‘හෙනම ගහපන්‘ දුම්රිය මගීහු රියදුරන්ට නියාමකවරුන්ට සාප කරති

‘හෙනම ගහපන්‘ දුම්රිය මගීහු රියදුරන්ට නියාමකවරුන්ට සාප කරති

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ රාත්‍රී 7.30ට පමණ හදීසියේ ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තම සංගමය තීරණය කොට ඇතැයි ලෝකොමොට්ව් ඔපරේට්ව් ඉ

ආන්දෝලනාත්මක “පද්මාවත්” බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලයි
කැලණි පෙරහැරට විශේෂ රථවාහන සැලසුමක්
මගෙයි ආක්ෂාගෙයි ඡායාරූප නිසා ගොඩක් දේවල් වෙනස් වුණා

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ රාත්‍රී 7.30ට පමණ හදීසියේ ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තම සංගමය තීරණය කොට ඇතැයි ලෝකොමොට්ව් ඔපරේට්ව් ඉංජිනියර්ස් යූනියන් (දුම්රිය රියදුරු සංගමය) හි නියෝජිතයෙක් අප වෙත පැවසීය.

එහෙත් සාමාන්‍ය මගී ජනතාව තබා දුම්රිය ස්ථානාධිපති වරුන් ඇතුළු දුම්රිය කාර්‍ය මණ්ඩලයටවත් නොදන්වා දුම්රිය රියදුරු සහ නියාමකවරුන් හදිසියේ අරඹන ලද මෙම වැඩ වර්ජනයෙන් දහස් සංඛ්‍යාත දුම්රිය මගීන් පිරිසක් දැඩි අසරණ තත්වයකට පත් වු බව අප වාර්තා කරුවෝ කියති.

විශේෂයෙන් මහා මාර්ග ගමන් පහසුව නොමැති ප්‍රධාන දුම්රිය මාර්ගය දෙපස ඇති ග්‍රාමීය ප්‍රදේශ බලා යන කාර්යාල සේවක සේවිකාවන් ඊයේ සවස කොළඹ කොටුව, මරදාන, දෙමටගොඩ, බම්බලපිටිය, කොල්ලුපිටිය යන දුම්රිය ස්ථාන වල එක් රොක් වී සිටි අතර එහිදී ඇති වූ උණුසුම් කාරී තත්වය මැඩපැවැත්විම සඳහා විශේෂ පොලිස් බල ඇණි සහ කැරළි මර්ධන යෙදවීමට සිදුවිය.

මේ අතර එම දුමිරිය ස්ථාන වලින් රාත්‍රි දුම්රිය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කර තිබූ අතර රාත්‍රී තැපැල් දුම්රියන් මගින් ප්‍රවාහනය කිරීම පිණිණ නියමිත තැපැල් මළු දුම්රිය වේදීකාවන්ට පවා ගෙනවිත් තිබුණු දක්නා ලදී.

ඒ සම්බන්ධයෙන් කුපිත වූ දුම්රිය මගීන් දුම්රිය ස්ථානධිපති වරුන්ගේ කාර්යාල වටලන අවස්ථාවේ ඔවුන් කියා සිටියේ මෙම හදීසි දුම්රිය වර්ජනයට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති අතර අඩුම තරමින් ඒ පිළිබඳට තමන් නොදන්නා බවය.

කෙසේ හෝ මහා මාර්ග මගින් ප්‍රවාහන පහසුකම් නොමැති ප්‍රදේශ වලට යාමට දුම්රිය වේදිකාවට පැමිණ සිටි කාර්යාල සේවිකාවන් සිය ගණනක් කඳුළු වගුරවමින් සිටිනු කාගේත් සිත් සසළ කළ දර්ශනයක් බව අප මාධ්‍යවේදීහු කියති. ඒ් අතර ගැබිණි මව් වරුන් ද සිටි බව ඔවුහු වැඩි දුරටත් කියති.

මෙම හදිසි වැඩ වර්ජනයට හේතුව දුම්රිය රියදුරු සහායකයන් නිවැරදි පටිපාටියෙන් තොරව බඳවා ගැනීම බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය උපදේශක ජේ.දඩැල්ලගේ මහතා ප්‍රමුඛ නිලධාරීන් සමඟ දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයන් සාකච්ඡා කළ මුත් ඉන් ප්‍රතිපළයක් නොමැති තැන මෙම තීරණයට එළඹි බව ද ලේකම් වරයා කීය.

ඒ කෙසේ හෝ ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ඇරඹීමට තිබූ වැඩ වර්ජනය රාත්‍රී 7.30ට පමණ ආරම්භ කිරීමට සිදු වූයේ රාත්‍රී සේවා මුර සඳහා යොදා සිටි රියදුරන් එම සේවා මුරයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා යැයි දුම්රිය රියදුරු සංගමයේ ප්‍රකාශකයෙක් කීය.

ඒ කෙසේ හෝ මෙම හදීසි වර්ජනය නිසා මහත් අසරණ බවට පත් දුම්රිය මගීන් දුමිරිය රියැදුරන්ට සහ නියාමක වරුන් ගේ අත්නෝමතික ක්‍රියාමාර්ග මුල් කොට අසභ්‍ය වචනයෙන් බැන වදිනු හා ‘තිරිසන් වැඩ, හෙනම ගහපන් ‘ වැනි වදන් වැඩිපුරම අසන්නට ලැබුණු බවත් අප මාධ්‍යවේදීහු කියති.

මීට පෙර කොතෙකුත් දුම්රිය වර්ජන සිදුව ඇතැත් මෙසේ දුම්රිය මගීන් මහ මඟ අතරමං කළ දුම්රිය වර්ජනයක් මීට පෙර සිදු නොවූ බව පවසන දුම්රිය මගීන් වැඩි දුරටත් පවසනුයේ මීට තම වෘත්තීය සමිති ඉල්ලීම් ඉක්මවා ගිය දේශපාලනික න්‍යාය පත්‍රයක් ඇතුල් වී ඇති බවට තමන් තුළ සාධාරණ සැකයක් පහළ වී ඇති බවය.

වත්මන් රජය පෙරළා දැමීමට අවශ්‍ය නම් ඒ සඳහා අසරණ මහජනතාව කබලෙන් ලිපට ඇද දමන මෙවැනි පහත් ක්‍රියාවල නොයෙදෙන ලෙසද තමන් දුම්රිය රියදුරන්ගෙන් සහ නියාමකවරුන්ගෙන් ඉල්ලා සිටින බව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය මගීහු කීය.

Gossip Lanka 9

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close