හිස පසාරු කොට ගිය බටයක් ඉවත් කළ ආශ්චර්යමත් සැත්කම..!

හිස පසාරු කොට ගිය බටයක් ඉවත් කළ ආශ්චර්යමත් සැත්කම..!

විශේෂ සැත්කම් සදහා ප්‍රසිද්ධියක් උසුලන මහනුවර මහ රෝහලේ සිදුවූ තවත් එක් විස්මිත සැත්කමක් පිළිබදව වාර්තා වෙනවා. එනම් හිස් කබල පසාරු කරමින් ගොස් තිබුණු ය

කනට දරුණු හානි සිදුකරන කොට්‌න් බඩ්
ඕන මඩක් මට ගහන්න මගේ දුවට පාඩුවේ ඉන්න දෙන්න
සිය­දිවි නසා­ගන්නා අයට ආද­ර්ශ­යක් දෙන අච්මාඩ්

විශේෂ සැත්කම් සදහා ප්‍රසිද්ධියක් උසුලන මහනුවර මහ රෝහලේ සිදුවූ තවත් එක් විස්මිත සැත්කමක් පිළිබදව වාර්තා වෙනවා. එනම් හිස් කබල පසාරු කරමින් ගොස් තිබුණු යකඩ බටයක් පැය 6ක කාලයක් සිදු කළ සැත්කමකින් සාර්ථකව ඉවත් කිරීමට මහනුවර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වීමයි.

ඒ අනුව පසුගිය 25ස් වනදා මහනුවර මහ රෝහලේදී කළ විශේෂ සැත්කමකින් හිස හරහා ගොස් තිබුණු යකඩ බටයක් ඉවත් කිරීමට එම සැත්කමෙහි නිරත වූ වෛද්‍යවරුන්ට හැකිවූ බව සදහන්.

බිබිල ඉඟිනියාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය නිවසේ සිටියදී , නිවෙසේ තිබූ බඳින තුවක්කුවක් පත්තුවී ඇති අතර එහි ඉදිරිපස වූ යකඩ බටයක් තුවක්කුවෙන් ගැලවී විසිවී තිබේ. ඉන්පසුව බදින තුවක්කුවෙන් ගැලවුනු එම යකඩ බටය කාන්තාවගේ හිස පසාරු කරමින් ගොස් තිබේ.

අනතුරෙන් පසුව බරපතළ තත්ත්වයෙන් පසුවූ 33 හැවිරිදි මෙම කාන්තාව බිබිල මූලික රෝහලට ඇතුළත් කොට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරු කොට එවා තිබේ.

මහනුවර රෝහලේදී  විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම විශේෂ සැත්කම සිදු කර , ඇයගේ හිසේ තිබූ මෙම යකඩ බටය ඉවත් කිරීමට සමත් වී තිබෙන බව සදහන්,

අදාළ කාන්තාව මේ වනවිට යහපත් සුවයෙන් වැඩිදුර ප්‍රථිකාර ලබමින් සිටී.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0