16 හැවිරිදි තරුණිය දූෂණය කළ සිව්දරු පියාට වසර 18 ක සිර දඬුවම් විනිසුරු ඉලංචෙලියන් නියම කරයි

16 හැවිරිදි තරුණිය දූෂණය කළ සිව්දරු පියාට වසර 18 ක සිර දඬුවම් විනිසුරු ඉලංචෙලියන් නියම කරයි

යාපනයේ මනන්කට්‌ට ප්‍රදේශයේ දී වයස අවුරුදු දාසයක තරුණියක්‌ දූෂණය කළ හතළිස්‌ පස්‌ හැවිරිදි සිව්දරු පියෙකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්‌කවාසගර් ඉලංචෙල

කොට කලිසමක් ඇඳ ගත්තු කොල්ලෙක් තාජුඩීන් මරන හැටි සී. සී. ටී. වී කැමරාවල
කලබල අස්සේ වික්ටර් රත්නායකයන් එලියට දාපු අලුත්ම වීඩියෝව
මෝදිව විවාහක කර ගන්න කැමති පෙම්වතියක්

යාපනයේ මනන්කට්‌ට ප්‍රදේශයේ දී වයස අවුරුදු දාසයක තරුණියක්‌ දූෂණය කළ හතළිස්‌ පස්‌ හැවිරිදි සිව්දරු පියෙකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්‌කවාසගර් ඉලංචෙලියන් මහතා විසින් බරපතළ වැඩ සහිතව වසර 18 ක සිර දඬුවමක්‌ නියමකොට තිබේ.

2012 ජුලි මාසයේ 22 වැනිදා මෙම විත්තිකරු විසින් තරුණියක්‌ රවටා ඇගේම නිවසේදී දූෂණය කොට ඇති අතර සිද්ධිය පිළිබඳව කිසියම් අයෙකුට පැවසුවහොත් මරා දමන බවටද තර්ජනය කොට තිබේ.

යාපනය දිසා අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස්‌ මත 2016 වර්ෂයේදී එම නඩුව යාපනය මහාධිකරණයේදී විභාගයට ගෙන තිබේ.

ඉදිරිපත්වූ සියලුම චෝදනාවලට විත්තිකරු වරදකරු වූ අතර වසර 18 ක සිර දඬුවමට අමතරව රුපියල් 3000 ක දඩයක්‌ද වන්දි වශයෙන් තරුණියට රුපියල් ලක්‍ෂ හයක්‌ද ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝගකොට ඇත.

වන්දි මුදල නොගෙවන්නේ නම් ඊට තවත් වසර හතරක බරපතළ වැඩසහිතව සිරදඬුමක්‌ද නියම වී තිබේ.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close