‘‘මට මතක නෑ’’  – අමතක වීමේ රෝගය මහින්දටත්

‘‘මට මතක නෑ’’ – අමතක වීමේ රෝගය මහින්දටත්

හිටපු මුදල් ඇමැතිවරයා බැඳුම්කර කොමිසමට පැමිණයානේදැයි මාධ්‍යවේදියකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු මම දන්නේ නෑ. මට මතක නෑ යැ

රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස වටහාගත යුතුයි – හමුදාපති
අහඹු ලෙස ගිණුමට එක්වූ ලක්ෂ 24 ආපසු බැංකුවට දුන් දිරිය කත
මෛත්‍රීගේ යෝජනාවට මහින්දගෙන් තීරණාත්මක කොන්දේසි 7ක් – ඒකාබද්ධයෙන් විශේෂ ලිපියක් යවයි

හිටපු මුදල් ඇමැතිවරයා බැඳුම්කර කොමිසමට පැමිණයානේදැයි මාධ්‍යවේදියකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු මම දන්නේ නෑ. මට මතක නෑ යැයි පැවසීය.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැකීම සඳහා පෙරේදා (02) ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගියේය.

නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හමුවේ හිටපු ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේය.

ගුවන් සේවකයින් වැඩවර්ජනයක් කරන බවට අනතුරු අඟවා ඇතැයි මාධ්‍යවේදියකු කී විට රජය ඇහුම්කන් නොදීම නිසා මෙතරම් අපහසුතාවට පත්වී ඇතැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

‘‘අපි කරපු හැටි දන්නවානේ. අපි දන්නවා කරන්න ඕන වැඩේ. අපේ යම් යම් දුර්වලතා තියෙනවා නම් ඒවත් අපි හොඳට දන්නවා. ඒවා තෝරාගෙන තමා අපි ඉදිරියට යන්නේ. වරාය ගැන අපි කියපු දේ හරිනේ. අපි දන්නේ නෑ මොනවා මොනවා වෙනස් කරලා මොනවා මොනවා ඇතුළු කරලාද කියලා. එකිනෙකට වෙනස් පරස්පර විරෝධී පත්‍රිකා තමයි හැමතැනටම දාලා තියෙන්නේ. අවසානයේ මුළු රටම විකිණෙනවා. ෂැන්ග්‍රීලා කියන්නේ අක්කර හතරක් හෝ තුනක් දීලා හෝටලයක් හදන එකයි. වරායක් දෙන එකයි මේකයි අතර සම්බන්ධය මොකක්ද. ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති වුණාද? බලන්න මුහුදේ අයිනේ කාගේද ඉඩම් තියෙන්නේ. ජර්මන්, ප්‍රංශයේ කට්ටිය ඉන්නවා.

ඕලන්දකාරයෝ ඉන්නවා. කවුද නැත්තේ. මේවා සින්නක්කර විකුණලා තියෙන්නේ. මම ගෙනාවා පනතක් මේ ඉඩම් සින්නක්කර විකුණන්න බෑ කියලා. ඒ පනත මේ ආණ්ඩුවෙන් ඉවත්කර ගත්තා. දැන් බොරුවට චෝදනා කරනවා ෂැංග්‍රිල්ලා කියලා.

ෂැන්ග්‍රිල්ලා එක ගහපු නිසා තමයි ආයෝජකයෝ ලංකාවට ආවේ.
ජනතාවට සත්‍ය එළිදරව් වේවි. අපිට හොඳයි මෙහෙම නඩු වැටෙන එක. එක පැත්තකින් ඒක අපිට ආශිර්වාදයක්’’ යැයිද හිටපු ජනපතිවරයා කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, ජී.එල්. පීරිස්, ගාමිණී ලොකුගේ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

සාලිය කුමාර ගුණසේකර

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close