ශ්‍රී ලංකාවේ සමලිංගිකයන් 10,000යි

ශ්‍රී ලංකාවේ සමලිංගිකයන් 10,000යි

ශ්‍රී ලංකාව තුල ලිංගික ශ්‍රමිකයන් හා සමලිංගිකයන් කොතරම් ප්‍රමාණයක් සිටිනවාද යන්න සොයා ගැනීමට සමීක්ෂණයක් සැලසුම් කර තිබෙනා බවට වන පුවතක් වාර්තා වනවා.

මලික් සමරවික්‍රමටත් මංගල සමරවීරටත් විශ්වාසභංගයක් ගේනවා – කෙහෙළිය
තමන්ගේ ශරීරය අනවශ්‍ය විදියට පෙන්නලා ඉන්න අය ප්‍රසිද්ධයි – Yureni Noshika
නාලිකා කිහිපයක් රියැලිටි වැඩසටහන් කියා මා රැවටීමට ලක්කළා

ශ්‍රී ලංකාව තුල ලිංගික ශ්‍රමිකයන් හා සමලිංගිකයන් කොතරම් ප්‍රමාණයක් සිටිනවාද යන්න සොයා ගැනීමට සමීක්ෂණයක් සැලසුම් කර තිබෙනා බවට වන පුවතක් වාර්තා වනවා.
මෙම සමීක්ෂණය සිදු කිරීමට සැලසුම් කර තිබෙන්නේ ජාතික ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයයි.

එම ව්‍යාපාරය සදහන් කරන්නේ 2014 වසර දක්වා සිදුකළ පරීක්ෂණ වලදී ලිංගික ශ්‍රමිකයන් 15000කට ආසන්න ප්‍රමාණයකුත්, සමලිංගිකයන් දසදහසකට ආසන්න ප්‍රමාණයකුත් වාර්තා වී තිබූ බවයි.

එච්.අයි.වී. ඒඩ්ස් නිවාරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මෙම දත්ත අතිශය වැදගත් වන නිසා මෙලෙස නව සමීක්ෂණයක් සිදුකිරීමට සැලසුම් කළ බවත් එම ව්‍යාපාරය සදහන් කරනවා.

මීට අමතරව එච්.අයි. වී ඒඩ්ස් තුරන් කිරීම සඳහා සකස් කර තිබෙනා පස් අවුරුදු සැලැස්මේදී මෙම ලිංගික ශ්‍රමික හා සමලිංගික කණ්ඩායම් දැනුවත් කිරීමට හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද එම ව්‍යාපාරය සැලසුම් කර තිබෙන බවත් එම වැඩ සටහන් සදහා මුදල් වෙන් කිරීමද මේ දිනවල සිදුවන බව සදහන්.

Gossip Lanka 9

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close