රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස වටහාගත යුතුයි – හමුදාපති

රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස වටහාගත යුතුයි – හමුදාපති

හමුදා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් දඩයමක් ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක රණවිර

පාසලේ වමනේ දැමූ සිසුවිය ගැබ්ගෙන ඇතැයි කියා අස් කරලා
ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසියි
ප්‍රභාකරන් එක්ක හැප්පෙන්න පුළුවන් ගෝඨා හිරේ යන්න බය වෙන්නේ නෑ!

හමුදා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් දඩයමක් ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස සමාජය වටහා ගත යුතු බව අවධාරණය කරයි.
යුද හමුදාපතිවරයා ඒ බව කියා සිටියේ ඊයේ (අගෝස්තු 04) මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

“විශේෂයෙන් රණවිරුවෙක් දැන ගත යුතුයි රණවිරුවා කවුද මිනීමරුවා කවුද කියලා. රණවිරුවෙක් මිනීමරුවෙක් වී තිබෙනවා නම් ඔහු ඒ දඬුවමට යටත් විය යුතුයි” යනුවෙන් හමුදාපතිවරයා සඳහන් කළේය.
හමුදා සාමාජිකයන් සහ නිලධාරීන් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සහ යුද හමුදා නීතියට යටත් බව පෙන්වා දෙන හමුදාපතිවරයා එබැවින් ත්‍රිවිධ හමුදාවම විනයට ගරු කරන බව පැවසීය.

“යුද කාලෙදී හෝ පසුව නිල ඇඳුම භාවිත කරලා යම් අයෙකු වැරදි ක්‍රියාවක නිරත වී තිබෙනවා නම් ඔහු රණවිරුවෙක් නෙවෙයි. අන්න ඒ කියන්නා වූ රණවිරුවෝ තමයි ඒ දඩයම් කරනවා කියන්නේ. නැතුව සටන හරියට කරපු කිසිම කෙනෙකුට එහෙම දඬුවම් ලැබිලත් නැහැ”මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවේ හමුදාපතිවරයා කියා සිටියේ විනයගරුක නොවන සොල්දාදුවන් සහ නිලධාරීන් කිහිප දෙනෙකු හමුදාවේ සිටින බවය.”ඒ අයට කිසි සමාවක් නැහැ. මම අත්අඩංගුවට ගන්න ඉන්න අය ඔක්කොම අත්අඩංගුවට ගන්නවා”

මල්වතු මහා නාහිමියන් උතුරේ පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් ද හමුදාපතිවරයාගෙන් විමසා සිටියහ.උතුරු පළාතේ යම් යම් කණ්ඩායම් ක්‍රියාත්මක වුවත් ඔවුන් එල්ටීටීඊ සංවිධානය තරම් ශක්තිමත් කණ්ඩායම් නොවන බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ “කුහක සහ පටු දේශපාලන අදහස්” මුදුන් පත් කර ගැනීමේ අරමුණින් එවැනි කණ්ඩායම් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවය.”දකුණේත් සමහරවිට එය වැරදියට සිද්ධ වෙනවා. නමුත් උතුරේ ජීවත් වුනොත් තේරෙනවා එහෙම තත්ත්වයක් නැහැ කියලා”උතුරෙන් වාර්තා වූ ඇතැම් ක්‍රියා සහ 1978 පෙර පැවති තත්ත්වය හා සැසඳීමට ඇතැමුන් උත්සහ කරන බව කී හමුදාපතිවරයා “මහා හමුදාපති වශයෙන් කියන්නේ ඒක බොරුවක්. මොකද 78 හමුදාව එහෙම හිටියේ නැහැ. 78 හිටියේ පොලිසිය. පොලිසියට ඒ කරදර සිදු වුනා. හමුදාව එන්නේ 83 න් පස්සේ” යනුවෙන් පැවසීය.

-BBC

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close