ළහිරු මුදලිගේ මාව ඒ විදියට මාකට් කරයි කියලා මම හිතන්නේ නැහැ.

ළහිරු මුදලිගේ මාව ඒ විදියට මාකට් කරයි කියලා මම හිතන්නේ නැහැ.

ආක්ෂා පසුගිය කාලේ වැඩිය පේන්න හිටියේ නැහැ. හැබැයි දැන් ආයෙත් එළිබැහැලා නේද? මම පහුගිය කාලේ මගේ ව්‍යාපාර කටයුතුවලට කාර්යබහුල වෙලා හිටියේ. ඒ නිසා නිර්ම

Deweni Inima Live in Concert
අර්ජුන් මහේන්ද්‍රන් – අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට..
අපේ උන් අලි හොරු.. ආව ගමන් කෙලගෙන කෙලගෙන ගියා.. – රන්ජන්

ආක්ෂා පසුගිය කාලේ වැඩිය පේන්න හිටියේ නැහැ. හැබැයි දැන් ආයෙත් එළිබැහැලා නේද?
මම පහුගිය කාලේ මගේ ව්‍යාපාර කටයුතුවලට කාර්යබහුල වෙලා හිටියේ. ඒ නිසා නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. මට ලැබෙන විදියට නිර්මාණ කරනවා. වැඩ දෙක තුනක්ම මට ලැබුණා. නමුත් දැන් තියෙන කාලගුණික ප්‍රශ්නත් එක්ක ඒ වැඩකටයුතු කල් ගියා.

දැන් ආයෙත් නිර්මාණකරුවෝ ආක්ෂාව මාකට් කරන්න පටන් අරගෙන නේද?
ඒක ගැන නම් ඇත්තටම මම කතා කරන්න ඕනේ. අපි මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණාම ඒවා මාකට් කරන විදියට මම කැමැති නැහැ. මම සම්බන්ධ වුණ ෂාහිල් හිමංශගේ වීඩියෝ එකේදිත් මාව කැත විදියට මාකට් කරලා තිබ්බා.

ආක්ෂා ගණිකා වෘත්තියේ නියැළෙන කෙනෙක් කියලා තමයි සමාජ මාධ්‍ය ඒ වීඩියෝව ප්‍රචාරය කරලා තිබ්බේ?
ඔව්. ඒ වීඩියෝවේ මම ගණිකාවක්. අගහිඟකම් නිසා ඒ වගේ දෙයක් කරන කාන්තාවකගේ චරිතයක් තමයි මම රඟපෑවේ. මියුසික් වීඩියෝවේ මම මැරෙන දර්ශනයක් තියෙනවා නම් ආක්ෂා මැරුණා කියලා ඒක මාකට් කරනවා. ගණිකාවකගේ චරිතයක් කළාම ගණිකා මඩමක ඉඳලා ආක්ෂාව අල්ලා ගත්තා කියලා මාකට් කරනවා. මේක තමයි අපේ රටේ තියෙන මාකටින්. ඒක හරිම පහත් තැනක තියෙන්නේ. දෙයක් මාකට් කරන්න ඕනේ ඔය වගේ දේවල්වලින් නෙමෙයි.

ඒ වගේ ප්‍රමෝෂන් පාවිච්චි කරන එක ආක්ෂාගේ චරිතයටත් ප්‍රශ්නයක් නේද?
අනිවාර්යයෙන්ම, වෙබ් සයිට් කරන ඒ දේවල් නිසා අපහසුතාවට පත් වෙන්නේ අපි. මාධ්‍යවල, වෙබ් සයිට්වල යන දේවල් මිනිස්සු විශ්වාස කරනවා. මම කියන්නේ ඔය වගේ දේවල් මාකටින්වලට පාවිච්චි කරන්න එපා කියලා.

