මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් පවතින ගෝත්‍රික මානසිකත්වය පරාජය කළ යුතුයි – මංගල

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් පවතින ගෝත්‍රික මානසිකත්වය පරාජය කළ යුතුයි – මංගල

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් රට තුළ පවතින ගෝත්‍රික මානසිකත්වය පළවා හැර එම මතවාදයන් පරාජය කළ යුතු බව ජනමාධ්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කි

ෆේස්බුක් සටහනක් තබා ‘ජාත්‍යන්තර පාසැලේ යොවුන් ගුරුවරියත්’ සමුගනී…
ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැලකෙන ‘කිරි උක්කු’ අම්මා දිවියෙන් සමුගනී
ධනවතුන්ගෙන් වැඩි බදු ගන්න ගිය මංගලගේ තටු කැපේ

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් රට තුළ පවතින ගෝත්‍රික මානසිකත්වය පළවා හැර එම මතවාදයන් පරාජය කළ යුතු බව ජනමාධ්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය
මංගල සමරවීර මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (02) පැවැති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙයවන “මාධ්‍ය අධ්‍යයනය
හා පුවත්පත් කලාව” පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වැනි කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ දී මාධ්‍ය බොහෝ මර්දනයන්ට ලක් වු බවත් එහි අඳුරු සෙවනැලි අදටත් රට තුළ පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව මාධ්‍යවේදීන් 13 ක් ඝාතනයට ලක් වු බවත්, එක් අයෙක් අතුරුදන් වු බවත්, තවත් මාධ්‍යවේදීන් 87 ක් නොයෙක් පහර දීම් එල්ල වු බවත්, අමාත්‍යවරයා
මෙහිදී වැඩි දුරටත් පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව යටතේ අසීමිත මාධ්‍ය නිදහසක් හිමි වී තිබෙන බවත් ආණ්ඩුවේ අඩුපාඩු හෙළි කරන අතර අනාගත පැවැත්ම වෙනුවෙන් රට ඉදිරියට ගෙන යා හැකි මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට හැකියාව ලැබේවා යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී ආශිර්වාද කළේය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close