පුතෙක්ද දුවෙක්ද කියන දේ ‍නෙවෙයි නිරෝගී දරුවෙකුවයි අපිට ඕනි වුණෙ.

පුතෙක්ද දුවෙක්ද කියන දේ ‍නෙවෙයි නිරෝගී දරුවෙකුවයි අපිට ඕනි වුණෙ.

නදීශානි නිලුක්ෂි කියන්නේ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණු නිළියක් වුණත් ජනප්‍රිය වුණු චරිතයක්. විවාහයත් එක්ක ඇයව රංගනයෙන් දකින්න ලැබුණේ නැහැ. ඒ ආදරණිය පු

මගේ තාත්තා නැහැ.මට අවුරුදු 5ක් වෙද්දි මගේ තාත්තා නැතිවුණා.
රෑට ගෝනි බිල්ලා එනව නම්, එයා නිදා ගන්නෙ කීයට ද? කවු­රුත් කතා කරන දැන්වීමක්
පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට අභිමානවත් ජයග්‍රහණයක්

නදීශානි නිලුක්ෂි කියන්නේ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණු නිළියක් වුණත් ජනප්‍රිය වුණු චරිතයක්. විවාහයත් එක්ක ඇයව රංගනයෙන් දකින්න ලැබුණේ නැහැ. ඒ ආදරණිය පුතකුට අම්මා කෙනෙක් වුණු නිසා. ඇය ගැන අලුත් තොරතුරු මේ විදිහට පුවත්පතක සදහන් වී තිබුණා.

මොනවද අලුත් තොරතුරු?
කලාව පැත්තෙන් නම් කියන්න තරම් ලොකු දෙයක් නෑ. මොකද බබා ලැබුණට පස්සේ තවම කලාවේ රැඳෙන්න බැරි වුණා. දැන් නම් එයා ටිකක් ලොකුයි. ඉතින් ආයෙත් දැන් වැඩ පටන් ගන්න කාලෙ හරි කියලා හිතෙනවා.

කලාව දැන් මගහැරිලද?
කලාව මගහැරිලම කියලා කියන්නත් අමාරුයි. හැබැයි බබාගේ වැඩත් එක්ක ටිකක් විතර කලාව වෙනුවෙන් කැපවෙන්න බැරි වුණා. ලබන අවුරුද්දේ මුලම ආයෙත් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න ඕනි.

ළඟදී අලුත් නිර්මාණයකට එහෙම සම්බන්ධ වුණේ නැද්ද?
නිර්මාණවලට සහභාගි වුණා. එහෙම සහභාගි වුණු ටෙලි නාට්‍ය කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා. දැන්ම නම් වශයෙන් නම් කියන්න පුළුවන්කමක් නෑ. ඉස්සරහට ඒවා එකින් එක දැක ගන්න අවස්ථාව ලැබේවි.

දැන් ආරාධනා ලැබෙනවා අඩුයිද?
ආරාධනා නම් ලැබෙනවා ඉස්සර වගේම. මේ වෙනකොටත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලයි තියෙන්නේ. කලින් කීවා වගේ බබාගේ වැඩත් එක්කයි කලාව වෙනුවෙන් කැපවෙන්න බැරි වුණේ.

කොම්බිට තවත් ප්‍රතිචාර ලැබෙනවාද?
ඔව්. මට ඒ චරිතයට ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මම විවිධ විදියේ චරිත කරපු කෙනෙක්. ඒ විවිධ චරිත අතරේ කොම්බි කියන්නේ මට සුවිශේෂ චරිතයක්. ප්‍රේක්ෂකයෝ ගොඩක් මාව වැලඳ ගත්තා. ඒ හරහා කුඩා දරුවෝ පවා මට ඒ නමින් කතා කරපු අවස්ථා ලැබිලා තියෙනවා. මාත් ඒ චරිතෙට ගොඩක් ආදරේ කරනවා.

ඔබ වෘත්තිමය රංගන ශිල්පිනියක්ද?
වෘත්තිමය වශයෙන් රංගන ශිල්පිනියෙක්. ඒ විතරක් ‍නෙවෙයි නිරූපිකාවක් හැටියටයි මම ක්ෂේත්‍රයට ආවේ. ඒ වගේම නිවේදිකාවක් හැටියට රැඳෙන්නත් මට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙයි මම රංගනයට පිවිසුණේ. ඉතින් තවම මම රංගනය ගැන ඉගෙන ගන්නවා. ඒ අධ්‍යයනය තුළින් මම ඉදිරියට යන්නේ.

