මෛත්‍රීගේ යෝජනාවට මහින්දගෙන් තීරණාත්මක කොන්දේසි 7ක් – ඒකාබද්ධයෙන් විශේෂ ලිපියක් යවයි

මෛත්‍රීගේ යෝජනාවට මහින්දගෙන් තීරණාත්මක කොන්දේසි 7ක් – ඒකාබද්ධයෙන් විශේෂ ලිපියක් යවයි

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දයේදී සහයෝගය පතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා විස

විභාගය අසමත් දරුවන්ට බණින්න එපා
තරුණ බව රැක ගැනීමට උණුසුම් ජලය පානය කරන්න පුරුදු වෙන්න…
රැන්සම්වෙයාර් වෛරසයෙන් ස්මාර්ට් දුරකථනවලට බලපෑම් – ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්!

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දයේදී සහයෝගය පතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් යොමු කරන ලද ලිපියට ඒකාබද්ධ විපක්ෂය පිළිතුරු ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට නම් එජාපය සමග හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීම ඇතුළු කරුණු 7ක් ඉටු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය දැනුම් දෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොමු කළ ලිපියට පිළිතුරු දෙමින් එහි මන්ත්‍රීවරුන් 42ක් අද(02) නිදහස් පක්ෂ මහ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 42ක් එම ලිපියට අත්සන් තබා ඇත.

පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම තම අභිලාශය බවද එසේ කිරීමට නම් බිම් මට්ටමේ පාක්ෂිකයින්ගේ මෙන්ම මහජනතාවගේ විශ්වාසය දිනා ගත යුතු බවද පෙන්වා දෙන ඒකාබද්ධ විපක්ෂය නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බව ජනතාවට ඒත්තු ගන්වන තුරු එවැනි විශ්වාසයක් රට තුළ ඇති කිරිමට නොහැකි බව සඳහන් කර තිබේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය සමඟ ඇති කරගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති හා සාරධර්මයන් වෙත නැවත යෑම අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි.

ඒකාබද්ධයෙන් ශ්‍රීලනිපයට කොන්දේසි 7ක්

ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ඇතුළත් කරමින් අදාළ ලිපිය පක්ෂ මහ ලේකම්වරයා වෙත යොමු කර ඇති ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් සිය ලිපියෙන් අවධාරණය කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මෙම පියවර සියල්ල වහාම ගැනීම අත්‍යාවශ කරුණක් බවය.

එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු ද යන්න පාක්ෂිකයින්ගෙන් හා ඡන්ද දායකයින්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය යොමු කල ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

එහිදී ඔවුන්ගේ ඉල්ලීම් හතක් යොමු කර ඇති අතර ඒවා මෙසේය.

1. එක්සත් ජාතික පක්ෂය සමග කරන හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්විය යුතුය.

2. දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම පහත හෙළීමට පියවර ගත යුතුය.

3. ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවත්වී එයට එරෙහි විය යුතුය.

4. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරධර්මවලට අනුකූලව අති පූජනීය සංඝරත්නයේ මතයට ගරු කළ යුතුය.

5. රට ෆෙඩරල් කරණයට හා අවසානයේ දී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය වහාම ඉවත් විය යුතුය.

6. දැනට ඉදිරිපත්වී ඇති සාක්කි මත බැඳුම්කර මගඩිය තුළින් මහ බැංකුව කොල්ල කෑ අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග වහාම ආරම්භ කළ යුතුය.

7. නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර දිනපතාම පාහේ අද පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.

මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විදේශ ගතව සිටින බැවින් ඔවුන් මෙම ලිපියට අත්සන් කර නැති නමුත් ලිපියේ අන්තර්ගතයට ඔවුන්ගේ සම්පූර්ණ එකඟතාවය ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

එම ලිපිය පහතින්

2017 නොවැම්බර්  02

ගරු දුමින්ද දිසානායක පා.ම
මහලේකම්,
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,
අංක 301, ටී.බී.ජයා මාවත,
කොළඹ 10.

2017 ඔක්තෝබර් 19 දිනැති ලිපිය සම්බන්ධවයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් එළබෙන පළාත් පාලන ඡන්දයේදී අපගේ සහයෝගය පතමින් ඔබ  අප වෙත 2017 ඔක්තෝබර් 19 වෙනිදා එවු ලිපිය සම්බන්ධවයි.

එසේ එම ඡන්දය ජයග්‍රහණය කිරීම අපගේද අභිලාශය වේ. එසේ කිරීමට නම් අපි අපේ බිම් මට්ටමින් පාක්‍ෂිකයන්ගේ මෙන්ම මහජනතාවගේද විශ්වාසය දිනාගත යුතු වේ. අපගේ පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධාන ගතවී, එජාපයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනතාවට ඒත්තුගන්වන තුරු එවැනි විශ්වාසයක් අපට රට තුළ ඇති කිරීමට නොහැක.

අප එළඹෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එජාපය සමඟ මේ ඇතිකරගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති හා සාරධර්මයන් වෙත නැවත යෑම අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකිමු. ඒ සඳහා පහත දැක්වෙන ක්‍රියාමර්ග ක්‍ෂණිකව ගත යුතු බව අප සියළු දෙනාගේම දැඩි විශ්වාසයයි.
1. එක්සත් ජාතික පක්ෂය සමග කරන හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්විය යුතුය.

2. දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම පහත හෙළීමට පියවර ගත යුතුය.

3. ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවත්වී එයට එරෙහි විය යුතුය.

4. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරධර්මවලට අනුකූලව අති පූජනීය සංඝරත්නයේ මතයට ගරු කළ යුතුය.

5. රට ෆෙඩරල් කරණයට හා අවසානයේ දී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය වහාම ඉවත් විය යුතුය.

6. දැනට ඉදිරිපත්වී ඇති සාක්කි මත බැඳුම්කර මගඩිය තුළින් මහ බැංකුව කොල්ල කෑ අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග වහාම ආරම්භ කළ යුතුය.

7. නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර දිනපතාම පාහේ අද පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මේ පියවර සියල්ල වහාම ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අපි සියලුදෙනා දකිමු. මේ කාරණා සමඟ ඔබ එකඟ වෙනු ඇතැයි අපි දැඩිලෙස විශ්වාස කරමු. එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු දැයි අපට අපේ පාක්‍ෂිකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇත.

ඔබ එවූ ලිපිය ලැබූ මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකු මේ අවස්ථාවේදී විදේශගත වී ඇති බැවින් ඔවුන් මෙම ලිපියට අත්සන් කර නැති වුවත් මේ ලිපියේ අන්තර්ගතයට ඔවුන්ගේ සම්පූර්ණ එකඟතාවය තිබෙන බව ඔවුන් අපට දන්වා ඇති බව මෙයින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙම ලිපියට අත්සන් තබා ඇති මන්ත්‍රීවරුන්ගේ නම් හා අත්සන් මෙම ලිපිය සමඟ අමුණා ඇත.

Gossip Lanka 9

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close