වැලිකඩ ඝාතන සිද්ධියක් ගැන මම දැනගෙන හිටියෙ නෑ

වැලිකඩ ඝාතන සිද්ධියක් ගැන මම දැනගෙන හිටියෙ නෑ

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ සමූහ ඝාතන සිද්ධිය ගැන ඊට කලින් ඔබ දැනගෙන ඉඳලා තියෙනවා...? නෑ. ඔබ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් සමඟ මේ දවසේ කළ ම

“අම්මාට දැන් වයසයි, බලා ගන්න අපිට බෑ” අවුරුදු 83ක් වයස අම්මා පොලීසියට භාර දී දරුවන් ගෙදර ගිහිල්ලා .!
වර්ජනයට මුහුණ දෙන්න ඔසුසල්වලින් නොමිලේ ඖෂධ
මට මඩ ගහන්නේ ඔය “ජයින් ජයම වේවා!.. ස්තූතීයි…” කියන එකටනේ – අසංක ප්‍රියමන්ත පීරිස්

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ සමූහ ඝාතන සිද්ධිය ගැන ඊට කලින් ඔබ දැනගෙන ඉඳලා තියෙනවා…?
නෑ.

ඔබ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් සමඟ මේ දවසේ කළ මෙහෙයුම ගැන සාකච්ඡාවක් කරලා තිබුණා…?
නෑ. මං එහෙම සාකච්ඡා කළේ නෑ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ ඒ ගැන සඳහන් වෙනවා…?
ඔය වාර්තාවෙ තියෙන්නෙ බොරු නෙ.

ඔබත් සාක්ෂි දෙන්න ගියානෙ…?
ඔව්.

මොනවද කිව්වෙ…?
කියන්න මං ඔය ගැන දැනගෙන හිටියෙ නෑනෙ.

එවකට ආරක්ෂක ලේකම්වරයා විදියට ඔබ දන්නෙ නෑ…?
නෑ. මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ.

අඩු තරමෙ ඊට පස්සෙවත් එහෙනම් දැනගන්න ඇති නෙ, විධිමත් පරීක්ෂණයක් කරන්න තිබුණනෙ…?
මං මොනවටද ඒවා කරන්නෙ. ඒවා කරන්න වෙනම ආයතන තියෙනවනෙ.

අඩු තරමෙ ඔබට මේ සිද්ධිය ගැන චෝදනා එල්ල වෙනවා කියලවත් දන්නවද…?
(දුරකථනය විසන්ධි කෙරිණි. ඉන්පසු ඇමතුම් ගත්තද ගෝඨාභය රාජපක්ෂ දුරකථනයට පිළිතුරු දුන්නේ නැත.)

– සත්හඬ

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close