සංවර්ධන ලොතරැයියේ නව සභාපති සේන සූරියප්පෙරුම

සංවර්ධන ලොතරැයියේ නව සභාපති සේන සූරියප්පෙරුම

ජනාධිපතිවරයාගේ නිර්දේශය මත, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කල විශේෂ ප‍්‍රකාශය
මොරගහකන්ද – කළු ගඟ පිරෙද්දී ගම්මාන 24ක් සිතියමෙන් මැකෙයි
‘හෙනම ගහපන්‘ දුම්රිය මගීහු රියදුරන්ට නියාමකවරුන්ට සාප කරති

ජනාධිපතිවරයාගේ නිර්දේශය මත, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වූ එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා පත් කර ඇත.

කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන ඇත.

ලංකා බැංකුවේ අභ්‍යාසලාගී කළමනාකරුවෙකු වශයෙන් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසි මොහු, පසුව සෙලාන් බැංකුවේ ප්‍රධාන කළමනාකරුවෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර ඇත.

බැංකු ක්ෂේත්‍රෙයන් ඉවත්ව, ලංකා සිමෙන්ති සමාගමේ සභාපතිවරයා ලෙසත්, සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, සමෘද්ධි අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙසත්, පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් පසුගිය කාලය තුළ දී කටයුතු කළ ඇති මොහු, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු ලෙස ද සේවය කර ඇත

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close