විභාගය අසමත් දරුවන්ට බණින්න එපා

විභාගය අසමත් දරුවන්ට බණින්න එපා

ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම හේතුවෙන් දරුවන්ට දෙමාපියන් කායිකව හා මානසිකව දෙන දඬුවම් ඔවුන් දීර්ඝකාලීනව රෝගීන් බවට පත්වීමට හේතුවක් වීමේ අවදානමක් වුවද මතු

ගායනයෙන් රංගනයට ආ, රීනී ද සිල්වා
ශ්‍රී ලංකාවේ සමලිංගිකයන් 10,000යි
මුත්‍රා සහ පිත්තාශ ගල් සුවකරන ප්‍රතිකාර

ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම හේතුවෙන් දරුවන්ට දෙමාපියන් කායිකව හා මානසිකව දෙන දඬුවම් ඔවුන් දීර්ඝකාලීනව රෝගීන් බවට පත්වීමට හේතුවක් වීමේ අවදානමක් වුවද මතුවිය හැකි බව ළමා මනෝ වෛද්‍ය විශේෂඥ ස්වර්ණා විජේතුංග මහත්මිය සඳහන් කරයි.දරුවන් විභාග අසමත් වූ බව පවසමින් දිගින් දිගටම චෝදනා කිරීමට හා දඬුවම් දීම මත ඔවුන්ගේ මානසික ශක්තිය බිඳ වැටීම හේතුවෙන් විෂාදය වැනි මානසික රෝගයන්ට වුවද දරුවන් ගොදුරු විය හැකි බව ඇය පෙන්වා දෙයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය යනු දෙමාපියන් දරුවන් බලෙන් ඇදගෙන ගොස් පවරන පැවැරුමක් බවත් එම විභාගයට පෙනී සිටීමට බොහෝ දරුවන්ගේ මොළය නිසි ලෙස වර්ධනය වී නොමැති බවත් ඇය පෙන්වා දෙයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අසමත් වන දරුවාට ඉහළ පන්තිවලදී විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වන බවත් ඒ වන විට දරුවාගේ මොළය හොඳින් වර්ධනය වී ඇති බවත් ඇය පෙන්වාදෙයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් නොවූ දරුවකුට තම දෙමාපියන් නිතරම අදක්ෂයෙක් යැයි කියමින් බැණ වදින්නේ නම් එම දරුවා මානසික රෝගියකු බවට පත්වන අතර එය කායික රෝගයන් වන අධිරුධිර පීඩනය, අසාත්මිකතාවන්, දියවැඩියාව, කොලොස්ටේ‍රා්ල් වැනි බෝනොවන රෝගයන්ට හේතුවක් විය හැකි බවද විශේෂඥවරිය සඳහන් කරයි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close