2017 ජූලි 30 සිට අගෝස්තු 05 දක්වා සතියේ පලාපල

2017 ජූලි 30 සිට අගෝස්තු 05 දක්වා සතියේ පලාපල

මේෂ – විවිධ අංශයන්ගෙන් වාසි තම වැඩකටයුතු උදෙසා ඥානය වැඩිදියුණු කර ගනී. අමුතු කරුණු සම්බන්ධයෙන් අවබෝධයට ලක්වනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක

ලංකාවට 48 Tbps ක වේගයක ගෝලීය බෑන්ඩ්විත් පරාසයක්
දෙහිවල සත්වෝද්‍යානය සිකුරාදා සිට රාත්‍රියටත් විවෘතයි
‘හෙළ ජාතික අභිමානේ…’ නායක, චන්දි ඇතුලු අපේ සිංහ පැටවුන් ජයග්‍රහනය සැමරුවේ මෙහෙමයි .! (VIDEO)

මේෂ – විවිධ අංශයන්ගෙන් වාසි
තම වැඩකටයුතු උදෙසා ඥානය වැඩිදියුණු කර ගනී. අමුතු කරුණු සම්බන්ධයෙන් අවබෝධයට ලක්වනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක වේ. එසේ වුවත් විටින් විට බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන්ට ඉඩ මතු කළ හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබා ගනී. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත. අධ්‍යාපන අංශයේ නියුක්ත අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත ඇදී යයි. ඒ තුළින් කිසියම් සහනයක් ද සැනසීමක් ද ලබයි.
ජය වර්ණය- රතු, ජය අංකය- 09

වෘෂභ – හවුල් කටයුතු පරිස්සමෙන්
වෙළෙඳ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේ දී විශේෂයෙන්ම හවුල් කටයුතු කරගෙන යාමේ දී අවහිරතා බාධා ගැටලු එල්ල විය හැකි නිසා බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා අංශයන්හි ද සුළු සුළු බාධා ප්‍රමාදතා එල්ල වේ. ආර්ථික වශයෙන් යහපත් බවක් පෙන්නුව ද වියදම් පක්ෂය ද ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් සහගත විය යුතුයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් ක්‍රියා කරන්න. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඇති කළ හැක. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශයේ නියුක්තව සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී විය යුතුයි.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

මිථුන – ආදායම් ලැබේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කරගනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ලාභ ප්‍රයෝජන වාසි අත්පත් වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. තමන්ගේ වියදමට සරිලන ආදායම් නිතරම ලැබේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සාර්ථක ප්‍රතිඵල ලබයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ යෙදී සිටින අයට උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ඉදිරිපත් වේ. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත ඇදී යයි. විටෙක ප්‍රිය සම්භාෂණවලට සහභාගි වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05

කටක – කාර්යබහුල සතියක්
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී ඉතාමත් කාර්ය බහුලත්වයක් ඉස්මතු වීම තුළ අත්‍යවශ්‍ය වැඩකටයුතු කිහිපයක් අතපසු වනු ඇත. යම් යම් බාධා අවහිරතා ඉස්මතු විය හැකි නිසා ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික හා මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය වේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. තම සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- ක්‍රීම් පාට, ජය අංකය- 02

සිංහ – ආර්ථිකය ශුභයි
ආර්ථික සහ මුල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ණයතුරුස්වලින් නිදහස හෝ ණය ගනුදෙනුවකින් ලාභ ප්‍රයෝජනයක් ද ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක වේ. රාජකාරි කටයුතු උදෙසා ගමන්බිමන් බහුල වේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුත යහපත් අන්දමට සිදු වේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නියුක්තව සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. අලුත් විෂයයන් කෙරෙහි කිසියම් අවධානයක් යොමු වේ. සමාජයීය කටයුතුවලට හිත ඇදී යයි.
ජය වර්ණය- රතු, ජය අංකය- 01

