සන්දීප්, චමු ශ‍්‍රී එක්ක ‘‘සිරවී’’ කළේ දසුන්ගේ කතාවද?

සන්දීප්, චමු ශ‍්‍රී එක්ක ‘‘සිරවී’’ කළේ දසුන්ගේ කතාවද?

මොකක්ද සන්දීප් මේ "සිරවී" කියලා ගීතයකින් දාපු අලුත්ම සෙල්ලම? "සිරවී" කියන්නේ මගේ අලුත්ම සින්දුව. මේ ගීතය ලිව්වේ තිළිණ ආරියරත්න. මියුසික් කළේ චමත් සංග

පර්පචුවල් අයුතු ලාභය අයකර ගත හැකියි – අගමැති
නව තේරීම් කමිටුවට අනුමැතිය
රාජගිරිය ගුවන්පාලම හෙට සිට විවෘතයි

මොකක්ද සන්දීප් මේ “සිරවී” කියලා ගීතයකින් දාපු අලුත්ම සෙල්ලම?
“සිරවී” කියන්නේ මගේ අලුත්ම සින්දුව. මේ ගීතය ලිව්වේ තිළිණ ආරියරත්න. මියුසික් කළේ චමත් සංගීත්. මියුසික් වීඩියෝව කළේ චමු ශ්‍රී ෆිල්ම්ස්.

පසුගිය කාලේ රංගන ශිල්පියෙක්ට වුණු සිද්ධියක් පටලවාගෙන සන්දීප් ගීතය හිට් කර ගන්න හැදුවද?
මේක මගේ හතර වැනි මියුසික් වීඩියෝව. මේ මියුසික් වීඩියෝවේ තියෙන්නේ කාගේවත් විශේෂ කතාවක් නෙවෙයි. එහෙම විශේෂ කෙනෙක්ගේ කතාවක් අල්ලගෙන ගීතය හිට් කර ගන්න හැදුවේ නැහැ. මේක කාගේවත් ජීවිත කතාවක් නෙවෙයි.

හැබැයි ඉතිං ගීතය එළියට ආවෙත් නළුවෙක්ගේ ජීවිත කතාවක් එළියට ගේනවා කියාගෙනනේ. ඒ ප්‍රමෝෂන් කළේ ඔයාලා නෙවෙයිද?
කාගේවත් ජීවිත කතාවක් මියුසික් වීඩියෝවට ගෙනාවා කියලා අපි ප්‍රමෝෂන් කළේ නෑ. සන්දීප් ජයලත්ගේ ගීතයක් සහ චමු ශ්‍රී ගේ මියුසික් වීඩියෝවක් කියලා තමයි අපි ප්‍රමෝෂන් කළේ.

බොහෝ අය ඒ මියුසික් වීඩියෝව භාර ගත්තේ මියගිය දසුන්ගේ ජීවිත කතාව එළියට ගෙනාපු මියුසික් වීඩියෝවක් විදියට?
මෙහෙමයි එහෙම බැලුවොත් එක එක අයට එක එක දේවල් කියන්න පුළුවන්. මේ වගේ කතා ගොඩක් අයට තියෙන්න පුළුවන්. මේ වීඩියෝවේ සංකල්පය චමු ශ්‍රී ගේ. මම ඒ ගීතය ගායනා කළා විතරයි.

මියුසික් වීඩියෝවට ලැබෙන ප්‍රතිචාරවලින් වැඩිපුර ලැබෙන්නේ ගල්ද? මල්ද?
ගීතය ගායනා කරන කෙනා විදියට ඒ සින්දුව හොඳයි කියලා තමයි මට ප්‍රතිචාර ලැබෙන්නේ. ඒක වැරදි විදියට තේරුම් ගත්ත දෙන්නෙක් තුන්දෙනෙක් ෆේස්බුක් එකේ මට කමෙන්ට්වලින් දෝෂාරෝපණය කරලා තිබ්බා. ඇත්තටම මියුසික් වීඩියෝව ගැන හොඳ නරක කියන්න ඕන මියුසික් වීඩියෝව අධ්‍යක්‍ෂණය කරපු කෙනාට.

හැබැයි ඉතිං අධ්‍යක්‍ෂවරයා පිට පටවලා ගායකයා විදියට සන්දීපට ඒ වගකීමෙන් පැනලා යන්න බෑනේ?
ඉතිං මම වැරැද්දක් කළේ නැහැ. මම ගායකයෙක් විදියට ඒ ගීතය ගායනා කළා විතරයි. මම කාගේවත් ජීවිත කතාවකට දායක වුණේ නැහැ.

