රාජපක්ෂලා හොරු කිව්වට දැන් එළිවෙන්නේ යහපාලන හොරකම් – නාමල්

රාජපක්ෂලා හොරු කිව්වට දැන් එළිවෙන්නේ යහපාලන හොරකම් – නාමල්

‘‘මේ රටේ පවතින්නේ යහපාලන නීතිය නම් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වනවිටත් රවි කරුණානායක මහත්තයව ඇමැති තනතුරෙන් ඉවත් කළ යුතුයි. කිව්වේ යහපා

ඇමරිකානු පුරවැසිකම ඉවත් කරන්න ගිය ගෝඨා දිවයිනට
රැඳවියකු බැලීමට ආ රූමතියට බන්ධනාගාර නියාමකගෙන් අයුතු යෝජනාවක් !
විල්පත්තු විනාශය කතා නොකරන, වෙබ් මාධ්‍යවේදින්ට ලංකා සතොසින් මුදල්..!

‘‘මේ රටේ පවතින්නේ යහපාලන නීතිය නම් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වනවිටත් රවි කරුණානායක මහත්තයව ඇමැති තනතුරෙන් ඉවත් කළ යුතුයි. කිව්වේ යහපාලනය නම් රාජපක්ෂ ආණ්ඩුව පවතිද්දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පවුලේ අය හොරා කියලා නම් අවුරුදු දෙකහමාරක් තිස්සේ අපි ගැන හොයලා හොයලා අපේ ආච්චිලාගේ ගෙවල්වලටත් ගිහිල්ලා හඳුනන අයවලුන්ගේ ගෙවල්වලටත් පැනලා ඒකාබද්ධ විපක්ෂයේ සියලුම අයගේ ගෙවල්වලටත් පැනලා නෝනලගෙන් ප්‍රශ්න කරලා පාසල් යන වයසේ දරුවන්ගෙන් පවා ප්‍රශ්න කරලා අවසානයේ මොකද වුණේ.

අපිට මඩ ගහලා අපිව රිමාන්ඩ් කරලා හිරේ දාන්න උත්සාහ කරපු යහපාලන ආණ්ඩුවේ හොරකම් දැන් එළිවෙනවා. බැඳුම්කර වංචාව හොයන්න ගියේ මාස හතරයිනේ. බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලනවා, කල්පනා කරන්න එදා නාමල් රාජපක්ෂගේ රත්රන් ලැම්බෝගිනි ඩොලර් මිලියන 18 කතාව ඇත්ත නම් මේ ආණ්ඩුව ඇලෝසියස් මුදලාලිගේ හොරකම් මාස හතරෙන් හොයා ගත්ත නම් අවුරුදු දෙකහමාරක් ගිහිල්ලත් තවම අපිට බොරු චෝදනා දාලා මාස 30ක් තිස්සේ අපේ ආච්චිලගේ අම්මලගේ පස්සේ එළවලා කරදර කරවලා මොකද වුණේ. යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ හොරකම් එළිවුණා. තමන්ගේ ප්‍රතිපත්තිය යහපාලනේ නම් මේ ඇමැතිවරයා අයින් කරලා සාධාරණ පරීක්ෂණයක් කරන්න ලෑස්ති කරන්න. එසේ නොවුණොත් අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා.

අතිගරු ජනාධිපතිවරයා කියනවා වරාය සේවකයන්ට බෝනස් දෙනවා කියලා. හොඳයි දෙන්න. හැබැයි ණය ගෙවනවා කියලා බොරුනේ කිව්වේ. මහ බැංකු බැඳුම්කරවලින් මේ ආණ්ඩුව කරලා තියෙන මහා වංචාව මේක තමා. ආණ්ඩුවට සල්ලි තියෙනවා. ඇමැතිවරුන්ට කෝටි ගණන් ගෙවලා වාහන ගෙන්වා ගන්න පුළුවන් නම් තෙල්වලින් ඩොලර් මිලියන 04ක ලාභ තියෙනවා නම් කෝටි දෙකහමාරක් දීලා බද්දට ගොඩනැඟිලි ගන්න පුළුවන් නම් කෝටි 20ක් ආණ්ඩුවේ සල්ලිවලින් වියදම් කරලා නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ රෝහල පාලනය කරන්නට පුළුවන් නම් ආණ්ඩුවට සල්ලි නැහැ කියන කතාව බොරුනේ.

එහෙනම් මේ ගහන බදුවලට මොකද වෙන්නේ. බදු යන්නේ කාගෙවත් සාක්කුවටද..? මේ රටේ ජනතාවට ගහන බදු මේ ආණ්ඩුවේ කාගේ හරි සාක්කුවකට යන්න ඕන. හැම එකම පිටිපස්සේ ඇලෝසියස් න්‍යාය තියෙනවා. කරුණාකර පැවැති ආණ්ඩුවට ඇඟිල්ල දික් කර කර මේ රට විකුණාගෙන කන්න ලෑස්තිවෙන්ට එපා කියන පණිවුඩය අපි ආණ්ඩුවට දෙනවා.

ජනාධිපතිතුමා කියනවා 113 ලැබුණත් එයාගේ ආශීර්වාදය ගන්න ඕනලු. ආශීර්වාදය කෙසේ වෙතත් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය මේ රටට ගෙනාවා කියලා එතුමාම කියනවා නම් බහුතරයට හිස නැමිය යුතුයි. මතක තියාගන්න ඊළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතතයට 113 හදා ගන්ට එන්ට වෙන්නේ අපි ගාවටයි.
හම්බන්තොට වරාය ගිවිසුම පාර්ලිමේන්තුවේ විවාදය නොකිරීමට හේතුව විපක්ෂයේ කලබලය බවට චෝදනාවක් තියෙනවා.

එදා පාර්ලිමේන්තුවේ සිදුවීම පිළිබඳව රටේ ජනතාව දැක්කා කතානායකවරයා අත්තනෝමතිකව පනත් සම්මත කිරීම නිසයි මෙම සිදුවීම් ඇතිවුණේ. පාර්ලිමේන්තුවට ගිවිසුම දාලා විවාද කරනවයි කියලා බොරු කියලා අනවශ්‍ය කලබලයක් කතානායකවරයාම ඇති කරලා විවාදයට ඉඩක් දුන්නෑ.
පෞද්ගලික ප්‍රශ්නයක් නොවෙයි. සැලසුම් සහගතව මේ ගිවිසුමේ තියෙන දේ විවාද කරලා රටට අහිතකර දේ ලොවට හෙළිවෙනවාට මේ දේ කළා. දැන් ජනාධිපතිතුමා කියනවා තවත් සාකච්ඡා කරලා එකතුවෙලා වෙනස්කම් කරමු කියලා.

ගිවිසුමේ කොතැනකවත් සඳහනක් නැහැ වෙනසක් කළ හැකි බවට. අඩුගාණේ අපේ ගමේ මනුස්සයෙක් පෞද්ගලික බැංකුවකින් ගෙයක් ‍ෙදාරක් ගත්තම හරි කුලියට හෝ මුදලට ගත්තම ඒ ගිවිසුම ගැහුවට පස්සේ වෙනසක් කරමු කියලා කියන්නට බැහැනේ. ඒ වගේ රටේ ජනතාව නොමඟ යැවීමක් තමා මේ අය කරන්නේ.’’

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close