බකිණි ගෙඩිය පිළිකා ඔසුවක් බවට තහවුරු කළ නාලන්දයේ රකිඳුට රිදී පදක්කමක්

බකිණි ගෙඩිය පිළිකා ඔසුවක් බවට තහවුරු කළ නාලන්දයේ රකිඳුට රිදී පදක්කමක්

බකිනි ගසේ පලතුරු මදයෙන් නිස්සාරණය කරගන්නා ලද සුවිශේෂීී වූ රසායනික සංඝටකයකට රසායනික මුසුවක් මගින් ගර්භාෂය පිළිකා ප‍්‍රභේදයක් සුවකර ගැනීමට හැකිබව රසයාන

මෘත ශරීර දෙකක් මාරු වෙලා වෙච්ච අලකලංචියක්
අත්අඩංගුවට ගත් ඇත්දළ දෙක ගල්ගමුවේ දළ පූට්ටුවාගේමයි – වැඩබලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්
Facebook සටහනක් තබා සියදිවි හානිකර ගැනීම නැවත්විමට අලුත් වැඩක්

බකිනි ගසේ පලතුරු මදයෙන් නිස්සාරණය කරගන්නා ලද සුවිශේෂීී වූ රසායනික සංඝටකයකට රසායනික මුසුවක් මගින් ගර්භාෂය පිළිකා ප‍්‍රභේදයක් සුවකර ගැනීමට හැකිබව රසයානාගාර පර්යේෂණ මගින් තහවුරු කර ගැනීම වෙනුවෙන් නේපාලයේ කත්මන්ඩු නුවර පසුගියදා පැවති හයවැනි ආසියා පැසිපික් තරුණ විද්‍යා සමුළුවේදී කොළඹ නාලන්ද විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ රකිඳු රන්දීව් වික‍්‍රමරත්න සිසුවා තම පර්යේෂණය සඳහා ජීව විද්‍යා අංශයෙන් රිදී පදක්කම දිනා ගත්තේය.

පසුගිය 01 වැනිදා සිට 05 වැනිදා තෙක් පැවති මෙම සමුළුව තරුණ දැනුම මගින් වඩා ශක්තිමත් විද්‍යා තාක්ෂණ ලෝකයක් නිර්මාණය කිරීම සඳහා 2012 වසරේ සිට ආරම්භ කර ඇත. චීනය, රුසියාව, ඉන්දියාව වැනි ප‍්‍රබල රටවල තරුණ විද්‍යාඥයින් 200ක පමණ තම පර්යේෂණයන් මෙම තරගය සඳහා ඉදිරිපත් කර ඇත. මේ සඳහා ලංකාවෙන් ප‍්‍රථම වරට සහභාගි වූයේ රකිදු රන්දිව් වික‍්‍රමරත්නය.

නාලන්දාවේ මෙම පුංචි හපනා පසුගිය අපේ‍්‍රල් මාසයේදී ජර්මනියේ සටුට්ගාට්හි පැවැත්වුණ 24 වැනි තරුණ විද්‍යාඥ සමුළුවේදී ලොව ළාබාලතම තරුණ විද්‍යාඥයා ලෙස රිදී පදක්කමත් පසුගිය ජූලි මාසයේදී මැලේයාසියාවේ ක්වාලාම්පූර්වල පැවති තරුණ විද්‍යාඥ සමුළුවේදී රිදී පදක්කමක්ද දිනාගත්තේය. මෙම වසර තුළ තරුණ විද්‍යාඥයා රිදී පදක්කම් 03ක් දිනාගනිමින් ලංකාවට විශිෂ්ට ගෞරවයක් ගෙන දුන්නේය.

මේ සඳහා සහාය දක්වමින් උපදේශකත්වය සහ අධීක්ෂණ කටයුතු සිදුකරනු ලැබු කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව රසායන අනුක ජීව හා ජෛව තාක්ෂණ විද්‍යා ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාටත්, කැලූම් රත්නායක සහ නුවන්කා අබේසිංහ යන විද්‍යාඥයින්ටත් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, පංතිභාර ගුරුතුමිය වන ප‍්‍රමීතා ගලප්පත්ති, පර්යේෂණ සංසදයේ ආචාර්ය උපේක්ෂා අබේසේකර මෙම සමුළුව සඳහා යාමට ගුවන් ප‍්‍රවේශපත් ලබා දෙමින් මුල්‍ය දායකත්වය ලබා දුන් රේණුකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු සහාය දැක්වු සියලූ දෙනාටත් නිරන්තරයෙන් මේ ස`දහා සහයෝගය දැක්වු මව්පියන් වන බොරුල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ විද්‍යාඥ කිර්ති වික‍්‍රමරත්න මහතාට සහ මව වන ජාතික පිළිකා ආයතනයෙ වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරන ජිවනි ගුණසේකර යුවළටත් රකිදු සිය ස්තුතිය පළ කරයි.

සුසන්ත පටබැඳිගේ

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close