රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනියි

රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනියි

මීට ඉහතදී බැඳුම්කර කොමිසම විසින් කළ දැනුම් දීමේදී කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වීම ගැන විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණනායක මහතා බැඳුම්කර කොමිසමෙන් අද

රෝගියෙක් වෙනුවෙන් ගිලන් රථයක් පැදවූ රාජාංගන වෛද්‍යවරයාට විගණනයක්
මංගලගේ මත්පැන් අලෙවි චක‍්‍රලේඛ ජනපති අහෝසි කරයි..
රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස වටහාගත යුතුයි – හමුදාපති

මීට ඉහතදී බැඳුම්කර කොමිසම විසින් කළ දැනුම් දීමේදී කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වීම ගැන විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණනායක මහතා බැඳුම්කර කොමිසමෙන් අද (02දා) සමාව ගත්තේය.

එසේම කොමිසම තමාගෙන් අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට සූදානම් බවත්  විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදු වූ කාලසීමාවේදී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ රවී කරුණනායක මහතාය.

ඒ අනුව ඔහුගේ ප්‍රකාශයක් ලබාගැනීමට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මහතාට අවස්ථා දෙකකදී කොමිසම දනුම් දුන්නත් ඔහු ඒ අවස්ථා දෙකේදිම පැමිණිය නොහැකි බව දැන්විය.

කෙසේ වෙතත් පසුව ඔහු පැවැසුවේ අද (02දා) කොමිසම හමුවේ පෙනී සිටිය හැකි බවයි. ඒ අනුව අමාත්‍යවරයා අද කොමිසම හමුවට පැමිණියේය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close