මියුසික් වීඩියෝවට දෝෂාරෝපණ එල්ල වෙද්දීවත් සන්දීප්, චමු ශ්‍රී ගෙන් වීඩියෝවේ ඇත්ත සංකල්පය අහලා බැලුවේ නැද්ද?
අපි ඕඩියෝ එක කරලා මාස ගාණක් වෙනවා. චමත් සංගීත්ගේ මාර්ගයෙන් තමයි මට චමු ශ්‍රීව මුණගැහෙන්නේ. මම Audio එක කරලා පැත්තකට වුණා. අනෙක් දේවල් කතාබහ කර ගත්තේ එයාලා. මියුසික් වීඩියෝවේ කන්සෙප්ට් එක මට අදාළ වුණේ නැහැ. Audio එකට තමයි මම කැමැති වුණේ.

මීට වඩා දෙයක් මියුසික් වීඩියෝවෙන් කරලා තිබ්බත් සන්දීප් අදාළ නෑ කියලා කට පියාගෙන ඉන්නවද?
මට නම් මේ වීඩියෝවේ අවුලක් පේන්නේ නැහැ. ගායකයා විදිහට ගීතය මට දැනුණා. කීප දෙනයි මෙය වැරදි විදියට තේරුම් අරගෙන තිබුණේ. මම නිර්මාණකරුවෙක් විදියට ගායනයකට සම්බන්ධ වුණා. එච්චරයි.

කොහොමින් කොහොම හරි පද මතක නැතත් මතක හිටින වීඩියෝවක් නේද කරලා තියෙන්නේ?
ලංකාවේ මිනිසුන්ට කොහොමත් හොඳ දෙයට වඩා නරක පැත්ත මතක හිටිනවා වැඩියි. රසිකයන්ගෙන් ඉල්ලන්නේ මුලින්ම සිංදුව අහලා තේරුම් ගන්න. ඊට පස්සේ ඒක වීඩියෝවට අදාළ වෙනවාද බලන්න. එහෙම නැතිව කාගේවත් කතාවක් මේකට අදාළ කර ගන්න එපා.

සන්දීප්ගේ අනෙක් ගීතවලට වඩා මේ ගීතය හිට් කර ගන්න පුළුවන් වුණා නේද?
මගේ ගීතවලින් මීට අවුරුද්දකට කලින් කරපු “මටමයි ඔයා” ගීතයට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. මගේ අනෙක් ගීත එක්ක බලද්දී කෙටි කාලයක් ඇතුළත මේ ගීතය රසිකයන් අතරට ගියා කියලා හිතනවා.

සන්දීප්ටත් යූ ටියුබ්වල Views වැඩි කර ගැනීමේ උණක් තියෙනවද?

Views වැඩි කර ගැනීමේ උණක් මට නැහැ. views උණ තියෙන්නේ මියුසික් වීඩියෝ කරන අයට. මට ඕන මිනිස්සු මගේ සින්දුවට ආදරය කරන්න. මගේ සතුට ඒක. views එක පැත්තකින් ඒ දෙයට බලපාන්න පුළුවන්.

සන්දීප් ගායනයෙන් කරන්න හදන්නේ කාට හරි තරගයක් දෙන එකද? මුදල් හොයන එකද? නැතිනම් තමාගේ හැකියාව පෙන්නගන්න එකද?
මට කා එක්කවත් තරගයක් නැහැ. මට ඕන මට පුළුවන් කාලේ මගේ ගීත ගායනා කරලා හොඳ ගීත ටිකක් වැඩි කරගන්න. මම කරන දේවල් මිනිස්සු අතරට ගෙනියන්න මම වැඩ කරනවා. එතකොටයි මම තැනකට එන්නේ.

සන්දීප් වෘත්තීයමය ගායකයෙක්ද?
මම එහෙම ලේබල් කරගෙන නැහැ. වෘත්තීයමය ගායකයෙක් වෙන්න මට සුදුසුකම් ඇති කියලා හිතනවා.

ගායනය වගේ ක්‍ෂේත්‍රයකට බැස්සේ හැදෑරීමකින්ද?
මට යම්කිසි හැදෑරීමක් තියෙනවා. මම ගීත ගයන්න පටන් අරගෙන අවුරුදු හතක් විතර වෙනවා. මම යන ගමන හදිසි නෑ. මම සූක්ෂ්ම දෙයක් කරගෙන ඉදිරියට යන්න උත්සාහ කරනවා.

ඊළඟ නිර්මාණයත් ළඟදීම එළියට එයිද?
ගීත දෙක තුනක වැඩ පටන් අරගෙන තියෙනවා. කොහොමත් මාස තුන හතරක් ඇතුළත තව අලුත් ගීතයක් එළියට ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close