මගෙන් අහනවා ඇයි ෆේස් බුක් එකේ වයිෆ්ගේ ෆොටෝස් නැත්තේ කියලා – ධනංජය

මගෙන් අහනවා ඇයි ෆේස් බුක් එකේ වයිෆ්ගේ ෆොටෝස් නැත්තේ කියලා – ධනංජය

පුංචි තිරයේ ප්‍රේමවන්ත චරිතය නිරන්තරයෙන්ම ආක්‍රමණය කරගත් ඔහු ධනංජය සිරිවර්ධන. රිදී තිරයටත් මයිකෆෝනයටත් බොහෝ සෙයින් හුරු ඔහුට එනිසාම රසිකයින්ගේ හිත් තු

ලංවිමට නවක සේවකයන් බඳවා ගැනීම හෙට සහ අනිද්දා
රනිල්ගේ නැටුම කැලේ.. චන්ද්‍රිකාගේ දගර නැටුම මෙන්න.. හිප්පි හිප්පි හායි හායි.. [Video]
කාවිංග පෙරේරා වෛද්‍ය සනායා සමගින් යුගදිවියට – Photos

පුංචි තිරයේ ප්‍රේමවන්ත චරිතය නිරන්තරයෙන්ම ආක්‍රමණය කරගත් ඔහු ධනංජය සිරිවර්ධන. රිදී තිරයටත් මයිකෆෝනයටත් බොහෝ සෙයින් හුරු ඔහුට එනිසාම රසිකයින්ගේ හිත් තුළ ඔහුගේ මතකයන් තබන්න හැකි වෙලා තියෙනවා. අලුත් තොරතුරු කතා කරන්න ඔහුව  එකතු කරගත්තා. මේ ඔහු ගැනයි.

කොහොමද ධනංජය..?
හොදයි. වරදක් නැහැ. නිර්මාණ වැඩකටයුතු එක්ක හා පවුල එක්ක ජිවිතේ සුන්දරව ගෙවෙනවා.

මුළු සතිය පුරාම දකින්න ලැබෙන නිසා කාර්ය බහුල ඇති..?
මම දවස් හතම වැඩ. මම සම්බන්ධ වුණු නාට්‍ය දෙකක් සතියේ දවස් පහේම දකින්න ලැබෙනවා. ඊට අමතරව නිවේදන කටයුතු කරනවා. මේ දේවල් එක්ක කාලය කළමනාකරණය කරගෙන දවස් ගෙවෙනවා.මම කවදාවත් කාර්ය වුණේ නැහැ. හේතුව අපි දැනගන්න ඕන කාලය කළමනාකරණය කරගෙන වැඩ කරන්න එතකොට මනුස්සයෙක්ට කාර්ය බහුලයි කියන්න බැහැ.

අලුත් නිර්මාණ ගැන කතා කළොත්..?
මම සම්බන්ධ වුණු චිත්‍රපටි දෙකක් එන්න තියෙනවා. ලබන අවුරුද්දේ මුල අලුත් නාට්‍යකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. දැනට එච්චරයි.

මේ දවස්වල නර්තනයට වැඩි ඉඩකඩක් දීලා කියලා ආරංචියි..?
ඔව්. මමත් හිරු සිහින රැයක් වැඩසටහනට සම්බන්ධ වෙනවා. මේ අවුරුද්ද ඉවර වෙන්නේ නර්තනය එක්ක. මේ දවස්වල සිහින රැයක් එකට සම්බන්ධ වෙන්න පුහුණු වෙනවා. නර්තන තවත් වැඩසටහන් දෙකකටත් සම්බන්ධ වෙනවා.

නාට්‍ය වලට ඉල්ලුම ඉස්සර වගේමද..බොහෝ නළු නිළියන් වගේ ඔබත් තෝරාගෙනද චරිත භාර ගන්නේ..?
ඉස්සර වගේම ආරාධනා නම් ලැබෙනවා. ඉල්ලුමේ අඩුවක් නැහැ. නමුත් මම දීර්ඝ නාට්‍ය වලට නම් වැඩිය සම්බන්ධ වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. අලුත් අයට අවස්ථාව දීලා හොද නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. මම කොහොමත් චරිත තෝරා බේරාගෙන තමයි සම්බන්ධ වෙන්නේ.

