විජයගේ දීපාවලි තෑග්ග “මර්සල්”

විජයගේ දීපාවලි තෑග්ග “මර්සල්”

ජනප්‍රිය කොලිවුඩ් රංගන ශිල්පී විජය රංගනයෙන් දායකත්වය සපයන මර්සල් චිත්‍රපටය අද ප්‍රදර්ශනය ආරම්භ කළා. මේ චිත්‍රපටය සඳහා සමන්තා රූත්, ප්‍රබූ, කාජල් අග

ආරක්ෂිත හිස් වැසුම් අතේ තබාගෙන ගමන් කල තරුණයන් දෙදෙනා මරුට
සංගා කී දෙයක් පාකිස්තාන බස් රියදුරු වසර 8කට පසු කියයි
පියාගේ දේහයට වැඳ විභාගයට ගිය සඳමාලි

ජනප්‍රිය කොලිවුඩ් රංගන ශිල්පී විජය රංගනයෙන් දායකත්වය සපයන මර්සල් චිත්‍රපටය අද ප්‍රදර්ශනය ආරම්භ කළා.

මේ චිත්‍රපටය සඳහා සමන්තා රූත්, ප්‍රබූ, කාජල් අග්‍රාවල්, නිත්‍යා මෙනන්, එස්. ජේ. සුර්යා, වඩිවෙලු, සත්‍යරාජ් රංගන දායකත්වය සපයනු ලැබේ.

අධ්‍යක්ෂණය අට්ලි විසිනි. ප්‍රදර්ශන කිරීම සඳහා විවිධ අභියෝග රැසක් හමුවේ සාර්ථකත්වයට පත් සිනමාපටය දීපාවලි උත්සවය වෙනුවෙන් ජනතාව වෙත ලබාදීමට එහි සංවිධායකයන් කටයුතු කර තිබුණි.

විජය මෙහි චරිත ත්‍රිත්වයක් සඳහා දායකත්වය ලබා දේ. ඉන්දියාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සිදුවන දුෂණ අක්‍රමිකතා වලට එරෙහිව නැගී සිටින වෛද්‍යවරයෙක්, මැජික්ශිල්පියෙක් සහ ගම්මුලාදැනියෙක් එම චරිත තුනට අයත් වේ.

“මර්සල්” බොක්ස් ඔෆිස් අදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වනු ඇති බවට විචාරකයෝ මත පල කරති.

තුෂාරා සෙව්වන්දි

මේ එම වීඩියෝව පහතින්,

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close