නිතර නොදකින නිසා ජනප්‍රියත්වය අඩුවෙයි කියලා හිතෙන් නැද්ද?
එහෙම හානියක් වෙනවා. නමුත් මාත් එක්ක හැමදාම රැඳුණු මට ආදරය කරන පිරිසක් ඉන්නවා. නිතර නිතර මූණපෙන්වන නිළියක් වෙනවට වඩා කලාතුරකින් හරි මිනිස්සු ආදරේ කරන චරිතයකට රංගනය ලබා දෙන්න පුළුවන් නම් ඒ දේ මට ගොඩක් වටිනවා. මම මතක හිටින චරිත කරලා තියෙනවා. ඒ නිසා මම ජනප්‍රියත්වය ගැන ලොකු පසුතැවීමක් නෑ.

දැන් බබාගේ දඟ වයස නේද?
මට පුතෙක් ඉන්නේ. ඉතින් හරිම දඟයි දැන්. ඒ වගේම හරි සුරතල්. දැන් මාස 10යි. එයාට එයාගේ බර්ත්ඩේ එකටත් ලෑස්ති වෙන්න ඕනි. බබා ලැබෙනකොට මම ගොඩක් මහතට හිටියා. දැන් ඉතින් එයාගෙ දඟ වැඩ නිසා එහෙට මෙහෙට දුවලම මගේ ඇඟත් කෙට්ටු වෙලා තියෙන්නේ. එයත් එක්ක ඉන්නකොට දවස ගෙවෙනවා දැනෙන්නෙ නෑ.

පුතෙකුටද ආසාවෙන් හිටියේ?
පුතෙක්ද දුවෙක්ද කියන දේ ‍නෙවෙයි නිරෝගී දරුවෙකුවයි අපිට ඕනි වුණෙ. ඉතින් නිරෝගී පුතෙක් දැන් අපිට ඉන්නවා. ඒ ගැන ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි.

අනාගතේ බබා කවුරු වෙනවා දකින්නද කැමැති?
මගේ නම් හීනේ මගේ පුතාව ක්‍රිකටර් කෙනෙක් කරන්න. අපේ තීරණයට වඩා දවසක එයා එයාගේ අනාගතේ ගැන ගන්න තීරණයට අපි ඉඩ දෙනවා. ගොඩක් අම්මලා දරුවන්ව ඩොක්ටර්ස්ලා ලෝයර්ස්ලා කරන්න හදද්දී මගේ හිතේ නම් අපේ පුතා ලංකාවේ දක්ෂ ක්‍රිකට් තරුවක් කරන එක.

බබාගේ වැඩ ටික ඔබ අතින්මද සිද්ධ වෙන්නෙ?
බබා නාවන තැන ඉඳලා ගොඩක් ආසාවෙන් මම එයාගේ හැම දෙයක්ම මගේ අතින්ම කරනවා. ඉස්සර නම් ඉතින් ටිකක් කම්මැලියි නැගිටින්න එහෙම. ඒත් දැන් බබා වෙනුවෙන් ගොඩක් දේවල් වෙනස් වෙලයි තියෙන්නේ. එයාගේ වැඩත් එක්ක එයා වෙනුවෙන් උපරිමව කැප වෙනවා. ඉතින් හැමෝගෙම සහයෝගයත් නිතරම මට ලැබෙනවා. හැම තැනකදීම.

මහත්තයාගේ සහයෝගයත් ලැබෙනවා ඇති නේද නිතරම?
ඇත්තටම මහත්තයා නම් විදේශගතවයි ඉන්නේ. ලැබෙන හැම අවස්ථාවේදීම එයා අපිට බලන්න එනවා. ළඟ ඉන්න නිතරම බැරි වුණත් මගේ ජීවිතේ මගපෙන්වන්නා හැටියට මම දකින්නේ මගේ මහත්තයාව. සමහර වැරදි තීරණ ගනිද්දී හරි දේ මොකක්ද කියලා මට කියලා දෙන්නෙ එයා. ඉතින් එයාගෙන් ඒ ලැබෙන සහයෝගය මට ලොකු ශක්තියක්.

වෘත්තිය පුද්ගලික ජීවිතේට ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා නැද්ද?
අපි කොච්චර වෘත්තීය වශයෙන් කාර්යබහුල වුණත් අපේ ජීවිත වෙනුවෙන් අපේ ආදරණීයන්ගේ ජීවිත වෙනුවෙන් ඕන තරම් වෙන් කරන්න කාලය අපි ළඟ තියෙනවා. ඉතින් වෘත්තිය නිසා පුද්ගලික ජීවිතේට ප්‍රශ්න ඇති වෙලා නෑ. මේ අන්ත දෙකම සමබරව පවත්වාගෙන යන්නයි නිතරම මම උත්සාහ ගන්නේ.

