බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වූ හතුරුසිංහ ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වූ හතුරුසිංහ ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර 3ක කාලයක් සේවය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ආරම්භක පිතිකරු චන්දික හතුරුසිංහ ඊයේ සිය තනතුරෙන

පියාගේ දේහයට වැඳ විභාගයට ගිය සඳමාලි
මම මගේ ආත්මය විකුණන්න කැමැති නෑ – අනුහස්
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් යන්න බෑ කියද්දී – තිසර නවකයන් සමග ගමනට ලෑස්‌ති වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර 3ක කාලයක් සේවය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ආරම්භක පිතිකරු චන්දික හතුරුසිංහ ඊයේ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට භාර දී ඇතැයි වාර්තා වෙයි. එදා මෙදා තුර බංග්ලාදේශයේ සාර්ථකම ක්‍රිකට් පුහුණුකරු ලෙස විචාරකයන්ගේ පිළිගැනීමට ලක්වූ 49 හැවිරිදි හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමත් සමග ඔහුට ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකාර තනතුරට පත්වීමේ දොරටු විවරවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 26කට සහ එක්දින තරග 35කට ක්‍රීඩා කර ඇති හතුරුසිංහ ශ්‍රී ලංකා පිලේ මිළඟ ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ ඔහු බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති පුවත පිළිබඳ දැනුවත් වූයේ මාධ්‍ය මගින් බවය. එමෙන්ම ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු පත්කිරීම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බව ද ඔහු කීවේය.

එසේ වුවත් ලබන ජනවාරි මාසයේ සිට වසර තුනක කාලසීමාවකට හතුරුසිංහ ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුගේ පත්වීම සිදුකරනු ලබන්නේ අමෙරිකානු ඩොලර් 30,000ක මාසික වැටුපකට බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

වෙබ් අඩවිජාලා සඳහන් කරන ආකාරයට ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණුකරුවන් අතර වැඩිම ආදයමක් ලබන සිවුවැනි පුහුණුකරු වන්නේ හතුරුසිංහය. ඉන්දියාවේ රවී ශාෂ්ත්‍රී, ඔස්ට්‍රේලියාවේ ඩැරන් ලීමන් සහ එංගලන්තයේ ට්‍රෙවර් බේලිස් ඔහුට ඉදිරියෙන් පසුවන බව ද එම වාර්තාවල දැක්වෙයි.

2014 වසරේදි බංග්ලාදේශ පිලේ ප්‍රධාන පුහුණුකරු බවට පත්වූ හතුරුසිංහ 2015 ලෝක කුසලාන තරගමාලාවේදී එම කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය දක්වා රැගෙන යාමට සමත්වූ අතර මේ වසරේ එංගලන්තයේ පැවැති චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අවසන් පූර්ව වටය දක්වා රැගෙන ගියේය. ඔහුගේ කාලය අතරතුර බංග්ලාදේශ පිල ඉන්දියාවට, පාකිස්තානයට හා දකුණු අප්‍රිකාවට එරෙහිව බංග්ලාදේශයේ පැවැති එක්දින තරගාවලි ජයගත් අතර ටෙස්ට් තරග බිමේදී පළමුවරට එංගලන්තය හා ඔස්ට්‍රේලියාව පරාජය කිරීමටත්, ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකා භූමියේදී පළමු වරට ටෙස්ට් තරගයක් ජයගැනීමටත් සමත්විය.

බංග්ලාදේශයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස ඔහුගේ කාලය වසර 2019 ලෝක කුසලාන තරගමාලාව දක්වා දීර්ඝ කර තිබුණත් එම තනතුරෙහි තවදුරටත් රැඳී සිටින්නේද යන්න පිළිබඳ අවසන් තීන්දුව හතුරුසිංහ සතුවන බව ඊයේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නිසාමුදීන් චවුදරි බංග්ලාදේශයේ ‘ඩේලි ස්ටාර්‘ පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. එසේ වුවත් හතුරුසිංහගේ ඉල්ලා අස්වීම ඔහු තහවුරු නොකළ බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේය.

බංග්ලාදේශ පිලේ පසුගිය දකුණු අප්‍රිකානු සංචාරය අසාර්ථක වීම පිළිබඳ ක්‍රීඩකයන්ගෙන් සහ පුහුණුකාර්ය මණ්ඩලයෙන්ද ප්‍රධාන පුහුණුකරු ලෙස හතුරුසිංහගෙන් ද කරුණු විමසීමට සූදානමින් සිටින බව එරට ක්‍රිකට් සභාපතිවරයා එරට වාර්තාකරුවන්ට පවසා තිබේ. එසේ වුවත් තම ඉල්ලා අස්වීම බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පිළිගනු ලැබුවත්, ප්‍රතික්ෂේප කළත් දැනට නිවාඩු ලබා බංග්ලාදේශයෙන් පිටවී සිටින හතුරුසිංහ නැවත එරටට නොපැමිණෙනු ඇති බවත් එරට පුවත්පත් වාර්තා කර තිබිණි.

මේ අතර බංග්ලාදේශ පිල සාර්ථකත්වය කරා රැගෙන ගිය ද හතුරුසිංහ සිය තනතුර පිළිබඳ සෑහීමකට පත්ව නොසිටි බව වාර්තා වෙයි. ඔහු ඊට පෙර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ද සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් වූ අතර එවර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

මේ වසරේ මැද භාගයේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ග්‍රෙහැම් ෆෝර්ඩ්ගේ ඉවත්වීමෙන් පසුව තාවකාලික පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතස් කටයුතු කරමින් සිටින අතර ඔහුගේ කාලය තුල ශ්‍රී ලංකා පිල දරුණු පසුබෑමකට ලක්වීය. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවීමෙන් පසුව අවසන් ලැයිස්තුවට හතුරුසිංහ ඇතුළත්ව සිටි අතර ඉදිරියෙන් පසුවූ සෙසු පුහුණුකරුවන් අතර ඔස්ට්‍රේලියාවේ ජේසන් ගිලස්පී සහ ඩීන් ජෝන්ස් ද වූහ.

හතුරුසිංහගේ රෙකමදාරුවට අනුව පසුගිය කාලයේ බංග්ලාදේශයේ පිතිකරුවන්ගේ උපදේශක ලෙස තිලාන් සමරවීර පත් කර තිබූ අතර ඔහු පසුගියදා ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස වැඩ බාර ගත්තේය.

දැන් පැවැත්වෙන ඉන්දීය සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග 2කට, එක්දින තරග 3කට හා විස්සයි20 තරගයකට ක්‍රීඩා කිරීමට බංග්ලාදේශයේ සංචාරයක නිරතවීමට නියමිතය.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0