පොතේ තිබුණු විදියට කිඹුලාගේ ඇස් දෙක තද කරලා, කිඹුලකුගේ ග්‍රහණයෙන් පැන ආ මිනිසා

පොතේ තිබුණු විදියට කිඹුලාගේ ඇස් දෙක තද කරලා, කිඹුලකුගේ ග්‍රහණයෙන් පැන ආ මිනිසා

තොටු‍පොළේ වතුරට බැහැලා ඉන්නකොට මට දැනුණා දණහිසට පහළින් කවුද තද කරලා අල්ලනවා වගේ. අතගාලා බලනකොට කිඹුලෙක් බව දැනගත්තා. මට මතක් වුණා රුපියල් විස්සකට පේමන

කසාදෙන් පස්සෙ අනුෂ්කා සීරෝ වෙයි
Deweni Inima Live in Concert
පිටකොටුවේ නාට්ටාමි තරුව එම්. ජී. ආර්.

තොටු‍පොළේ වතුරට බැහැලා ඉන්නකොට මට දැනුණා දණහිසට පහළින් කවුද තද කරලා අල්ලනවා වගේ. අතගාලා බලනකොට කිඹුලෙක් බව දැනගත්තා. මට මතක් වුණා රුපියල් විස්සකට පේමන්ට් එකෙන් ගෙනාපු ‍පොතක තිබුණු කිඹුලන්ගෙන් බේරෙන ක්‍රමයක්. ඒ අනුව මම මහපට ඇඟිලි දෙකෙන් කිඹුලාගේ ඇස් දෙක තද කරගෙන හිටියා. ටික වේලාවකින් කකුල බුරුල් වුණා. කැඩිච්ච කකුලත් ඇදගෙන බොහොම අමාරුවෙන් ගං ඉවුරට ඇදී ආවා.’

කිඹුලකුගේ ග්‍රහණයට හසුව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී කකුලක් අහිමිව දකුණු කොළඹ ශික්ෂණ රෝහ‍ලේ ප්‍රතිකාර ලබන කහ‍පොළ පදිංචි නීල් පෙරේරා මහතා තම බිහිසුණු අත්දැකීම අප වෙත පැවසුවේ ඒ අයුරිනි.

ඉකුත් 24දා රාත්‍රී 7.00ට පමණ බොල්ගොඩ ගඟේ කහ‍පොළ ඉඳිගහ තොටු‍පොළේදී මෙම මාරාන්තික මිනිස් කිඹුල් සටන සිදුවී තිබේ. ජීවිතය ජයගෙන ගං ඉවුරට පැමිණි ඔහු තම ජංගම දුරකථනයෙන් මිතුරකු අමතා නිවැසියන් දැනුවත් කර ඇත. ඒ අනුව තවත් මිතුරන් සිව්දෙනකු සමග එම ස්ථානයට ගිය ඔහුගේ පුතා වන නිරෝෂන් පෙරේරා සිද්ධිය විස්තර කළේ මේ අයුරිනි.

‘රෑ දහය හමාරට විතර අපි තොටු‍පොළට ගියා. කකුලෙන් ‍ලේ පෙරාගෙන තාත්තා බිම වාඩිවෙලා හිටියා. තාත්තා පණිවිඩය එවා තිබුණේ ඇඟිල්ලක් කැඩිලා කියලා. යාළුවකුගේ වාහනයක තාත්තා නංවාගෙන යන ගමන් 1990ට කතා කරලා ගිලන් රථයක් ගෙන්වාගෙන එමගින් කළුබෝවිල රෝහලට ආවා. ඒ වෙලාවේ වෛද්‍යවරු ගොඩක් ඇවිත් ප්‍රතිකාර කළා. පසුදින සැත්කමකටත් භාජනය කළා. නමුත් දැන් ප්‍රශ්නෙකට තියෙන්නේ කිඹුලන් ගැනයි. අපි නාන තොටු‍පොළවල මත්ස්‍යයන් ගානට කිඹුල් පැටව් ඉන්නවා. මේ ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.’

තවදුරටත් අදහස් පළ කරමින් අනතුරට පත් නීල් පෙරේරා මහතා මෙසේ පැවසීය.
‘ඉක්මනින්ම මට ප්‍රතිකාර ලැබුණු නිසා කකුල අහිමි වුණත් ජීවිතය බේරීම ගැන සතුටුයි. මට හිතෙනවා මේ වෛද්‍යවරු දෙවිවරුයි කියලා. මට මේකෙන් වීරයෙක් වෙන්නවත් ආධාරයක් ලබාගන්නවත් අවශ්‍ය නෑ. මේ තොටු‍පොළවල් ආශ්‍රිතව දහස් ගණනක් විවිධ රැකියාවල යෙදෙන අය ඉන්නවා. දැන් කහ‍පොළ හා ඉදිඟහ තොටු‍පොළ අසල කිඹුල්ලු දහස් ගණනක් සැරිසරනවා. කිඹුල්ලු මරන්න කියලා මම කියන්නේ නැහැ. නමුත් මිනිස් ජීවිත ආරක්ෂා වෙන්න ඕන. ඒ නිසා මේ තොටු‍පොළවල් ආශ්‍රිතව ආරක්ෂිත වැටවල් සකස් කර දෙන ලෙස මා ඉල්ලනවා.’

ඔහුගේ බිරිඳ වන රෝහිණී දිල්කා මහත්මිය පැවසුවේ මෙවන් අදහසකි.
‘මහත්තයාට මේ අනතුර සිදුවෙලා මාසයකට ආසන්නයි. මේ ගැන අදාළ අංශ කීපයකටම දැනුම් දුනන්ත් අද වනතුරු කිසිවෙක් මෙය විමසන්න ආවේ නෑ. අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ශීඝ්‍රයෙන් වැඩිවන කිඹුලන්ගෙන් සිදුවිය හැකි අනතුරු වළක්වන්න ස්ථිර වැඩපිළිවෙළක් යොදන්න කියලයි.’

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close