මහත්තයා කැමැතිද ඔබ දිගටම රඟපානවට?
මහත්තයා මට ආදරේ කළෙත් කොම්බි චරිතය නිසා. සල්ලිම ‍නෙවෙයි, අධ්‍යක්ෂවරයා, නළු නිළි පිරිස, පිටපත ගැන හොඳටම හොයලා බලලා නිර්මාණ තෝර ගන්නයි එයා මට කියලා තියෙන්නේ. අනවශ්‍ය කාර්යබහුලවීමක් ඔහු මගෙන් බලා‍පොරොත්තු වෙන්නෙ නෑ.

 අම්මා කෙනෙක්ගේ වගකීම ඔබට කොහොමද දැනෙන්නෙ?
මගේ ජීවිතේ ලස්සනම සහ අමතක නොවනම දිනය මම අම්මා කෙනෙක් වුණු දවස. ඉතින් අම්මා කෙනෙක්ගේ වගකීම මෙච්චරයි කියලා කියන්න අමාරුයි. මහත්තයත් ළඟ ‍නෙවෙයිනේ ඉන්නේ. එතැනදී මට තවත් වගකීම වැඩියි. ඉතින් අපේ ජීවිතේම අපේ දරුවා නිසා ඒ හැම වගකීමක්ම මගනොහැර ඉටු කරනවා.

අම්මා කෙනෙක් නිසා දැන් විලාසිතාවලට සීමා වැටිලද තියෙන්නෙ?
අලුත් අලුත් විලාසිතා කරන්න ගොඩක් කැමැති කෙනෙක් මම. විලාසිතා කියන්නේ ඇඳුම විතරක්ම ‍නෙවෙයි. පලඳින ආභරණ, සපත්තු, මේකප්, බෑග් මේ හැමදේම විලාසිතා. ඉතින් තැනට ගැළපෙන විදිහට විලාසිතා කරන්න මම ගොඩක් කැමැතියි. තමන්ට ගැළපෙන විදිහට හැමෝම ලස්සනට ඉන්නවා දකින්නයි මට ඕනි. හැමෝ කැමැතියිනේ කෙනෙක් දෙපාරක් අපි දිහා හැරිලා බලනවට…

ලස්සන ගැනත් ගොඩක් හිතනවා ඇති නේද?
ලස්සන කියලා ලොකු දෙයක් මම බලා‍පොරොත්තු වෙන්නෙ නෑ. අපි හිතන පතන විදිහ සහ අපේ හදවත ලස්සනයි නම් පිරිසිදුයි නම් ඒක අපේ මුහුණෙනුත් පේනවා. ‍පොඩි ‍පොඩි දේවල් කරනවා මාත්. පිළිවෙළ ගැන හිතන කෙනෙක් විදිහට බබාගේ වැඩත් එක්ක ලස්සනට ඉන්නත් මම කාලය වෙන් කරලයි තියෙන්නේ.

ඔබත් එක්කම ක්ෂේත්‍රයට ආපු පිරිස ගැන ඔබට මොකද හිතෙන්නෙ?
මට ඇත්තටම ගොඩක් සතුටුයි රිතූ. ධනංජි අපි එකට මෙතැනට ආවේ. ඉතින් මට හරි සතුටුයි. ඔවුන් ගැන මාත් එයාලගේ නිර්මාණ රසවිඳිනවා. එයාලා ගොඩක් දක්ෂයි. මටත් ඉතින් විවිධ විවිධ චරිත ලැබුණා. ඒ චරිත හරහා මාත් තැනකට ආවා. රූප රචනා, වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය, චිත්‍රපට හරහා මම විවිධ චරිත තුළ මගේ රංගනය දියුණු කරගත්තා. ඒ අතරේ වරිග ‍පොජ්ජ චිත්‍රපටයේ චරිතය ගොඩක් වෙනස් චරිතයක් වුණා.

මොනවද ඉදිරි වැඩකටයුතු?
ලබන අවුරුද්දේ ඉඳන් වැඩ පටන් ගන්නවා ආයෙත්. ඇත්තටම නිර්මාණ කිහිපයක් කරලා තියෙනවා. රූප රචනා සඳහා නම් ලොකු දායකත්වයක් දක්වන්න බලා‍පොරොත්තුවක් නෑ. මම මට ආදරේ කරන හැමෝටම ගොඩාක් ආදරෙයි. ඉක්මනටම ආයෙත් මාව දැක ගන්න හැකියාව ලැබේවි.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close