මට පහරදුන් කතාව පට්ට පල් බොරුවක්

මට පහරදුන් කතාව පට්ට පල් බොරුවක්

සුනිල් පෙරේරාට ප්‍රසංගයකදී පහර කෑමට පවා ලක් වීමට සිදු වූ බවට පුවතක්ද මෑතකදී අන්තර්ජාලය ඔස්සේ පැතිර ගියා. එහි ඇත්ත නැත්ත ගැන සුනිල් පෙරේරා මාධ්‍යයට ප‍

කාංවිගට කපුකම් කරපු දුකා දැන් කියන කතාව
මඩකළපු මුහුදෙන් සර්පයෝ මතුවෙති 2004 සුනාමියට පෙරත් මේ දේම වුණාලු
ජනාධිපතිගේ ජනප්‍රියතාව වාෂ්ප වෙන්න අරගෙන

සුනිල් පෙරේරාට ප්‍රසංගයකදී පහර කෑමට පවා ලක් වීමට සිදු වූ බවට පුවතක්ද මෑතකදී අන්තර්ජාලය ඔස්සේ පැතිර ගියා.
එහි ඇත්ත නැත්ත ගැන සුනිල් පෙරේරා මාධ්‍යයට ප‍්‍රකාශයක් කරලා තිබුණා.

පසුගිය දිනෙක සංගීත ප්‍රසංගයකදී පහරදීමකට ලක්වෙන්න සිදුවුණෙ හෘද සාක්ෂියට අනුව අදහස් පළ කරන්න ගිහින්ද?
ඔය කතාව පට්ට පල් බොරුවක්. වත්තල ප්‍රදේශයේ පැවැත්වුණු ප්‍රසංගයකදී මම ගුටි කෑවා කියන පුවත අන්තර්ජාලයේ පැතිර ගිය බොරු කතාවක් විතරයි.

එතකොට එවැනි ප්‍රසංගයකට ඔබ සහභාගි වුණේවත් නැද්ද?
ඒ ප්‍රසංගයට මම සහභාගි වුණු බව ඇත්ත. ඔය කියන විදිහේ කිසිම පහරදීමක්වත් එදා සිදුවුණේ නැහැ. මම කියන්නේ බොරු නම් මේ ගැන ඇත්ත නැත්ත ප්‍රසංගයේ සංවිධායකවරුන්ගෙන් ඕනෑම කෙනෙකුට අහලා දැන ගන්න පුළුවන්.

මේ විදිහේ අසත්‍ය පුවත් පතුරුවා ඔබට මඩ ගහන්න වුවමනාව තියෙන්නේ කාටද?
මගේ දේශපාලන මතවලට අකමැති අයට තමයි ඒ ඕනෑකම තියෙන්නේ.

වැරදි පුවත් පළ කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි?
අනුන් හෙළන්නට වළක් කපන්නා ඒ තුළ වැටිලා මියයන්නේ කියලා වික්ටර් රත්නායකයගේ ගීතයකත් තියෙනවනේ. මේ දේවල් කරන අයට කවදා හරි එහි විපාකත් විඳින්න සිද්ධ වේවි. ඒ නිසා ඒකට අමුතුවෙන් වෙහෙසෙන්න වුවමනා නැහැ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close