ලොතරැයිපත් අලෙවිය කඩාවැටීමකට ලක්වෙලා

ලොතරැයිපත් අලෙවිය කඩාවැටීමකට ලක්වෙලා

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතාට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ලොතරැයි පත් මිලදී ග

දළ ඇතුන් මරා දැමීම ගැන පරීක්ෂණ CIDයට
විජයදාස අපේ ගමේ මිනිහ විශ්වාසභංගයට අපි නෑ
රැඳවියකු බැලීමට ආ රූමතියට බන්ධනාගාර නියාමකගෙන් අයුතු යෝජනාවක් !

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතාට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ලොතරැයි පත් මිලදී ගැනීම පිළිබඳව ජනතාව කෙරෙහි පැවැති විශ්වාසය කඩවීමත් සමඟ ලොතරැයිපත් අලෙවිය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පවසයි.

ලොතරැයිපත් අලෙවිය අඩුවීමත් සමඟ ජනතාව අතරේ බෙදාහරිනු ලබන ත්‍යාග මුදල්වල අඩුවීමක් පවතින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
අලෙවිය අඩුවීමත් සමඟ ආපසු ලොතරැයි මණ්ඩලය වෙත ලබාදෙන ටිකට් පත් ප්‍රමාණය අති විශාල බවත් මේ හේතුවෙන් දිවයින පුරා සිටින 40,000ක් පමණ වන ලොතරැයිපත් අලෙවිකරුවන් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පෙන්වා දෙයි.

රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී රුපියල් 20කට අලෙවි වූ ටිකට් පතක මිල රුපියල් 30ක් දක්වා ඉහළ දැමීමත් සමඟ ලොතරැයි පත් මිලදී ගැනීමෙන් අෑත් වූ ජනතාව අදාළ සිද්ධියත් සමඟම එම ලොතරැයිපත් අලෙවිය බරපතළ කඩාවැටීමකට ලක්වූ බවද එම සංගමයේ ප්‍රකාශකයකු පැවැසීය. ජනපතිවරයාගේ නියමය පරිදි ලොතරැයිපතේ මිල වැඩි කිරීම පසුව අත්හිටුවන ලදී.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close