මලික් සමරවික්‍රමටත් මංගල සමරවීරටත් විශ්වාසභංගයක් ගේනවා – කෙහෙළිය

මලික් සමරවික්‍රමටත් මංගල සමරවීරටත් විශ්වාසභංගයක් ගේනවා – කෙහෙළිය

බැඳුම්කර නිර්මාතෘ රනිල් වික්‍රමසිංහයි. නුදුරේදීම මලික් සමරවික්‍රමට සහ මංගල සමරවීරට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක් ගෙන එනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්

වැලිකඩ ඝාතන සිද්ධියක් ගැන මම දැනගෙන හිටියෙ නෑ
විල්පත්තු විනාශය කතා නොකරන, වෙබ් මාධ්‍යවේදින්ට ලංකා සතොසින් මුදල්..!
දිනේෂ්-විමල්-ගම්මන්පිල ආණ්ඩුවට..??

බැඳුම්කර නිර්මාතෘ රනිල් වික්‍රමසිංහයි. නුදුරේදීම මලික් සමරවික්‍රමට සහ මංගල සමරවීරට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක් ගෙන එනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

රඹුක්වැල්ල මහතා එසේ පැවසුවේ පසුගිය 08 දා ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහි දී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
ආණ්ඩුව බලයට පත්වෙලා වසර දෙකහමාරක් එහෙමත් නැත්නම් 50 පමණ වෙලා. රටේ ජනතාව වෙනුවෙන් මොකද්ද කරන සාධාරණය කියන එක ගැටලුවක් තියෙනවා. 2015 ජනවාරි 08 වැනි දා සිදුවුණු මැතිවරණයේ දී දූෂණ සහ වංචාව ගැන කතා කරපු ආණ්ඩුවේ කට්ටිය දැන් කොහෙද නැහැ. 08 වැනි ආණ්ඩුව වැඩ භාරගෙන 27 වැනිදා වෙනකොට ඒ කියන්නේ සති 2ක් යන්නත් කලින් ලංකාවේ විශාලතම මූල්‍යමය වංචාව ‘බැඳුම්කරයට’ ආණ්ඩුව අත ගැහුවා.

රටේ විගණකාධිපතිවරයා පැහැදිලිව කියනවා බිලියන 1.1ක් අනිසි ලාභයක් පර්පචුවල් ටේ‍රෂරීස් ආයතනය උපයලා තියෙනවා කියලා. අබ ඇටයක් තරම් මොළයක් තියෙන කෙනකුට වුණත් පැහැදිලිව තේරෙනවා මේක නිර්මාණික කූට ව්‍යාපාරයක් කියන එක. ඒ වගේම ලක්ෂ්මන් යාපා කියලා තියෙනවා මෙම බැඳුම්කර වංචාවෙන් ත්‍රිලියනයක් එහෙමත් නැත්නම් මිලියන දාහක් උපයලා තියෙනවා කියලා. ඒක අපේ හම්බන්තොට වරායෙන් ලැබෙන ලාභයටත් වඩා අට ගුණයක් විතර විශාල ප්‍රමාණයක්.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලටයි ගෘහ භාණ්ඩවලටයි මිලියන තුන්සීය හාරසීය ටෙන්ඩර් ද දා අහිංසක ජනතාවගේ ‍පොලී අනුපාතය පහළට දානවා. ඇත්තටම මේකද යහපාලනය කියලා අහන්න කැමැතියි. ගිය ආණ්ඩුව කාලෙදී ඒකාබද්ධ විපක්ෂය විදියට අපි ඉල්ලුවා තාවකාලිකව හෝ පර්පචුවල් ටේ‍රෂරීස් ආයතනය බැඳුම්කර ගනුදෙනුවෙන් ඉවත් කරන්න කියලා. ඒත් අද වෙනකොට තත්ත්වය භයානක අතකට හැරවිලා තියෙනවා. මේ රටේ ඉන්නේ බත් කන මිනිස්සු මිසක් බත් කන හරක් ‍නෙවෙයි. අද ඓතිහාසික දවසක් වෙනවා. මොකද 20 වැනි සංශෝධනයත් ගෙනැල්ලා පළාත් සභා ඡන්දය කල් අරින්න යනවා. මේ විදියට ආණ්ඩුවට ඕනෑ ඕනෑ විදියට මැතිවරණ කල් දාලා මේවාට ජනතාවගෙන් එනවර හොඳ උත්තරේකුත් හම්බ වෙයි. ආණ්ඩුව පත්වුණු මුල් කාලයේ දී වෙළෙඳ දැන්වීම්වල දැම්මා මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ තරුණ තරුණියන්ට හොඳ කාලයක් ලබයි, මත්ද්‍රව්‍ය තුරන් කරයි කියලා. දැන් ඒ තත්ත්වය ‍ප්‍රෝඩාවක් කියලා ඔප්පුවෙලා තියෙනවා.

තරුණ තරුණියෝ අවමංගල්‍යයකට ගෙන යන්න මංගල සමරවීරලා ඩීල් ගහනවා. මත්ද්‍රව්‍ය, මත්කුඩු ගෙන්වනවා. මත්කුඩු, මත්ද්‍රව්‍ය මහා පරිමාණ වශයෙන් නීතියට අහුවුණත් සොයා බලන්නේ ගෙන්වන අයගෙන් එක ගේක විතරයි. එක ගෙදරක අයට විතරක් පේන්න නඩුවක් දාලා මේවා වහන එකද යහපාලනය කියලා මං අහන්න කැමැතියි. මේ ආණ්ඩුව කුඩු ගෙන්වලා ඒවා විකුණලයි ජීවත්වෙන්න හදන්නේ.

තරුණ තරුණියන්ට වයිෆයි, කාර්, බේ්‍රස්ලට් දෙනවා කියලා රවට්ටලා දාලා දැන් මුළාවෙලා තරුණ තරුණියෝ ඉන්නවා. අපි හිතුවා මෛත්‍රී-රනිල් එකතු වෙලා තරුණ තරුණියන්ට හිතකර ආණ්ඩුවක් ගෙන ඒවි කියලා. ඒත් ඒක එහෙම වුණේ නැහැ.

ඉදිරියේ දී රවි කරුණානායකට විතරක් ‍නෙවෙයි මලික් සමරවික්‍රම, මංගල සමරවීරලාටත් විශ්වාසභංගයක් ගෙන එනවා. නුදුරේදීම තරුණ පරපුරෙන් අපූරු ප්‍රතිචාරයක් ආණ්ඩුවට ලැබේවි. අපට විශ්වාසභංගය ගැන කිසිදු සැකයක් නැහැ. අපි ජයග්‍රහණය කරනවා. ආණ්ඩුව කොච්චර බයද කියනවා නම් රනිල් වික්‍රමසිංහ අගමැතිකම බේරගන්න තමයි දින 100කින් ආණ්ඩුව විසිරෙව්වෙත්. රාජිත කිව්ව ලූනු බිකෙන් තමයි වංචා ටික කවර් කරගන්නේ. ළඟදීම මංගලට නම් විශ්වාසභංගයක් ගෙන එනවාමයි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close