ලංකා ඊ නිවුස් වාරණයට හේතුව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සොයා දෙයි

ලංකා ඊ නිවුස් වාරණයට හේතුව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සොයා දෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් 'ලංකා ඊ නිවුස්' වෙබ් අඩවිය පිවිසීමට නොහැකි වන සේ වාරණය කර ඇතැයි පවසමින් එය දැඩි ලෙස හෙළා දකින නි

ඉන්න ගේ විකුණලා දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු ගැන බලනවා – Jayantha Ratnayake
දිවුලපිටිය පොලිසිය දෙවෙනි බිල්ලත් ගනී
සායම් ගල්වාගෙන නිරුවතින් ඇවිදින සුරුපිණිය

ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවිය පිවිසීමට නොහැකි වන සේ වාරණය කර ඇතැයි පවසමින් එය දැඩි ලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එම වාරණය වහාම ඉවත් කරන මෙන් ආණ්ඩුවට බල කරති.

මේ අතර මෙරට වාරණයට ලක්වු තවත් වෙබ් අඩවියක් වන ‘ ශ්‍රී ලංකා මිරර්’ ලංකා ඊ නිවුස් වාරණයට හේතුව සොයාගෙන ඇත.

මේ බව සදහන් කරමින් එම වෙබ් අඩවිය විසින් නිකුත් කර ඇති ප‍්‍රකාශය මෙසේය.

(එම පුවත දැන් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියෙන් ඉවත්කොට ඇත.)

ලංකා ඊ නිවුස් ශ්‍රී ලංකාව තුළ වාරණය කර ඇත්තේ විදුලි සංදේශ නියාම කොමිසමේ රෙගුලාසි කඩකිරීම හේතුවෙන් බව වාර්තා වේ.

අදාළ රෙගුලාසිවල 58 වැනි වගන්තියේ සටහන්ව ඇති “ යම් අහිෂ්ථ, අසභ්‍ය, කැරළිකාර, අශ්ලීල, තර්ජනාත්මක හෝ අතිශයින් අප්‍රසන්න ස්භාවයක පනිවුඩයක්, යම් විදුලි සංදේශ කාර්යාලයකදී සම්ප්‍රේශනය කිරීම සඳහා තමා විසින්ම හෝ තම නියෝජිතයකු හෝ සේවකයකු මගින් ඉදිරිපත් කරන සෑම තැනැත්තෙක්ම ඉන් වරදක් කරන අතර වරදකරු කරනු ලැබූ විට රුපියල් පන්දහසකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත්වන්නේය.” යන කොන්දේසිය කඩ කිරීම මේ වාරණයට හේතුව බව විදුලි සංදේශ නියාම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, අදාළ කාරණාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය දැනුවත්ව නොසිටි බවද පැවසේ.


Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close