මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ ‘බිච් පාටි’ කල්ලියේ ඇමැති ‍ලේකම්වරයකුත්

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ ‘බිච් පාටි’ කල්ලියේ ඇමැති ‍ලේකම්වරයකුත්

ගල්කිස්සේදී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට පත් ‘‘ බීච් පාර්ටි’’ සංවිධානය කරන සැකකරුවන් හතර දෙනා අතර රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සම්බන්ධ

“අපිට කෙරෙන්නේ නැත්තම් අපිට වෙනත් රටක් දෙන්න,” දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලීම යුක්ති සහගතයි” – චන්ද්‍රිකා
වෘෂණ කෝෂයේ මදුරුවෙක් වැහුවාම කරන දේ රන්ජන් කියයි.. [Video]
වෛද්‍ය සිසුවිය දින 12 තම බිලිඳිය කැලෑවක අතහැර දමා යයි

ගල්කිස්සේදී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට පත් ‘‘ බීච් පාර්ටි’’ සංවිධානය කරන සැකකරුවන් හතර දෙනා අතර රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හා එම අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන රියැදුරෙකුද වෙතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැකකරුවන් හතර දෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සෙනසුරාදා (05) පැජරෝ රථයකින් ගමන් කරමින් සිටියදීය.

පැජරෝව පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබූ වෙරළ සාදවලදී භාවිත කරන ඩාන්සින් ටැබ්ලට් නමින් ප්‍රචලිත මත් පෙති 12ක්, කුෂ් නමැති මත්ද්‍රව්‍යයෙන් ග්රෑම් 10ක්, කොකේන් ග්රූම් 9ක් සහ නීති විරෝධී දුම්වැටි පැකට් 9ක් පොලිස් භාරයට ගෙන තිබේ.

එමෙන්ම පැජරෝ රථය වැඩිදුරටත් පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එහි තිබී සහකාර පොලිස් අධිකාරිවරයකුද වන අමාත්‍යවරයාගේ් ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාගේ හැඳුනුම්පත සහ මුදල් පසුම්බිය ද පොලිස් භාරයට ගෙන ඇත.

මොවුන් සතුව තිබූ ඩාන්සින් ටැබ්ලට් එකක වටිනාකම රුපියල් 7500ක් පමණ වන අතර මෙරට එතරම් ප්‍රචලිත නොවන කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝවක් රුපියල් ලක්ෂ හතරකට වඩා වැඩි මිලකට අලෙවි වන බවත්, එම ආරංචි මාර්ග ස`දහන් කළේය.

සැකකරුවන් ගමන්ගත් පැජරෝ වර්ගයේ රථයද එම අමාත්‍යාංශය සතු වාහනයක් යැයි පැවසෙයි.
මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති වෙරළ සාද සංවිධාන කිරීමේ නම ගිය පුද්ගලයකුගේ ජාඇල පිහිටි නිවසද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර එම නිවසෙදී හසීස් වර්ගයේ මත්කුඩු ග්රෑම් 10ක්, විදේශිය මත්පැන් බෝතල් 20ක්, නීති විරෝධී දුම්වැටි පැකට් 12ක් සහ සැකසහිත කඩු දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close