වරායේ විවාදය කඩාකප්පල් කිරීම සඳහා තානාපති කාර්යාලයක බලපෑම්

වරායේ විවාදය කඩාකප්පල් කිරීම සඳහා තානාපති කාර්යාලයක බලපෑම්

ඒකාබද්ධ විපක්‌ෂයේ ඉල්ලීමට අනුව හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අදාළ පාර්ලිමේන්තු විවාදය කඩාකප්පල් කිරීම සඳහා විදේශ තානාපති කාර්යාලයක බලපෑම් එල්ල වූයේ

ගෝටාභය අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්.. – මහින්ද හෙලි කරයි
රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ
මුහුද රළු වී මීට පෙර කිසිදාක නොවූ අන්දමේ වෙනසක් – සුනාමියක පෙර නිමිතිද?

ඒකාබද්ධ විපක්‌ෂයේ ඉල්ලීමට අනුව හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අදාළ පාර්ලිමේන්තු විවාදය කඩාකප්පල් කිරීම සඳහා විදේශ තානාපති කාර්යාලයක බලපෑම් එල්ල වූයේ දැයි සොයා බලා වාර්තා කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇත.

ඒකාබද්ධ විපක්‌ෂයේ ප්‍රබලයකු හරහා මේ විවාදය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවට විවිධ වාර්තා පළ වූ අතර ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් ද මේ පිළිබඳව කැබිනට්‌ මාධ්‍ය හමුවේදී හෙළි කර තිබිණි.

ඒ අනුව පසුගිය 28 දා පැවැත්වීමට තිබූ විවාදය කඩාකප්පල් කිරීමට එම තානාපති කාර්යාලය මැදිහත් වූයේ දැයි සොයා බලන ලෙස අගමැතිවරයා වැඩිදුරටත් විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close