අයියා වගේම ඔබත් ගීත ගායනයට දක්ෂයි.. දැන්වත් ඒ පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද..?
ඒ පැත්තෙන් මම සප්‍රයිස් එකක් දෙන්න ඉන්නේ. ඉදිරියේදී දැකගන්න පුළුවන්.

අයියා එක්ක ගීත ගායනා කරන්න ආරාධනාවක් ලැබිලා නැද්ද..?
මම නම් හිතන්නේ අයියා මට ඒ වගේ ආරාධනාවක් කරන එකක් නැහැ.මම අයියගේ මට්ටමේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ.නමුත් මට විදෙස් ප්‍රසංග වලට ගී ගයන්න කතා කරනවා. ඒවාට සම්බන්ධ වෙනවා.

විවාහයත් එක්ක ධනංජයට ලැබුණු තරුණියන්ගේ ආකර්ෂණය අඩු වෙලා වගේ..?
මට නම් එහෙම හිතෙන්නේ නැහැ. මම විවාහ වුණාට පස්සේ වැඩිපුර ජනප්‍රිය වුණා කියලයි හිතන්නේ. දැන් සමාජ ජාල වෙබ් අඩවි තියෙනවා. අපි මොන දේ කරත් ඒ හරහා හැමෝම දන්නවා.

ධනංජය රියල්ද කියලා බොහෝ අය විමසනවා කියලා කියන්නේ ඇත්තද..?
ඔව්. මේ රටේ සමහර ජනතාවට ෆේස්බුක් එකේ ඉන්න අය ෆේක්ද රියල්ද කියලාවත් හදුනා ගන්න දන්නේ නැහැනේ. මගෙන් බොහෝ අය අහනවා ආ යු රියල් ද කියලා. මම ඔව් කියලා උත්තර දුන්නම සමහර අය මගෙන් අහනවා ඇයි එහෙමනම් ෆේස් බුක් එකේ වයිෆ්ගේ ෆොටෝස් නැත්තේ කියලා.සමහර අය අහනවා මේ දවස්වල මොනවාද කරන්නේ කියලා. මේක නම් ඇත්තටම සමාජ රෝගයක් වෙලා. ආර්ට් එක ඇතුළේ මිනිස්සුන්ගේ ඔළු හදන්නේ. මෙහෙම ප්‍රශ්න කරද්දී මට නම් හිතෙන්නේ අපි නිර්මාණ කරන්නේ නූගත් මිනිස්සුන්ටද කියලයි.

කටකතා වලට බයද..?
ගොසිප් ගණන් නොගෙන ඉන්න බැහැනේ. සමහර අය පුද්ගලික අරමුණු තකා මඩගහනවා.මම නම් මට ආදරය කරන අයගෙන් ඉල්ලන්නේ සමහර කටකතා බොරු. ඒවා හොයලා බලලා ඇත්ත නම් විතරක් විශ්වාස කරන්න කියලා. හුගක් අය කියන හැමදේම විශ්වාස කරනවා.

ඔය හැමදෙයක් එක්කම බිරිදගෙන් ලැබෙන ප්‍රතිචාර හා සහයෝගය කොහොමද..?
කලාකරුවෙකුට නිදහස ඕන වැඩ කරන්න. මගේ බිරිද මට උපරිම නිදහස දීලා තියෙනවා. ඒක තමයි මට ඇයගෙන් ලැබෙන ලොකුම උදව්ව. මොන දේ කරත් මම මගේ පුද්ගලික ජීවිතේටත් කාලය වෙන් කරගන්නවා. ඒ නිසා අපි දෙන්නා සතුටින් ඉන්නවා. පිට කතා ගැන එයා දුක් වෙන්නේ නැහැ. හිතන්නෙත් නැහැ.

අලුත් අවුරුද්ද අලුත් වැඩකින් පටන් ගන්නවා කියලා ආරංචියි..?
ඔව්. මම චිත්‍රපටියකට පිටපතක් ලිව්වා. ඒක අධ්‍යක්ෂණය කරන්නේ මම නෙමෙයි. ඒ පිටපත නිෂ්පාදනය කරන්න නිෂ්පාදකවරයෙක් හොයනවා. මම හිතනවා අලුත් අවුරුද්දේ මට ඒ පිටපත නිර්මාණයකින් එළියට දාන්න පුළුවන් වෙයි කියලා.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close