. මේ කිරි බීලා මගේ දරුවා නිරෝගී හොද දරුවෙක් වෙනවා…’ යන්න නිතර සිතන්න.

මව්කිරි දෙන විට වෙන අය සමග කථාවෙහි යෙදීම හෝ ජංගම දුරකථන භාවිතය නොකරන්න. එවිට කිරි දීමේ ක්‍රියාවලියට බාධා ඇතිවී කිරි ප්‍රමාණයද අඩුවේ. මව්කිරි දෙන විට නිසංසල කාමරයක පහසු පුටුවක වාඩි වී හෝ ඇද මත දිගා වී නිසි ඉරියව්වේන් දෙන්න.

දරුවාගේ ඇස් දෙක දෙස බලා සිටින්න. දරුවා බැලු පසු ඇස් රදවාගෙන සිටින්න. දරුවා සෙමින් පිරිමදින්න. සෙමින් ගීතයක් ගයන්න.
පළමු දරුවා නම් මව්කිරි දිම මවටද අළුත් අත්දැකිමකි. මවට අවශ්‍යය සහයෝගය දීම හා අනුබල දීම පවුලේ සාමාජිකයන්ගේ වගකිමයි.
පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් හා පාන වර්ග (ජලය හා වෙනත්) ලබා ගන්න. කිරි දීමට ප්‍රථමව උණුවෙන් යමක් පානය කිරීම උචිත වන නමුත් කිරි දෙන සෑම විටම මවද කිරි බීම අවශ්‍ය නොවේ.

සාමාන‍්‍යයෙන් සාර්ථක කිරි දීම හොදින් සිදු වීමට සතියක් පමණ ගතවේ. මුල් දින 10 තුළ දරුවාගේ බර අඩු විය හැකි අතර ඉන්පසු බර වැඩි වීම ඇරඹේ. මෙය සාමාන්‍යය දෙයක් නිසා අනවශ්‍ය ලෙස බියවී පිටි කිරි ආරම්භ නොකරන්න. නමුත් උපත් බරෙන් 10% කට වඩා බර අඩුවේ නම් පිටි කිරි දිය යුතුද යන්න වෛද‍‍්‍යවරයෙකු තීරණය කරයි.

මව්කිරි දීමේ වාසි මොනවාද?
මව්කිරි බීමේදි දරුවාත් මවත් අතර ලොකු මානසික බැදීමක් ඇතිවේ. තම දරුවාට තම කිරි දීම (පරිත‍්‍යාගශීලි මවකගේ) උතුම් මාතෘ සෙනෙහසේ ලක්ෂණයකි.

මව්කිරි බිව් දරුවන්ගේ බුද්ධි මට්ටම ඉතා ඉහළ තත්ත්වයක ඇතිබව සමික්ෂණ වලින් හෙලිවී ඇත.
මව්කිරි බිව් දරුවන් නොයෙක් අසාත්මිකතා වලින් ආරක්ෂාවේ.

මව්කිරිවල දරුවා වැඩීමට අවශ‍්‍ය පෝෂණ ද්‍රව‍‍්‍යය නිසි ලෙස අන්තර්ගත වේ. දරුවාට ලැබිය යුතු උෂ්ණත්වයද උචිතය.
බෝතල්, සුප්පු තැම්බීම හෝ පිටි කිරි, සුප්පු, බෝතල් මිළදී ගැනිමක් අවශ්‍ය නැත. මව්කිරි නොමිලේ ලැබේ.

දරුවා රෝගවලින් ආරක්ෂාවෙන ප්‍රතිශක්තිය මව්කිරෙහි ඇත. සෙම් රෝග, අසාදන, පාචනය, මුත්‍රාරෝග වැනි නොයෙක් රෝග වලින් දරුවා සුරැකේ. දරුවාගේ බර නිසි පරිදි වර්ධනය වේ.

මව්කිරි දීමේදි ආර්තවය මාසිකව සිදු නොවන නිසා ගැබ් ගැනීමේ ඉඩකඩ අඩුය. නමුත් මෙය 100% සාර්ථක නොවන නිසා දරු ප්‍රසූතියෙන් දින 42 කට පසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම සුදුසුය.
මවට පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා වැලදීමේ අවධානම අඩුය.

මවකිරි නැවැත් වීම කළ යුත්තේ කවදාද?
පළමු මාස 6 සම්පූර්ණ වනතුරු දරුවාට මව්කිරි පමණක් දෙන්න. මෙම කාලයේ වතුර දීම අවශ්‍ය නැත. ඉන්පසු අමතර ආහාර කෙමෙන් පටන් ගන්න. මව්කිරි දීම වසර 2 ක්වත් කල යුතුයි.

