මූණු පොතේ පෙම්වතිය බලන්න ඇවිත් පෙම්වතා නිල්වලා ගඟට පනි

මූණු පොතේ පෙම්වතිය බලන්න ඇවිත් පෙම්වතා නිල්වලා ගඟට පනි

මාතර මහානාම පාලම අසලින් නිල්වලා ගඟට පැන දිවි නසා ගැනීමට තැත් කළ තරණයකු මාතර පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බේරා ගෙන ඇත. ඔහු මුහුණු පොතේ තරු

2020 නායකයා රටට ආදරය කරන ඒකාධිපතියෙක් – කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් අනාවරණයවේ
සෝනු නිගම් ලංකාවට ඇවිත් කරපු දේ
“හැමෝම දන්නවා මට වෙච්ච වැරදි, මං හුඟක් පව් කරන්න ඇති ගිය ආත්මයක”

මාතර මහානාම පාලම අසලින් නිල්වලා ගඟට පැන දිවි නසා ගැනීමට තැත් කළ තරණයකු මාතර පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බේරා ගෙන ඇත.

ඔහු මුහුණු පොතේ තරුණියක් සමඟ පෙම් සබඳතාවක් ඇති කරගෙන ඇත. මේ පිළිබඳ තරුණියගේ පාර්ශ්වය දැන ගැනීමෙන් පසු එම තරුණියගේ පාර්ශ්වයේ කාන්තාවක් ඔහුට එම තරුණිය ලෙස ඉදිරිපත් වී මාතරට හමුවන්නට එන ලෙස ආරාධනා කර ඇත. එම ආරාධනාවට අනුව ඊයේ (12දා) පෙරවරුවේ එම තරුණයා මාතර මහානාම පාලම අසලට පැමිණ ඇත. එවිට ඔහුට තම පෙම්වතිය වෙනුවට දැකගත හැකි වූයේ එම පෙම්වතියගේ ඥාති පාර්ශ්වයයි. අනතුරුව එම ඥාතීන් මෙන්න හොරෙක් කියා කෑ ගසා ඇත. එවිට අසලට රැස්වූ විශාල ජනතාවක් මෙම තරුණයාට පහර දෙන්නට සැරසෙනවාත් සමඟ ඔහු ගඟට පැන ඇත.

ඔහු ගඟට පැන්න පසු තරුණියගේ ඥාතීන් මෙන්න කවුද ගඟට පැන්නා කියා කෑගසනු මාතර රථ වාහන අංශයේ ස්ථානාධිපති පී. පී. සුදුසිංහ මහතාට ඇසී ඔහු වහා පැමිණ අසල තරුණයන් සමඟ ගඟට පැන්න තරුණයා බේරා ගැනීමට විශාල මෙහෙයුමක් සිදු කර ඇත.

පසුව තරුණයා පොලිස් අත්අඩංගුවට පත්විය. පොලිසිය වැඩිදුර ප්‍රශ්න කර ඔහු අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු දැයි සොයා බැලීමට පරීක්ෂණ සිදු කරද්දී අනාවරණය වූයේ තමාට සිදුවූ ලැජ්ජාව හා බිය නිසා දිවි හානිකර ගැනීමට ගඟට පැන ඇති බවයි.

Gossip Lanka 9

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close