ලෝක රූ රැජින කිරුල වසර 17 කට පසු ඉන්දියාවේ වෛද්‍ය සිසුවියකට

ලෝක රූ රැජින කිරුල වසර 17 කට පසු ඉන්දියාවේ වෛද්‍ය සිසුවියකට

රටවල් 108 අතරින් මෙවර ලෝක රූ රැජින තරගාවලි කිරුළ තමන් සතු කරගැනීමට ඉන්දීය රූ රැජින, මනුශි චිල්ලාර් සමත් විය. 2000 වර්ෂයේදී ප්‍රියංකා චොප්රා විසින්

වෘෂණ කෝෂයේ මදුරුවෙක් වැහුවාම කරන දේ රන්ජන් කියයි.. [Video]
“මම අම්මා කෙනෙක් වුණා කියලා මගේ ඉස්සර තිබුණු ක්‍රම වෙනස් කරගෙන නැහැ’’
පර්පචුවල් අයුතු ලාභය අයකර ගත හැකියි – අගමැති

රටවල් 108 අතරින් මෙවර ලෝක රූ රැජින තරගාවලි කිරුළ තමන් සතු කරගැනීමට ඉන්දීය රූ රැජින, මනුශි චිල්ලාර් සමත් විය.

2000 වර්ෂයේදී ප්‍රියංකා චොප්රා විසින් ලෝක රූ රැජින කිරුල දිනාගත් පසු එනම් වසර 17 කට පසු මෙම කිරුල ඉන්දියාව සතු වීම විශේෂත්වයකි.

තරගාවලියේ දෙවැනි ස්ථානය මෙක්සිකෝ රූ රාජිනිය වූ ඇන්ඩ්‍රියා මේසා ටත් තෙවැනි ස්ථානය එංගලන්ත රූ රැජින වූ ස්ටෙෆනී හිල් ටත් හිමි විය.

මෙවර ලෝක රූ රැජින වූ 20 හැවිරිදි මනූෂි වෛද්‍ය සිසුවියකි. ඇය මිස් ඉන්දියා රූ රැජින තරගයට පිවිසුණේ හර්යානා ප්‍රාන්තය නියෝජනය කරමිනි.

රයිටා ෆාරියා 1966, අයිශ්වර්යා රායි බච්චන් 1994, ඩයනා හේඩන් 1997, යුක්තා මූකේ 1999, ප්‍රියංකා චොප්රා 2000 මින් පෙර ලෝක රූ රැජින කිරුළට හිමිකම් දැරූ සුරුපිනියන් වේ.

ඒ අනුව ඉන්දියාව වෙනුවෙන් 6 වැනි වතාවට ලෝක රූ රැජින කිරුල හිමි කරගත්තේ මනුශි චිල්ලාර් ය.

මනූෂිට කිරුළු පැළැඳීම සිදු කරනු ලැබුණේ 2016 වසරේ ලෝක රූ රැජින වුණු පුවර්ටෝ රීකෝ සුර සුරූපිනිය දෙල් වේල් විසිනි.

මෙවර ලෝක රූ රැජින තේරීමේ තරගාවලිය පැවැත්වූයේ චීනයට අයත් සංචාරක ආකර්ශණයක් ද වන හයිනාන් දූපතේ සාන්යා නගරය කේන්ද්‍රකොට ගනිමිනි.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close