අද සමහර මව් වරුන් තම පියයුරු වල හැඩය නැතිවේ යන බියෙන් මව් කිරි නවත්වයි. නමුත් සමික්ෂණ වලට අනුව මව්කිරි දීම මගින් පියුරු එල්ලාවැටීම සිදු නොවන බව හෙලිවී ඇත.

මව්කිරි වෙනුවට පිටි කිරි දීම සුදුසුද?
අද ළදරු පිටි කිරි වර්ග රාශියක් වෙළෙදපොලේ ඇත. මෙම පිටි කිරි නිපදවීමේදී ඒවා මව්කිරි වලට ආසන්න තත්වයට පත් කිරීමට උත්සහ කෙරෙන නමුත් එවා 100% මව්කිරි වලට සමාන නැත.

දරුවාට ‘ගුඩුස්’ අරින්නේ කෙසේද?
කිරි වේලකට පසු දරුවාට ගුඩුස් ඇරිය යුතුයි. දරුවා උරහිසට හේත්තු කරගෙන සෙමින් පිටට තට්ටු කරන්න. නැත්නම් දරුවා ඉන්දවා පිටට අත තියාගෙන අනිත් අතින් සෙමින් බඩ තද කරන්න. මුල් මාස කීපයේ කිරි බීමෙන් පසු දරුවාට වමනය යා හැක. එය සමාන‍යෙන් කුස පිරී ඇති විට තවත් කිරි දීමේන් සිදුවේ. වමනය යාම රෝගී තත්වයක් නිසා සිදුවිය හැක. දරුවා සෑම කිරි වේලකටම පසුව වමනය කරයි නම් හෝ කිරි බිව් පසුද මලානික නම් හෝ බර වැඩිවීම නිසිසේ සිදු නොවේනම් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් හමුවෙන්න. ඉදහිට වමනය යාමක් නම්, (දරුවාගේ බර වැඩිවේ නම් හා දරුවා ක්‍රියාශීලි නම්) බිය නොවන්න.

කිරි දීම සහ නින්ද
සාමාන්‍යයෙන් පළමු මාසයේ දරුවා වැඩිපුර නිදා ගෙන කිරි බීමට නැගිටී. රාත්‍රිය මවට වෙහෙසකාරි විය හැක්කේ දරුවා කිරි බීමට පමණක් නොව මුත්‍රා හා මල පහ කිරීම නිසාද අවදිවන නිසාය. මෙම රටාවම සති 6 ක් පමණ වන විට වෙනස්වී දරුවා දවල්ට වැඩිපුර ඇහැරගෙන සිට වැඩියෙන් රාත්‍රියේ නිදා ගැනිමට පෙළබේ. දරුවාට රත්‍රිය හා දහවල අතර වෙනස දැනීමට අවශ්‍ය නිසා ආලෝකමත් විදුලි බුබුළු නිවා දමන්න. අවශ්‍ය නම් ඉතා මද එළියක් කාමරය තුල තබා ගන්න.

මව්කිරි දීමේ වැරදි ඉරියව්ව නිසා මතුවිය හැකි ගැටළු
දරුවා පියයුරට හරියාකාරව සම්බන්ධ නොවීම නිසා තන පුඩුව තුවාල විය හැක. මෙසේ සිදුවූ විට කිරි දුන් පසු මව්කිරි ටිකක් ඒ මත ආලේප කරන්න. දරුවාගේ කිරි ඉරීමේ ඉරියව්ව නිවැරදි කරන්න, කිසි විටෙකවත් කිරි දීම නවතන්න එපා. තුවාලවුනු තන පුඩුව වසන ලිකන් ආවරණ (නිපල් ෂීල්ඩ්) වෙලදපොලේ ඇත. එවැන්නක් භාවිතයෙන් තුවාලය සුවවන තුරු වේදනාවක් නැතිව මව්කිරි දීමද නොකඩවා සුදුකල හැක.

සමහර විට තුවාලය හරහා පියයුරට ඇතුල් වන විෂබීජ නිසා අසාදනය වීය හැක. එවිට පියයුර රතු පාට වී තද වී ඉදීමෙන අතර ඉතා වේදනාකාරිවේ. මවට උණද ඇතිවිය හැක. එවිට අනිවාර්‍යයෙන් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර පැතිය යුතුය. මව්කිරි දීම නොනවත්වා කරන්න. එවිට වේදනාව අඩුවේ.

වෛද්‍ය ශර්මීලා සමරනායක

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close