‘යක්කු බොලව්’ රන් සලකුණ තියයි

‘යක්කු බොලව්’ රන් සලකුණ තියයි

ජන ගීය මතින් ඉදිවන ජාතික සංගීත උළෙලක් ලෙස වාර්ෂිකව උත්කර්ෂවත්වයට නැගෙන ‘‘රන් සලකුණ’’ මේ වසරේ නොවැම්බර් 25 සවස 6.30ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාල

මඩකළපු මුහුදෙන් සර්පයෝ මතුවෙති 2004 සුනාමියට පෙරත් මේ දේම වුණාලු
ඇස් පෙනීම වැඩි කරගන්න ලොව සාර්ථකම පහසුම ක්‍රමය මෙන්න
2017 දෙසැම්බර් 31ට පෙර ලංකාවට බිහිසුණු සුනාමියක්

ජන ගීය මතින් ඉදිවන ජාතික සංගීත උළෙලක් ලෙස වාර්ෂිකව උත්කර්ෂවත්වයට නැගෙන ‘‘රන් සලකුණ’’ මේ වසරේ නොවැම්බර් 25 සවස 6.30ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

මෙම ප‍්‍රාසාංගික උළෙලේ ප‍්‍රථම භාගය ලයනල් රන්වලයන්ගේ නිර්මාණවලින් ද, දෙවන භාගය සහන් රන්වල ඇතුළු රන්වල බලකායේ නව නිර්මාණවලින් ද, සමන්විතය. අහසේ ඉන්නවලූ, ගම අවුලඤ්ඤං, පොඩි අයට ජන ගී, ත‍්‍රී, යුද්ධෙටත් ඇවිත් වැනි රන්වල බලකායේ සංදර්ශනවලින් තෝරා ගත් මෙම අංග රන්වල බලකායේ වර්තමාන ශිල්පීන් මෙන්ම පැරණි ශිල්පීන්, මතු පරපුර, රන්වල ළමා බළකාය විසින් ඉදිරිපත් කෙරේ. ජන ගී, ජන ගී මතින් නිර්මිත නව ප‍්‍රාසාංගික නිර්මාණ, නර්තන, බෙර, සංධ්වනිවලින් සමන්විත ‘‘රන් සලකුණ’’ මෙවර පවත්වන්නේ අඛණ්ඩව 6 වන වරටය.

රන්වල බලකායේ නවතම සංයුක්ත තැටිය ‘‘යක්කු බොලව්’’ ජනගත කිරීම ද මෙවර රන් සලකුණේදී සිදු කෙරේ.

මෙවර ‘‘රන් සලකුණ’’ ආනන්ද විද්‍යාලයීය ප‍්‍රාථමික අංශ සුබසාධන අරමුදලට ආධාර පිණිස පැවැත්වේ.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close