ඔය ප්‍රමෝෂන් කරන්න ඇත්තේ මියුසික් වීඩියෝව කරපු අය වෙන්න බැරිද?
ඒ මියුසික් වීඩියෝව කළේ හරි ක්‍රියේෂන් එකෙන්. ළහිරු මුදලිගේ මාව ඒ විදියට මාකට් කරයි කියලා මම හිතන්නේ නැහැ. මොකද මම ළහිරු එක්ක කාලයක් වැඩ කරලා තියෙනවා. ළහිරු ඒ වගේ වැඩ කරන කෙනෙක් නෙවෙයි.

ඒ වගේ ප්‍රචාරයක් යද්දී ළහිරුගෙන් මේ ගැන අහලා බැලුවේවත් නැද්ද?
ඇහුවා කියලා තේරුමක් නැහැ. ඕවා කරන්නේ වෙබ් සයිට් කරන අය. මාකටින් කියලා ඕන දෙයක් කරයි ඒ අය. ඒවට දුක් වෙවී ඉන්න ගිහින් වැඩක් නැහැ.

ආක්ෂා ගණිකා මඩමක ඉඳලා අහුවෙලා කියලා ඒ වගේ ප්‍රචාරයක් යද්දි ඒක ඇත්තක් කියලා පිළිගත්ත අයත් ඉන්න ඇති.
මගේ ළඟම ඉන්න අය දන්නවා ඒක ගොසිප් එකක් කියලා. හැබැයි පවුලේ දුරින් ඉන්න අය ඒ ගැන බය වෙලා මගේ අම්මාගෙන් කෝල් කරලා අහලා තිබ්බා. ඒක මියුසික් වීඩියෝවකට කළ මාකටින් වැඩක් කියලා අම්මා ඒ අහපු අයට කියලා තිබ්බා.

පහුගිය කාලේ ආක්ෂා මුහුණපාපු සිද්ධිය නිසා වීඩියෝවේ රංගනය මාකටින්වලට පාවිච්චි කරන්න හොඳ ඉත්තෙක් වෙන්න ඇති?
පහුගිය කාලේ ප්‍රශ්නය මගේ පෞද්ගලික ප්‍රශ්නයක්. මාධ්‍යවලින් ඒ ප්‍රශ්නය ලොකු කළාට මට නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම ඉතිං ඉන්නේ නැව ගිලුණත් බෑන් චූන් මූඩ් එකේ. මම කිසි දේකින් සැලෙන්නේ, වැටෙන්නේ නැහැ.

ආක්ෂා නිතර නිතර ලංකාවෙන් පිට යන්නේ ඇයි කියලා සමහරුන්ට ප්‍රශ්නයක්?
මම දැන් අවුරුද්දක් විතර විදේශගත වුණේ නැහැ. ලංකාවේ හිටියේ. ඉන්දියාවෙන් වැඩක් ආවොත් මම ඉන්දියාවට ගිහින් එනවා.

ආක්ෂාගෙයි මේනකාගෙයි යාළුකමට කණකොකා හඬලලාද?
නැහැ. අපේ යාළුකම තාමත් තියෙනවා. එයා අද උදෙත් මට කතා කළා.

හැබැයි ඉස්සර වගේ දෙන්නා එකට දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්?
මෙහෙමයි. මේනකත් ගොඩක් කාර්යබහුලයි. එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මගෙයි එයාගෙයි ෆොටෝ වැඩිය එළියට දාන්න එපා කියලා මේනකා කිව්වා. එයා කියන්නේ අපේ යාළුකමට ඇස්වහ වදියි කියලා. අපේ යාළුකම තියෙන්නේ ෆේස්බුක් එකේවත් ඉන්ස්ටර්ග්‍රෑම් එකේවත් නෙවෙයි. එකිනෙකාගේ තේරුම් ගැනීම මත. අපි තාමත් යාළුවෝ.

ආක්ෂාගේ නැටිල්ලෙන් ආයෙත් ප්‍රයෝජනයක් ගන්න අදහසක් නැද්ද?
රියැලිටි වැඩ දෙක තුනකට කතා කළා. මම නර්තනයට ආසයි. මම ලබන අවුරුද්දට වැඩ කිහිපයක් ප්ලෑන් කරලා තියෙනවා. බලමු ඒවත් එක්ක නර්තනය පැත්තෙනුත් දෙයක් කරන්න.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close