ලාස්‌ වේගාස්‌ ඝාතකයා මහරෑ නින්දෙන් අවදි වී හඬා වැළපුණා’ – පෙම්වතියවූ ඩැන්ලේ හෙළි කරයි

ලාස්‌ වේගාස්‌ ඝාතකයා මහරෑ නින්දෙන් අවදි වී හඬා වැළපුණා’ – පෙම්වතියවූ ඩැන්ලේ හෙළි කරයි

ලාස්‌වේගාස්‌හිදී සංගීත ලෝලීන් 59 ක්‌ ඝාතනය කළ ස්‌ටීවන් පැඩොක්‌ එම ඝාතනය සිදු කිරීමට දින කීපයකට පෙර නින්දෙන් අවදි වී හැඬූ බව F.B.I පොලිසියට හෙළිවී ඇත.

කාන්තාවක මරු දුටු පන්නිපිටිය මෝටර්බයික්-ත්‍රීවීල්-කාර් අනතුර CCTV
විල්පත්තු විනාශය කතා නොකරන, වෙබ් මාධ්‍යවේදින්ට ලංකා සතොසින් මුදල්..!
අද ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් ගැටුමට පොලිසියෙන් 1,000ක්

ලාස්‌වේගාස්‌හිදී සංගීත ලෝලීන් 59 ක්‌ ඝාතනය කළ ස්‌ටීවන් පැඩොක්‌ එම ඝාතනය සිදු කිරීමට දින කීපයකට පෙර නින්දෙන් අවදි වී හැඬූ බව F.B.I පොලිසියට හෙළිවී ඇත. පැඩොක්‌ගේ පෙම්වතිය වූ ඩැන්ලේ මේ බව හෙළි කර ඇත.

ඔහු මහ රෑ නින්දෙන් අවදි වී හඬා වැළපුණා. කෑ ගැසුවා යෑයි ඇය කීවාය. මේ නිසා පැඩොක්‌ බරපතළ මානසික ආබාධයකින් පෙලුණු අයෙක්‌ බව තහවුරු වී ඇත.

ඔහු සංගීත ප්‍රසංගයෙන් නැගෙන අධික ශබ්දය ගැනද මැන්ඩලේ බේ හෝටලයේ පාලනාධිකාරියට පැමිණිලි කර තිබේ.

සංගීත ලෝලීන්ට වෙඩි තැබීමෙන් පසු ඔහු පැන යැමටද උත්සාහ දරා ඇතත් ස්‌වැට්‌ බලකායේ පැමිණීමත් සමග එම උත්සාහය ව්‍යර්ථ වී ඇත. මේ අතර පැඩොක්‌ගේ වෙඩි ප්‍රහාරවලට ලක්‌ වූවන්ගෙන් අටදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් බලධාරීහු පවසයි.

මේ සමූලඝාතනයට මුල්වූ හේතුව මෙතෙක්‌ හෙළි වී නැත.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close