රිංගින් ටෝන් ආයතනය චාමරව වෙනස් කරයි

රිංගින් ටෝන් ආයතනය චාමරව වෙනස් කරයි

දශකයකට ආසන්න කාලයක් තිස්සේ සිය ජනප්‍රියත්වය එකසේ රඳවා ගන්නට සමත් වූ චාමර වීරසිංහ ප්‍රසංග වේදිකාව තුළ නිතර දකින්නට ලැබෙන ගායකයෙකි. නිතරම කාර්යබහුල ජීවි

දෙවැනි ඉනිම මගේ පළවෙනි ටෙලි නාට්‍යය – ට්‍රිශාලා නතාෂි
ගැබ්බර කතට සහ සිඟිති දියණියට දළ පූට්ටුවාගෙන් අභය දානය ලැබුන හැටි
රවීන්ගේ හා නයනතාරාගේ දෙවෙනි දවසේ පින්තූර මෙන්න..!

දශකයකට ආසන්න කාලයක් තිස්සේ සිය ජනප්‍රියත්වය එකසේ රඳවා ගන්නට සමත් වූ චාමර වීරසිංහ ප්‍රසංග වේදිකාව තුළ නිතර දකින්නට ලැබෙන ගායකයෙකි. නිතරම කාර්යබහුල ජීවිතයක් ගෙවන්නෙක් ලෙසද ප්‍රසිද්ධව සිටින චාමර, මේ දිනවල සිය රසික පිරිස් වෙත නව නිර්මාණ කිහිපයක් ලබාදීමේ අරමුණින් සිටියි.

සිය නව නිර්මාණ පිළිබඳ අදහස් දැක්වූ චාමර,

“මම ගීත තුනක් මේ වනවිට නිර්මාණය කරලා තියෙනවා. ඒ ගීතවලින් එකක් මේ වනවිට ‘ෆේස්බුක්’ සමාජ ජාලය හරහා එළිදක්වලා තියෙනවා. අනික් ගීත දෙක තවමත් එළිදැක්වුයේ නැහැ. මොකද, අදහසක් තියෙනවා මේ ගීත දෙක රූප රචනාවක් සහිතව එළිදක්වන්න. සාමාන්‍යයෙන් මම මගේ ගීතවලට රූපරචනා කරන්නේ නැහැ. වෙනසකටත් එක්ක හිතුණා ඉතින් ඒ වගේ දෙයක් කරන්න. රූප රචනාවක් කරමු කියලා ඉල්ලීමක් කළේ රිංගින් ටෝන් ආයතනයක්. ඉතින් ඔවුන්ගේ අවශ්‍යතාව මත තමයි මේ දේවල් වෙන්නෙත්” යැයි පැවසීය.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close