කන්‍යා – වැඩකටයුතු සාර්ථක වේ
කරගෙන යන වැඩකටයුතු ද අලුතෙන් ආරම්භ කිරීමට බලා‍පොරොත්තු වන වැඩකටයුතු ද කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ගෙනදෙනු ඇත. අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත් වේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ තමාගේ ආදායම් මාර්ග පුළුල් කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අධ්‍යාපන අංශවල නියුක්ත අය තරමක් වැඩිපුර වෙහෙස මහන්සි දරා කටයුතු කළ යුතුයි. ආගමික සහ සමාජීය අංශයන්ට වැඩි නැඹුරුවක් පෙන්වයි.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05

තුලා – විදෙස් කටයුතුවලට ශුභයි
තමා බලා‍පොරොත්තු වන තරමට තම වැඩකටයුතුවල සාර්ථක ප්‍රතිඵලයක් උදා නොවේ. අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක නැත. කෙසේ වුවත් විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. කිසියම් ප්‍රගතියක් පෙන්වයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම් අයහපත් නොවේ. ආදායම් මාර්ග කිහිපයක් ඔබට පාදා ගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල නියුක්ත අයට තරමක වාසිදායක තත්ත්වයක් ද උදා වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු යහපත් වේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රවල නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික සහ සමාජීය කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ. උත්සව සහ ප්‍රිය සම්භාෂණවලට සහභාගි වේ.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

වෘශ්චික – බාධා මැද දියුණුව
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මතු වුව ද ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙනදිය හැක. කෙසේ වුවත් අනපේක්ෂිත සිද්ධීන් මතුවීම තුළ මුදල් වියදම් අධිකවීමට ඉඩ පවතී. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කේෂ්ත්‍රවල නියුක්ත අයට පර්ය්ෂණ කටයුතුවලට යොමු වී ක්‍රියා කිරීමේ අවස්ථා මතු කරයි. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත ඇදී යයි. කෙසේ වුවත් තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් කල්පනාකාරී වන්න.
ජය වර්ණය- රතු, ජය අංකය- 09

ධනු -ආගමට යොමුවේ
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමු වී ආදායම් ලබන නමුත් ධනස්ථානාධිපති ශනි 12 ගමන් කිරීම තුළ ආගමික අංශයට නැඹුරුවීමෙන් ඒ සම්බන්ධ වියදමක් ද දැරීමට සිදු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා මධ්‍යයේ ක්‍රියා කරයි. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. ගෙදරදොර කටයුතුවලට ද සුළු සුළු බාධා ගැටලු ඉස්මතු විය හැකි නිසා බුද්ධිමත් විය යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී විය යුතුයි.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

මකර – වෙළෙඳාමෙන් වාසි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා ගැටලු ඉස්මතු වුව ද ඒවා මැඬපවත්වාගෙන ක්‍රියා කරයි. අලුත් කටයුතු කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් සකස් වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන සහිතයි. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමය්ත වැය වේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රවල නියුක්ත අයට ශුභයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

කුම්භ – ගමන්බිමන් අධිකයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී අන්‍යයන්ගේ ආධාරය උපකාරය බලා‍පොරොත්තු වූ පරිදි ඒවා ඉෂ්ට සිද්ධ නොවේ. ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රමාද වේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් වුව ද ඔබ බලා‍පොරොත්තු වන තරමට ආදායම් මාර්ග වර්ධනය නොවේ. ආදායම් ලැබුණත් වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු කරගෙන යාමේ දී තරමක් විමසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ගමන් බිමන් බහුලයි.
ජය වර්ණය- නිල්, ජය අංකය- 08

මීන – රැකියා කටයුතු ප්‍රවේශමෙන්
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සාමාන්‍යයි. තමන්ගේ වියදමට සරිලන ආදායමක් ලබා ගනී. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු කරගෙන යාමේ දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. නිවාස ප්‍රතිසංස්කරණ, අලුත්වැඩියාවන්ට ඉඩ පවතී. දරුවන්ගේ වැඩකටයුතු උදෙසා කාලයත් ශනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රවල නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ඉතාමත් කල්පනාකාරී වන්න.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close